
මවක් වීම විවාහක සෑම කාන්තාවකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන් කාන්තාවකට මවක් වීමට ගත වන කාලය වෙනස් වේ. මවක් වීමට ප්‍රමාදවීම ඔබේ පසුතැවිල්ලට හේතු වනවා මෙන්ම, ඔබේ පවුලේ නෑදෑ හිත මිතුරන්ගේත් කතා බහට ලක් වෙයි. මෙය ඔබට මහත් මානසික පීඩනයක් වන්නට පුළුවන්. නමුත් එයින් සැලෙන්නට එපා. පහත උපදෙස් පිළිපැද බලන්න...
මතක තබා ගන්න, මවු පදවිය ඉක්මනින් ලබා ගැනීමට යන්තර මන්තරයක් හෝ වේගවත් කරන බෙහෙතක් නැත. ඔබට කල හැකි එකම දෙය ඒ සඳහා සුදුසු කායික හා මානසික තත්වය ලඟා කර ගැනීමයි. පහත ක්‍රම ඔබගේ ගැබ් ගැනීමට ධනාත්මකව බලපානු ඇත.
* වෛද්‍ය පරික්ෂණයක් කරන්න
දරු පිළිසිඳ ගැනීම පිළිබඳ ඔබට ගැටලුවක් තිබුනත් නැතත්, ඔබ මවක් වීමට සුදානම් වීමට පෙර වෛද්‍ය පරිකෂනයක් කිරිමෙන් ඔබ එයට සුදුසු අවස්ථාවක සිටින්නේදැයි නිවැරදිව තීරණය කල හැක. විශේෂයෙන්ම ඔබේ ගර්භාෂය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු තිබේදැයි ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබද සාකච්චා කර අවශ්‍ය උපදෙස්, විටමින් වර්ග මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ල ගැනීමෙන් ගැබ් ගැනීම පහසු කර ගත හැකි සේම, ගබ්සා වීම් වලක්වා ගත හැක.

විවාහප්‍රාප්ත තරුණියක් ලෙස ඔබේ ඊළඟ පැතුම දරු සම්පතක් හිමි කර ගැනීමයි. නමුත් අප සමාජයේ බොහොමයක් තරුණ තරුණියන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලබන නිසා ඔවුන් තම ගැබ් ගැනීම ඇත්තේ අඩු අවබෝධයක්. ඒ අතර අපට නිතරම අසන්නට ලැබෙන ගැටළුවක් වන්නේ ගැබ් ගැනීමකට සුදුසුම කාලය කුමක්ද යන්නයි. අද අපි ඒ පිලිබඳ විමසා බලමු.
ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
මෙහිදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ සාඑල්‍යතාව උපරිම වන දිනයන් ලෙස සැලකෙන පහත දිනයන්ට අමතරව අනෙකුත් දිනයන්ගේද ගැබ් ගැනීමක් ඇති වීමට ඉඩ තිබෙන බවයි. එනිසා ඔබ නුදුරු අනාගතයේ දරු උපතක් සැලසුම් නොකරයි නම් උපරිම සාඑල්‍යතාව ඇති දිනවල පමණක් නොව සියලුම අවස්ථාවල නිවැරදි උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න. නමුත් ඔබ නුදුරු අනාගතයේ ගැබ් ගැනීමක් පතනවානම්, සාමාන්‍ය පරිදි ලිංගික හැසිරීම්වල යෙදීම සුදුසුය.