WATCH Live CRICKET Select A Channel
27 June 2025
21 January 2021
දිනක් විත්ති කූඩුවේ සිටි
#දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..
විනිසුරු - ඔබ දන්නවාද ඔබට එදිරිව ඔබේ ස්වාමිපුරුෂයා විසින් දික්කසාද නඩුවක් ගොනු කල ඇති බව..
තරුණ බිරිය- එසේමයි සුවාමීනී..
විනිසුරු - මෙහි ගොනු කොට ඇති කරුණු වලට තමා වැරදි කරුද නිවැරදි කරුද ..
තරුණ බිරිය - වරදකරු ස්වාමීනී..
විනිසුරු - අනාචාරයේ හැසිරීම සහ ද්වේශ සහගත අතහැරයාම පිලිබදව ඔබේ අදහස් දක්වන්න..
තරුණ බිරිය -
ස්වාමීනී ,
මෙහි පැමිණිලි කරු නොහොත් මගේ ස්වාමිපුරුෂයා මට මුන ගැසුනේ මන් අවුරුදු 23දී පෞද්ගලික රැකියා ස්ථානයකදී, අවුරුදු දෙකක ප්‍රේම සම්බන්යකින් අනතුරුව අප විවාහ උනා, ඉන් පස්සෙ අපි හදා ගත්තු ගෙදරක අපි පදිංචියට ගියා,,
බැදලා අවුරුද්දක් යනකොට අපිට දරුවෙක් ලැබුනා ,,
එයා කොහොමත් මන් ගැන එච්චර වගක් නෑ,
හැමෝම වගේ මන් උයන දේවල් රහ කර කර කෑවා,
ඒත් එයාට හැමදාම උයන එකේ අඩුපාඩු හෙව්වා, එක්කො ලුණු මදි,වැඩි කිරි මදි, මිරිස් වැඩි ඒ වගේ නොයෙකුත් දේවල්,,
ගෙවල් දොරවල් ලස්සනට අස් පස් කලත් ,මල් වැවුවත් ඒ වගෙත් එයාට ඇදක් පලුද්දක් හෙව්වා, එක්කො වැලි හරි පෑගෙනවා කිව්වා,
දරුවා කොච්චර හැඩට ලස්සනට තිබ්බත් මොකද මූ නාවර පෙරාගෙන කියලා අහනව මිසක් කිසිම වෙලාවක ළමයා ගැන හොයලා බැලුවෙ නෑ,,
මන් කොච්චර ලස්සනට ඇදලා කරලා හිටියත් මොකද ඕයි තමුසෙගෙ හැටි අම්මේ ඒකට අපේ ඔෆිස් එකේ ඉන්න ගෑනු බලපන්කො ඇවිත් කියනවා,,
මොකකට හරි වියදමට කීයක් හරි ඉල්ලුවාම ගිය සතියෙත් ඕව ගත්තා නේද ඉවරද අහනවා,,
බිල් ගෙනෙන් හැම එකකම , වියදම් අඩු කරපන් කියනවා, ඉතින් මන් මගේ දේවල් වලට මදි පාඩු උනාම මගේ සහෝදරයන් ගෙන් හරි අම්මගෙන් හරි පිරිමහ ගන්නවා,
කොච්චර පිරිමහල වැඩ කලත් එයා දැක්කෙ මගේ වියදම් පැත්තම විතරයි ,
ස්වාමීනී මට ඕන කලේ එයා එක්ක තුරුලු වෙලා දවසෙ දේවල් කතා කරන්න එක පැයක් එයාගෙන් ,ඒත් ගෙට ගොඩ වෙන්නෙ මහන්සි කියාගෙන ,
පැයක් විතර නාලා ,කාලා ෆෝන් එක ඔබල පැයක් විතර මන් වැඩ ඔක්කොම ඉවර වෙලා එනකොට එයා නිදි,,
මට කතා කරන්න කෙනෙක් නෑ ,හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ, හදිස්සියේවත් දවල්ට වත් කෝල් එකක් අරන් මන් ඇහුවත් කෑවද කියලවත් අනේ මේහ් තියෙනවා අයිසේ මට වැඩ තියෙනවා අනික මන් ගෙදර එනව නේ කියනවා,,
මගේ යාලුවෝ එක එක තැන්වල යනවා නිවාඩු දවසට ගිහින් කාල බීලා ෆොටෝ අරන් හරි උජාරුවෙන් ඒ ගැන පෙන්න පෙන්න කතා කරනවා,,
මගෙන් ඇහුවම ට්‍රිප් එකක්වත් යන්නෙ නැත්ද කියලා මන් දෙන උත්තරේ එයාට නිවාඩු නෑ කියලා,,අම්මෝ මෙයාගෙ මනුස්සයා බිස්නස්මන් කෙනෙක් වෙන්න ඇති ඒකනෙ මේ තරම් බිසී කියලා උන් හිනා වෙනවා,,
ඒ තියා අම්මලව ඉදල හිටල බලන්න යන් කිව්වත් තමුසෙ ගිහින් එනවා මට ඕවට වෙලාව නෑ කියලා එයාගෙ ගමන් යනවා,,
අම්මල පවා හැමදාම එයාව අහනකොට බොරු උත්තර දෙනවා,,
කවදාවත් අපේ විසේස දවස්, මගේ උපන්දිනයක් මතක නෑ,,කවුරු හරි ඒකට සුබ පතපුවාම අහ් අද තමුසෙගෙ උපන්දිනේ ද අහනවා,ඒකට කවදාවත් මට තෑග්ගක් හම්බ වෙලා නෑ,,
ළමයගෙ මොන්ටිසෝරියේ පේරන්ට් මීටින් වලට ගියේ මන් තනියම ,ලමයට මට පවා ලෙඩක් දුකක් අසනීපයක් උනාම මන් බෙහෙත් ගන්න ගියේ තනියම,මට රෑකට අසනීපයක් හැදුනම පවා පැනඩෝල් පෙත්තක් දෙන්නවත් එයා නැගිට්ටෙ නෑ,,
මට දුක ස්වාමීනී යාලුවෙලා ඉන්නකොට මේ ගැන දැනුනෙ නැති එක ,එතකොට අඩු පාඩු දැනුනත් එයාට ගොඩක් ආදරේ කලා මන් බැන්දම හරි යයි කියලා මන් හිතුවේ..
විනිසුරු - එතකොට මේ අනියම් සම්බන්ධය ගැන ඔබට මොනාද ප්‍රකාශ කරන්න තියෙන්නෙ..
තරුණ බිරිය-
එහෙමයි ස්වාමීනී ,මන් ඒකට අනියම් කියන්න කැමති නෑ,ඒකයි නියම සම්බන්ධ කම, මිනිස්සු ඒකට එහෙම කිව්වට ,මන් වෙනුවෙන් එයාට වෙන් කරන්න කාලෙ තිබ්බා, ඕන රෑක ඕන වෙලාවක කතා කරොත් එයා ඇවිල්ලා මගේ වැඩේ කරලා දුන්නා,,
කොහේ ගියත් මන් වෙනුවෙන් මගේ හෑන්ඩ් බෑග් එක උස්සන් ඉන්න,ළමයව වඩන් ඉන්න ,මන් කියන දෙයක් ඕනම වෙලාවක් අහන් ඉන්න,ඕනම තැනක යන්න,සමහර විට වැඩත් එක්ක එකම වැඩේට දෙපාරක් තුන් පාරක් ගිය වෙලාවට පවා මුකුත්ම නොකියා එන්න,,
බඩගින්නට කෑමක් උනත් අරන් එන්න,කවදාවත් අරය කතා නොකරපු ආදර නම් වලින් මට කතා කරන්න,මගේ උපන්දිනේ ට චූටිම දේකින් පවා මාව පුදුම කරන්න එයාට පුලුවන් උනා,ඔව් වැරදි මන් ගොඩ කාලෙකින් නොලැබුණු ආදරනීයම පහසක් ලබන්න පවා මන් දෙපාරක් හිතුවෙ නෑ, වැඩේ කරන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එයාගෙයි මෙයාගෙයි මන් ලොකූ වෙනසක් දැක්කා,මට හිතුනෙම මෙයා මගේ පෙම්වතා කියලා,,
මගේ හැමදේකම එයා හොදක් දැක්කා,එයාට මන් කොච්චර කැත උනත් මාව ලස්සනට දැක්ක,මට වගේම දරුවටත් එක වගේම ආදරේ කලා,මගේ වැරදි අඩු පාඩු හදන් මාත් එක්කම හිටියා,තරහ උනත් ඉද හිටක ආයෙම ටිකකින් මුකුත්ම නොවුන ගානට කතා කලා,එයා මාව බලන්න හොරෙන් ආවෙ උනාට යනකොට මගේ නලලත ඉඹලා පරිස්සමෙන් සුදු නෝනා කියලා ගියා,මන් වගේම මගේ දරුවත් එයාට ආදරේ කලා,,
මගේ ස්වාමිපුරුෂයා මේක දකිනකොට පවා මෙයා ළමයවත් වඩාගෙන අපි අයිස් ක්‍රීම් කකා පාරෙ ඇවිදිනවා,
ස්වාමීනී ,ගෑනු ආදරේ විදියට දකින්නෙ,පුංචිම පුංචි අගය කිරීමක, එයාට දෙන කාලය ගැන, එයා වෙනුවෙන් කරන පුංචි දේවල් වල,ඒවා ගොඩක් ලොකු වෙන්න ඕන නෑ,,
රට්ටු මට වේස ගෑනි කියයි, නොයෙකුත් කතා කියයි ඒත් මට නොලැබුණු සෙනෙහස වෙන තැනකින් හෙව්ව මන් වැරදි ඇති,ඒත් මන් මානුෂික අතින් හරි අසරණ උනා,එයා දැනට උනත් මේ ප්‍රශ්න වලින් පලා ගිහින් නෑ,එලියෙ ඉන්නවා මන් එනකල්, මට කොහොමත් මේ කොලේ බැදීමට වඩා ඒ හදවතේ බැදීම වටිනවා ,ඔබ වහන්සේ මට දික්කසාදය දෙන්න මන් ඒකට කැමති රට්ටු මොනා කිව්වත් එයාලත් එක්ක නෙවෙයි මන් ඉන්නේ, එක මොහොතක් මන් කෑවද බීවද නාහා හිටපු අය ,මන් වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්ත එක හෙව්වා,මට එයාලගෙ කතා නම් වැඩක් නෑ ස්වාමීනී ,,
එසේ කියද්දි පැමිණිලි කූඩුවේ සිටි ස්වාමිපුරුෂයා ලැජ්ජාවෙන් බිම බලා සිටියා,විනිසුරුකරු නිරුත්තව මේසය දෙස බලා යමක් සටහන් කරමින් සිටියා,තරුණ බිරිය ඇස් අග කදුලක් පිස දමා සිය මෑණියන් අතේ සිටි දරුවා දෙස බලා දිග සුසුමක් පිට කර හැරියා..
(මේ දවසකට වෙන කතා අතුරෙන් එකම එක කතාවක් පමණයි,කෙනෙකුට කතා හදන්න පෙර ඔවුන්ගේ ජීවිත කතාව කියවා සිටින්න,මොකද හරිම කතාව දන්නේ ඔවුන් පමණක්ම නිසා)
තෙරුවන් සරණයි 🙏
Credit goes: MoආnA🌸🖤
Cpd!
18 December 2014
එයා දැන් ලොකු ළමයෙක් දෙමව්පියනි ඔබේ දියණිය ගැන විමසිලිමත් වන්න.

- මල්වර සඳහා ආයුර්වේද ග‍්‍රන්ථ වල විවිධ නාම දක්වයි. රාජෝ දර්ශන, පුෂ්ප දර්ශන යන වචන මේ අතර වේ.
- මල්වරය පුෂ්පයක් පිපීමට සම කරන ආචාර්යවරු ඒ සඳහා ස්වභාව ධර්මයෙන් උදාහරණ ගෙන හැර පෙන්වයි. මෙහිදී දියණියන් කුඩා පැළැයකට උපමා කරන අතර පැළෑටියක් නියමිත වර්ධනය එළැඹෙන තෙක් මල් හට නොගන්නා ලෙස දැරියකට නියමිත වයසකට එක තෙක් ‘‘පුෂ්ප දර්ශනය’’ හෙවත් මල්වරය සිදුනොවේ. මේ සඳහා ආයුර්වේදයේ සඳහන් වන වයස අවුරුදු 12 කි. කාශ්‍යප ආචාර්යවරයා මල්වරය සඳහා සාමාන්‍ය පිළිගැනෙන උපරිම වයස් සීමාව දක්වා ඇත්තෙ
- වයස අවුරුදු 16ක්ය. තවත් ආචාර්යවරයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 12- 14 වයස් සීමාවේදී යුවතියක් වැඩිවිය පැමිණිය යුතු වයස ලෙස පිළිගනී. මල්වර වීම අවුරුදු 16කට වඩා ප‍්‍රමාද වේ නම් සොයා බැලිය යුතු කරුණක් ලෙස දක්වා ඇත.
- අවුරුදු 11ටත් වඩා අඩු වයසින් වැඩිවිය පැමිණිම අද බහුලවම දක්නට ලැබෙන තත්ත්වයකි. එය ඉතා භයානක අවස්ථාවක් නොවේ. නමුත් දැරියක නිසි වයස එළැඹිමට ප‍්‍රථම මල්වර සිදුවීම තුළින් ඇයට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොතිබීම ගැටලූ සහගත වීමට ඉඩ ඇත. පෞද්ගලිකව සනීපාරක්‍ෂාව රැුකගැනීම මෙහි ප‍්‍රධාන කාරණයයි. මෙය රෝගයක් හෝ අස්වාභාවික තත්ත්වයක් නොවන බව වටහා දීමට මව විසින් එවැනි දැරියන් දැනුවත් කළ යුතුය.
- ශරීර වර්ධනය, ජානමය සම්බන්ධතා, පෝෂණ, විවිධ රෝග තත්ත්වයන් නිසා ස්වාභාවිකවම මල්වරය ප‍්‍රමාද වේ. එහිදී දියණියන් වැඩිවිය පැමිණිම සම්බන්ධ අනෙකුත් ලක්‍ෂණ එනම් පියයුරු වල වැඞීම, කිහිළි ආදිය ආශ‍්‍රිත රෝම වර්ධනය පවතී නම් ගැටලූ සහගත තත්ත්වයක් විය නොහැකිය.
- නමුත් ඉතා කලාතුරකින් උපතින්ම ගර්භාෂගත හා ඒ ආශ‍්‍රිතව ඩිම්බකෝෂ ආදියේ වර්ධනය නොවීම ආදි හේතු නිසාද මල්වරය ප‍්‍රමාද විය හැකිය. එබැවින් ප‍්‍රමාද වීමේදී වෛද්‍ය උපදෙස් පැතීම ඉතාම වැදගත් වේ.
- මෙහිදී 95%ක්ම ප‍්‍රමාදයට හේතුව පෝෂණය හා හෝමෝන ක‍්‍රියාකාරීත්වයේ අඩුපාඩු හා රෝග තත්ත්වයන් නම් නිවැරදිව වටහාගෙන නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉතා පහසුවෙන් තත්ත්වය සමනය කළ හැකිය. එදිනෙදා ගත යුතු ආහාරපාන මෙන්ම වැළකිය යුතු ආහාරපානද ඒ මගින් හෝමෝන මට්ටම ක‍්‍රමානුකූලව කරන අන්දම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ පැහැදිළිව දක්වා ඇත.
- මෙහිදී එක් එක් පළාත් වලට ආවේණික වූ සිරිත් විරිත් පවතී. එම චාරිත‍්‍ර වල සුළු සුළු වෙනස්කම් පවතී. නමුත් පොදු කරුණූ ලෙස, දැරිය ආගන්තුකයන්ගෙන් වෙන්කර තැබීම, සුභ වේලාවක ස්නානය, තැගි බෝග, අලූත් ඇªම් පැළªම් ලබාදීම ආදිය පොදු චාරිත‍්‍රයක් ලෙස සැළකේ. මෙබදු විශේෂත්වයක් මෙම අවස්ථාවේදී ලබා දීමෙන් වැඩිවිය පැමිණිම පිළිබඳව අදහසක් ඇය තුළ තහවුරු වේ. මෙයින් පසු මතු ඉදිරි ජීවිතය සියලූ ක‍්‍රියාකාරකම් වගකිම් සහගත නෑ හිතවතුන්ගෙන් ලැබෙන අවවාද ඇයගේ මානසික පරිවර්තනය සඳහා ම`ග පෙන්වයි. එමෙන්ම අධික තෙල් ආදිය නොයෙ¥ ආහාරද ඔසප් ආරම්භයත් සම`ග වන සුළු අපහසුතා දුරු කිරීමට උදව් වේ.
- ඇය ශරීරයෙන් පිරිපුන් ගතියක් පෙන්නුම් කරන්නේ නම් අධික ලෙස කිරි, මස් භාවිතය අඩු කළ යුතුය. අධික ප්‍රෝටීනමය ආහාර නිසා වැඩිවිය පැමිණීම අඩු වයසින් සිදුකළ හැකිය. විශේෂයෙන්ම මස් සඳහාම ඇති කරන කුකුළන්ගේ මස් දියණියන්ගේ හෝමෝන ඝ‍්‍රාවයට බලපෑම් ඇති කළ හැකි බව සොයාගෙන ඇත.
- සාමාන්‍ය සිරුරක් නම් දිනපතා හොඳ පෝෂණයක්, සමබල ආහාර වේලක් ලබාදීම සිදුකළ යුතුය. උදෑසනම කොළකැඳ හෝ එළකිරි පානය සුදුසුය. හාතවාරිය, ඉරමුසු, ගොටුකොළ ආදියේ කැඳ මේ කාලයට විශේෂිතය. පාන් හා පිටි ආහාර වෙනුවට මුංඇට, කඩල, කව්පි හා උª යොදා පිළියෙල කළ ආහාර ලබාදෙන්න. ඇයගේ උසට සරිලන බර පවත්වා ගැනීම සඳහා නිසි පෝෂණය ලබාදීම මෙහිදී වැදගත් වන බව මතක තබා ගන්න.
ආබාධිත දරුවකු සිටින මවුපියවරුන් මුහුණ දෙන අභියෝග

- මෙහිදී ආබාධිත කියන්නෙ ශ‍්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත, අංගවිකල දරුවන් පමණක් නොවෙයි. මොළයේ වතුර පිරීම Hydrocephalus නම් තත්ත්වය ඇතුළු තවත් විවිධ හේතු නිසා උපතින්ම ඇති විය හැකි සෙරිබ‍්‍රල් පෝල්සි Cerebral Palsy නම් රෝග තත්ත්වය නිසා බුද්ධි මට්ටම අඩුවීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වීම Children With Special Needs මන්දමානසික වීම, ඔටිසම් Autism රෝගය පැවැතීම යන මේ හැම දෙයක්ම ආබාධිත තත්ත්වයන් ලෙස හඳුන්වන්න පුළුවන්.
- මෙහිදී සෙරිබ‍්‍රල් පෝල්සි රෝගය සහිත දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ මන්දමානසික දරුවන්, බුද්ධි මට්ටමින් අඩු වන මුත් මෙහි දැක්වූ අනෙකුත් සියලූම ආබාධිත දරුවන් සාමාන්‍ය සහ සාමාන්‍ය දරුවන්ටත් වඩා උසස් බුද්ධි මට්ටමකින් High I.Q. Level යුතු අය විය හැකියි. උදාහරණයක් විදිහට ඔටිසම් රෝගය ඇති දරුවන්ගේ භාෂා වර්ධනයක් නෑ. ඔවුන් කතා කරන්නෙත් නෑ. අනෙක් අයගේ කිසිදු කි‍්‍රයාවක් හමුවේ කුමන ආකාරයකටවත් ප‍්‍රතිචාර දක්වන්නෙත් නෑ. නමුත් බොහෝ විට කුමක් හෝ එක දෙයක් අතින් ඉතා ඉහළ බුද්ධි මට්ටමකින් යුතු වීමට බොහෝ අවකාශ තිබෙනවා.
- ඔටිසම් රෝග කාණ්ඩයටම අයත් ඇස්පර්ජර් රෝගය Asperger’s Syndrome ඇති දරුවන්ගේත් කුඩා කල භාෂා කුසලතාවය ඉතා අඩුයි. අනෙක් අය සමග සමාජ සම්බන්ධතා පැවැත්වීමක් නෑ. නමුත් ඔවුන්ගේ බුද්ධි මට්ටම එක් දෙයක් කෙරෙහී ඉතා ඉහළ තත්ත්වයකින් තිබිය හැකියි. ඇස්පර්ජර් රෝගයත් ආබාධිත තත්ත්වයක් ලෙස සළකන්න පුළුවන්.
- ඇල්බට් අයින්ස්ටයින්, අයිසෙක් නිව්ටන්, බිතෝවන් වැනි අය පවා ඇස්පර්ජර් රෝගීන් බව සනාථ වී තිබෙනවා. මේ තුන්දෙනාටම කුඩා කල සහජ කුසලතාවයක්වත්, ඉගෙනීම සඳහා කිසිදු දක්‍ෂතාවයක්වත් නොතිබූ අතර එ් නිසා ගුරුවරුන් ඔවුන් කුඩා කල පාසලෙන් නෙරපා හැර තිබෙනවා.
- නමුත් ඔවුන් පසුව අලූත් සොයා ගැනීම් කර ලෝක පූජිත තත්ත්වයට පත්වුණා. ඔටිසම් සහ ඇස්පර්ජර් රෝගී දරුවන් ආබාධිත ගණයට අයත් වුවත් කුමක් හෝ දක්‍ෂතාවයක් ඔවුන් තුළ තිබෙනවා. එය තේරුම් ගෙන එ් අංශය ඔස්සේ ඔවුන් ඉහළට යැවීම තුළින් නොසිතන තරමේ දුරකට ඔවුනට යන්න පුළුවන්.
- කෙසේ වුවත් මේ කුමන ආකාරයේ ආබාධිත දරුවකු ලැබුණත්, මවුපියන්ට එය විශාල වේදනාවක්. ‘නමුත් මේ ළමයා වැඩක් නෑ… එයා සාමාන්‍ය පුරවැසියෙක් කරන්න බෑ’ කියලා පැත්තකට කිරීම නම් කිසිසේත්ම නොකළ යුතුයි. හේතුව ආබාධිත දරුවන් දැන් සාමාන්‍ය පුරවැසියන් ලෙස සමාජගත කිරීමට හැකියාවක් තිබීමයි. මේ තත්ත්වය දැන් අපේ රටේත් බොහෝ දුරට පවතිනවා.
- නමුත් අපේ රටේ දුර බැහැර පළාත්වල වැසියන් මෙන්ම සමහර නාගරිකයනුත් මෙවැනි ආබාධිත දරුවකු ලැබීම අපලයක් විදිහට සළකනවා. එ් වගේම එබඳු දරුවන් පවුලේ කිසිම දේකට සම්බන්ධ කර නොගෙන ගෙයි මුල්ලට කර සෙසු අයගෙන් වසන් කර ජීවත් වන මවුපියවරුනුත් ඉන්නවා. මේ දරුවන්ගෙන් වැඩක් නෑ කියලා ඔවුන් හිතන්නේ. එ් දරුවන්ට කිසිවකු ඇසුරු කරන්න ඉඩක් දෙන්නෙවත්, පාසල් යවන්නෙ වත් නැති මවුපියවරුනුත් දුර්ලභ නෑ. නමුත් මේක ඉතාම වැරදි සහගත තත්ත්වයක්… ආදර්ශයක්.
- බොහෝ විට දෙමාපියන් ආබාධිත දරුවකු ලැබුණු විට දැඩි මානසික ආතතියකට, දුකකට පත්වන බව ඇත්ත. නමුත් සෙසු දරුවන්ට සාපේක්‍ෂව මේ දරුවා අසාමාන්‍ය වීම හා විශේෂිත කෙනෙක් වීම මෙන්ම එවැනි දරුවකු ලැබීම ගැන දෙමාපියන් බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බව දරුවාට දැන ගන්නට හැරීම එම දරුවාගේ පෞරුෂ වර්ධනයට ඉතා අහිතකරයි. මේ නිසා එ් දරුවා අකීකරු, ප‍්‍රචණ්ඩ අයකු බවට පත්වීම හෝ සෙසු හැමදෙනාගෙන්ම කොන් වී මුළුගැන්වුණු අයකු බවට පත්වීම මෙන්ම තමන්ගේ වයසේ ප‍්‍රමාණයට නොසරිලන අඩු හැසිරීම් රටාවක් (එනම් අවුරුදු දහයක දරුවකු අවුරුදු තුන හතරක දරුවකු මෙන් හැසිරීම වැනි Regressive Behaviour පළකිරීම සිදුවිය හැකියි. එ් නිසා හැමවිටම තම ආබාධිත දරුවා සාමාන්‍ය හා සම්පූර්ණ දරුවකු ලෙසින් මවුපියන් මෙන්ම පවුලේ හැමදෙනාම පිළිගන්නා බව දරුවාට එ්ත්තු ගැන්විය යුතුයි.
- ආබාධිත දරුවකුගේ පෞරුෂ වර්ධනයට ඉතා වැදගත් දෙයක් තමයි එ් දරුවාගේ සුළු හෝ කුසලතාවයක්, වර්ධන හැකියාවක් දකින විට හැම දෙනාම ඉදිරියේ දරුවාව අගය කිරීම. නිදසුනක් ලෙස ආබාධිත දරුවකු එ් ආබාධිත බව අභිබවා යමින් තමාට කළ නොහැකි වන විදිහේ සුළු දෙයක් කළත් ප‍්‍රශංසා කිරීම, තෑග්ගක් පිරිනැමීම වැනි දෙයක් දැක්විය හැකියි.
- එමගින් දරුවා තුළ ආත්ම විශ්වාසයක් ඇතිවන අතර පෞරුෂ වර්ධනයට එය ඉතා යහපත් ලෙස බලපානවා. එ් දරුවා කිසිවක් කරකියා ගන්නට බැරි දරුවකු ලෙස එ්ත්තු ගැන්වීම තුළින් සිදුවන්නෙ දරුවා තවත් පසුගාමී වී මානසික, කායික හා පෞරුෂ වර්ධනය තව තවත් ආපස්සට යෑමයි.
- තමන්ගේ දරුවා ආබාධිත බව මුලින්ම අවබෝධ කරගත් පසු කළ යුත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට දරුවා පෙන්වීමයි. එවිට එ් තත්ත්වය වෛද්‍යවරයා හඳුනාගෙන එය තමාට අයත් නොවන දෙයක් බව වටහා ගත්තොත් මනෝ වෛද්‍යවරයකු වෙත හෝ රක්තවේද හා පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍යවරයකු Rheumatologist and Rehabilitation Specialistවෙත යොමු කරන ලෙස උපදෙස් දේවි. එහෙමත් නැත්නම් විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු Orthopaedic Surgeonවෙත යොමු කළ යුතු නම් එ් ගැන ඔබට දන්වාවී. මේ ආකාරයට සුදුසු වෛද්‍යවරයකු හමුවීමෙන් දරුවාගේ දුබලතාවය හඳුනාගෙන ප‍්‍රතිකාර මගින් එය අවම කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
- මෙහිදී මනෝ වෛද්‍යවරුන් ඖෂධ ප‍්‍ර‍්‍රතිකාරවලට අමතරව දරුවාගේ හැසිරීවල වෙනස්කම් ඇති කිරීම සඳහා විශේෂිත චර්යාත්මක ප‍්‍රතිකාරද ලබා දෙනවා. විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් සඳහා විශේෂිත ඉගැන්වීම් ක‍්‍රම ළමා මනෝ විද්‍යාව යටතේ දැන් ගුරුවරුන් පුහුණු කරන විද්‍යා පීඨවලද බොහෝ විටම උගන්වනු ලබනවා. එ් වගේම එ්.එම්.අයි. මොන්ටිසෝරි පාඨමාලාවටත් මේ විෂය ඇතුළත්.
- අපේ රටේ මහ රෝහල්වල මෙන්ම සමහර මූලික රෝහල්වලත් වෘත්තීය චිකිත්සකවරුන් Occupational Therapist සිටින බව බොහෝ දෙමාපියන් දන්නෙ නෑ. දැනගෙන හිටියත් එවැනි අය කරන්නේ මොනවාද කියලා නොදන්න අයත් සුලබයි. ආබාධිත දරුවන් ඖෂධවලින් තොරව චර්යාවන් හා ව්‍යායාම මගින් එම දරුවාගේ දුබලතාවය අවම කිරීමේ විශේෂිත පුහුණුවක් වෘත්තීය චිකිත්සකවරුන් ලබා තිබෙනවා. එ් අනුව ආබාධිත දරුවා තුළ ඇති හැකියාවන් හඳුනාගෙන එ් ඔස්සේ දරුවා හුරු කිරීම තුළින් අනාගතයේ දරුවාට එ් සම්බන්ධ වෘත්තීයක නියැලීමේ හැකියාව ඇති කරන්නට පුළුවන්. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු හරහා වෘත්තීය චිකිත්සකවරයකු වෙත යොමු විය හැකියි.
- අංගවිකල මෙන්ම ඔටිසම් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යන මේ ඕනෑම ආකාරයක ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වෘත්තීය චිකිත්සකවරයකුගේ සේවය ලබාගන්න පුළුවන්. එ් ඔස්සේ එම දරුවාට තමන්ගේ ආබාධය මැඩගෙන යහපත් අනාගතයක් සකස් කරගන්නට මාවතක් විවර කරගත හැකියි.
- එ් නිසා එක පැත්තකින් දරුවා දුර්වල වුණාට තවත් බොහෝ පැතිවලින් විශේෂිත හැකියාවන් ඕනෑම දරුවකුට තියෙන්නෙ පුළුවන්. එ් හැකියාව තමන් හඳුනාගන්න බැරි නම් ඉහත කී පරිදි විශේෂිත පුහුණුවක් ඇති අයකු මගින් හෝ හඳුනාගෙන එය වැඩි දියුණු කිරීමට කටයුතු සැලසීම මවුපියන් වශයෙන් ඔබේ යුතුකමයි.
- එසේ නැතිව ඔටිසම් වැනි රෝග තත්ත්ව නිසා ලියන්න, කියවන්න දුර්වල දරුවකුට ටොකු අනිමින් දරුවාගේ නැති හැකියාවන් ඇති කරන්න උත්සාහ කිරීමෙන් වන්නෙ දරුවාගේ තිබෙන කුසලතාවයන් පවා පිටතට එන්නට ක‍්‍රමයක් නැතිව තව තවත් මොට වී යාමයි.
අන්තිමට දරුවාට අමුතුවෙන් දෙයක් ඉගෙන ගන්නට හැකියාවක් නොලැබෙන සේම තියෙන හැකියාවෙනුත් වැඩක් ගන්නට බැරි වී දරුවා තවත් අසරණ වීමයි සිද්ධ වෙන්නේ.
- මේ ආකාරයට ආබාධිත දරුවා නියම අයුරින් හැඩගැස්වීම තුළින් එවැනි දරුවකුට සාමාන්‍ය දරුවකුට වඩා ඉහළට යාමේ හැකියාව තිබෙනවා. එ් වගේම සාමාන්‍ය දරුවකුට වඩා ආබාධිත දරුවකුට දෙමාපියන්ගේ වැඩි අවධානයක් යොමු වන නිසා කුඩා කළ සිටම එම දරුවන් තුළ දෙමාපියන් සමග ලොකු බැඳීමක් ඇතිවෙනවා.
- මේ අනුව දෙමාපියන් වයස්ගත වූ පසු සාමාන්‍ය දරුවන්ට වඩා ආබාධිත දරුවකුගෙ දෙමාපියන්ට සළකන්නට වැඩියෙන් යොමුවන බවද සනාථ වී තිබෙනවා. එ් අනුව ආබාධිත දරුවාට යා යුතු පාර ඹිපෙන්වා දීම ඔබේ වගකීමයි.
අපේ රටේ පළතුරු ගැන අප දන්නා කියන දේ

නිරෝගී ක‍්‍රියාශීලී සාර්ථක පාසල් දිවියකට පෝෂණීය අත්වැලක්

බිළිදු වියයි පෝෂණයයි

පෙර පාසල් දරුවාට නිසි පෝෂණය
ජීවිතයේ සාමය නැති කරන තරහ

දවාලට බුදි මත – මෙන්න ඊට හේතුව
අපි නිදාගන්න වෙලාවක් තිබෙනවා. රාත‍්‍රිය වෙන්ව තිබෙන්නේ නින්ද වෙනුවෙන්. ඒ වුණත් අපේ ඇතමුන් මහ දවාලෙත්, කොයි වෙලාවේ බැලූවත් නිදිමතේ. නිදි + මත එහෙමයි මේ වදන නිමැවී තිබෙන්නේ. ඇත්තෙන්ම එය මත්වීමක්. දිවා කාලයේත් බොහෝ වේලා වල ඇතමුන් මේ විදිහට නින්දෙන් මත් වෙන්නේ ඇයි?
- ප්රමාද වී ආහාර ගැනීම.
අප අහර කිස නිම කළත් ශරීරය ඉනුත් හෝරා කිහිපයක් කි‍්‍රයාත්මක වෙනවා. ඒ අප ගන්නා ආහාර බිඳ හෙලමින් ශරීරයට අවශෝෂණය කර ගැනීමට. ඒත් නින්ද කියන්නේ සිරුරට විවේකයක් ලැබිය යුතු කාල පරිච්ෙඡ්දයක්. මේ විවේකය නිසාවෙන්ම ශරීරයේ සියළු ඉඳුරන් පාහේ පුනර්ජීවනයට ලක් වෙනවා. නැවත ශරීරයට ශක්තිය, ජීවය ලැබෙනවා. අප නිදාගන්න වේලාවෙත්, ආහාර ජීර්ණය කරමින් ශරීරය කි‍්‍රයාත්මක වෙනවා නම් නින්දේ සැබෑ අරුත එතන නෑ. නින්දේ සැබෑ විවේකයත් එතන නෑ. ඒ නිසා තමයි නින්දට පැය දෙක තුනකට පෙර ආහාර ගැනීම කළ යුත්තේ. - ඔබ දන්නවා අපේ සිරුර තුළ සැගවගත් ජෛව ඔරලෝසුවක් තිබෙනවා. අප වෙලාවට අවදි වන්නේ, මුව දෝවනය කරන්නේ, නිදා ගන්නේ…. මේ හැම දෙයක්ම නැවත සිහිපත් නොකළත් වෙලාවට සිදු කෙරෙන්නේ මේ ජීව ඔරලෝසුවේ මහිමයෙන්.
අඩි උස සපත්තු ලෙඩ රැසකට මුල…
සෞඛ්‍ය සම්පන්න මිරිිවැඩි සගලක් තෝරා ගැනීමට උපදෙස්
- සපත්තු මිළදී ගැනීමට යන විට සැම විටම හවස් වරුව ඊට තෝරා ගන්න. කකුල් වල දිග පළල වැඩිම මට්ටමක පවතින්නේ ඒ වෙලාවටය.
- ඔබේ බරද සැළකිල්ලට ගත යුතුය. එනිසා සපත්තු ගන්න හැම විටම සිටගෙන බැලීමටද අමතක කරන්න එපා.
- කකුලේ දිගම ඇඟිල්ලත්, සපත්තුවේ කෙළවරත් අතර අඟල් බාගයකවත් ඉඩක් තිබිය යුතුය
- පැළඳගෙන පහසුවෙන් ඇවිදිය නොහැකි නම් සපත්තු ජෝඩුවක් කෙතරම් ලාබ හෝ ලස්සන වුවත් පලක් නොවේ.
එනිසා සපත්තු තෝරා ගන්නට පෙර ටික දුරක් ඇවිද බලන්න. - සපත්තුවේ ඉදිරි කෙළවර රවුම් විය යුතු අතර එය කකුලේ හැඩයටම සමාන විය යුතුය. ඇඟිලි පහම අපහසුවක් නැතිවද දැමිය
හැකි තරම් සපත්තු අඩි පළල් විය යුතුය. - ඔබට හැකිනම් සම් පාවහන් තෝරා ගන්න. ඒවායේ ඇති ඇඟිලි කුඩා සිදුරු නිසා දහදියත් බැක්ටීරියාවනුත් එක් රැස් වීම වැළකේ. දුඟද දමන දෙපාවලට මුල් වන්නේත් දවස පුරා හිර
සපත්තු වල දෙපා ඔබා ගෙන සිටීමය
ඉවසනු බැරි උකුණු කරදරේ
උකුණු වත
උකුණන් සංහාරයට බෙහෙත්
- Lindane (Gamma benzene -hexachloride) වෙද්‍ය ප‍්‍රලේඛණ රහිතව මිලදී ගැනීමට අවසර නැති ඕර්ගැනෝ කාණ්ඩයේ ඖෂධ
- Malathion
- Pyrethrin ප‍්‍රලේඛණ රහිතව
- Permethrin මිලදීගත හැක.
උකුණු සංහාරයට බෙහෙත් භාවිතා කරන ක‍්‍රමය
pyrethirin ෂැම්පු භාවිතා කරන පිළිවෙල
pyrethirin ආලේපනය භාවිතා කරන පිළිවෙල
උකුණන් දුරින් – දුරීභූත කරන සුව පිළිවෙත්
- පවුලේ සාමාජිකයෙකුට උකුණන් සිටී නම් ඒ හඳුනාගෙන වහාම ප‍්‍රතිකාර අරඹන්න.
- රෙදිපිළි සියල්ල රෙදි සෝදන යන්ත‍්‍රයේ දමා උණුසුම් වතුරෙන් සෝදන්න.වියලනයේ විනාඩි 20 ක් තිබෙන්නට හරින්න.
- Dry clean කිරීමද සුදුසුය.
- පනා හා බුරුසු අඩු තරමේ 1300ත් උෂ්ණත්වයේ විනාඩි 10 ක් තිබෙන සේ සෝදා හරින්න.
- විග් ආදිය තිබේ නම් ඒවාද හොඳින් ෂැම්පු කර සෝදන්න.
- උකුණන්ට දින 2 කට වඩා බාහිරව විසිය නොහේ. උකුනු මර්ධන සැලසුම ආරම්භ කළ පසු කාමරයේ /නිවසේ ඇති උකුණන් වැටෙන සියළුම ද්‍රව්‍ය (සෙල්ලම්බඩු ආදිය..) බෑගයක දමා දින 14 ක් මුදා කරන්න.
- කාමරය හොඳින් Vacuum clean කළ හැකි නම් අගනේය.
ගැබිණි කල දත් රැක ගැනීම

- අනෙකුත් කාලවලදී මෙන් සෑම කෑම වේලකටම පසුව දත් පිරිසිදු කර ගන්න. (සෑම රාත‍්‍රි කෑම වේලකටම පසුව හැම විටම)
- මෘදු බුරුසුවක් වඩත් සුදුසුය. බුරුසු දෙක තුනක් ළඟ තබා ගන්න. එකක් භාවිතා කර එය වේලීමට තබා ඊළඟ අනෙක් වියලි බුරුසුව භාවිතා කරන්න.
- දත් අතර තිබෙන ආහාර කැබලි ඉවත් කිරීමට වගබලා ගන්න