බිළිදු වියයි පෝෂණයයි
මවගේ කුස තුළ ගත කරන කළල අවධියෙන් පසු කිරිකැටියෙකු මෙළොව එළිය දැකීම ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකි. මව් කුස තුළදී කළලය මව ලබා ගන්නා ආහාරයෙන් පෝෂණය වේ. මෙළොව එළිය දුටු පසු ආහාර මගින් බිළිඳාට නිවැරදි පෝෂණයක් ලබාදිය යුතු වේ. මෙය දෙමවුපියන්ගේ මෙන්ම සමාජයේද වගකීමකි. නිසි පෝෂණය තුළින් බිළිඳාට නිවැරදි වර්ධනයක් ලබාගත හැකි අතර ලෙඩ රෝග ඇතිවීමේ අවදානමද සැළකිය යුතු මට්ටමකින් අඩු කර ගත හැක.
බිළිඳු පෝෂණයට මව්කිරි
බිළිඳු පෝෂණයේදී මව්කිරි වලට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේග ඉපදී පළමු පැය ඇතුලත දරුවාට මව්කිරි ලබාදීම ආරම්භ කළ යුතුය. දරු ප්‍රසූතියෙන් පසු මුල් දින කිහිපයේදී මව්කිරි සුළු ප්‍රමාණයන්ගෙන් ශ්‍රාවය වන අතර එය කිරි කහ පැහැයෙන් යුතුයග මෙම මුල් කිරි ‘කොලස්ට්රම්’ ලෙස හඳුන්වන අතර එය බිළිඳා ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට වැදගත් වේ.
මුල් මාස හයදී මව්කිරි පමණක් බිළිඳාගේ පෝෂණය සඳහා ප්‍රමාණවත් වේග මෙම මුළු මාස හයදී මව්කිරි හැර වෙනත් දියර වර්ග (ජලය, පළතුරු ඉස්ම) වැනි දෑ බිළිඳාට ලබාදීම නොකළ යුතුය. බිළිඳාට මව්කිරි පමණක් ප්‍රමාණවත් නොවේ යැයි ද ළදරු කිරි පිටි වර්ගද ලබා දිය යුතු යැයි මතයක් අප සමාජය තුළ පවතී. නමුත් මුල් මාස හය තුළදී ළදරුවාට අවශ්‍ය සියලූම පෝෂකයන් නිසි ප්‍රමාණ වලින් මව්කිරිවල අඩංගු වේ. මේ නිසා ළදරු කිරි පිටි වර්ග ලබාදීම අවශ්‍ය නොවේ.
දරුවා මව්කිරි අවශ්‍ය බව හගවන සෑම විටම මව්කිරි ලබාදීම සුදුසු වේග එසේම රාත්‍රී කාලයේදී බිළිඳාට අවශ්‍ය සෑම විටම මව්කිරි ලබාදිය යුතුය. රාත්‍රී කාලයේදී මව්කිරි ලබාදීම මව්කිරි එරීම වැඩි කිරීමට ද හේතු වේ.
අතිරේක ආහාර ලබා දෙන හැටි
වයස මාස 6 සම්පූර්ණ වූ පසු මව්කිරි වලින් ලැබෙන පෝෂණය බිළිඳාගේ වර්ධනයට ප්‍රමාණවත් නොවේ. එම නිසා අතිරේක ආහාර දීම ආරම්භ කළ යුතුය. මෙම අතිරේක ආහාර ලබාදෙන අතරතුර මව්කිරි ලබාදීම නොකඩවා සිදු කළ යුතුය.
අතිරේක ආහාර ලබාදීමේදී පළමු දින කිහිපයේදී හොඳින් මත් ගා ගත් තලපය මව්කිරි සමග මුසු කර කුඩා ප්‍රමාණ වලින් දිනකට වේල් 2-3 ක් පමණ ලබාදිය හැක.
මුල් දින 2-3ට පසු ක්‍රම ක්‍රමයෙන් පරිප්පු, එළවළු, පළා වර්ග, මාළු, හාල්මැස්සන් කුඩු, බිත්තර කහමද වැනි දේ බත් තලපයට එක් කර ගත හැක. මීට අමතරව බත් තලපය පිළියෙළ කිරීමේදී තෙල්, බටර්, මාජරින් හෝ පොල්කිරි යොදා ගැනීම කළ යුතුය. ක්‍රම ක්‍රමයෙන් ලබා දෙන ආහාර ප්‍රමාණය වැඩිකළ යුතු අතර සියුම් කැබලි සිටින ලෙස ආහාරය සකස් කරගන්න.
ප්‍රධාන ආහාර වේල් වලට අමතරව කෙටි ආහාර වේල් 2-3 ක් බිළිඳාට ලබා දිය යුතු ය. මේ සඳහා පොඩිකරගත් පළතුරු යෝගට් ත්‍රිපෝෂ වැනි දේ ලබාදිය හැක.
වයස මාස 9 සිට බිළිඳාට සුපුරුදු ලෙස බත් මිශ්‍රණයට ලබා දිය යුතු ය. ඊට අමතරව අතින් අල්ලා ගෙන ආහාරයට ගත හැකි තැම්බූ අල වැනි ආහාර වලට හුරු කරවන්න. ක්‍රම ක්‍රමයෙන් වයස අවුරුද්ද ලගාවන විට දරුවාට පවුලේ අනෙක් අය ගන්නා ආහාර වලට හුරු කළ යුතු වේ.
සීනි සහ ලූණු වයස අවුරුද්ද වන තුරු එපා
වයස අවුරුද්ද වන තුරු සීනි සහ ලූණු බිළිඳාගේ ආහාර පිළියෙල කිරීමේදී එක් කිරීම සුදුසු නොවේ. නමුත් හැකි සෑම විටම තෙල් බටර් මාජරින් වැනි මේද ප්‍රභවයක් ආහාරයට එක්කර ගත යුතු ය. පැණිබීම රස කාරක යෙදු ක්ෂණික ආහාර දීමෙන් වළකින්න.
දරුවා යම් ආහාරයක් ප්‍රතික්ෂේප කරයි නම් දින කිහිපයක් මගහැර නැවත එම ආහාරයම ලබා දෙන්න. එසේ නැතිනම් එම ආහාරයම වෙනස් ආකාරයකට පිළියෙළ කර දරුවාට ලබා දෙන්න. බිළිඳාට ආහාර ලබාදීම ආරම්භ කළ මුල් අවධියේදී අලූත් ආහාර හඳුන්වාදෙන විට එම අලූත් ආහාර වර්ග 2ක් අතර දින 2ක් පමණ පරතරයක් තැබිය යුතු යි.
විවිධ වර්ගයේ එළවළු, පළතුරු, මාළු හෝ මස්, බිත්තර, යෝගට්, චීස් වැනි කිරි ආශ්රිත නිෂ්පාදන වැනි දෑ නිරතුරුවම බිළිඳාගේ ආහාර වේල් වලට එක් කර ගන්නග මෙලෙස නිවැරදි ආහාර රටාවක් තුළින් බිළිඳාට අවශ්‍ය පෝෂණය නිසි ලෙස ලබා දිය හැක. මෙමගින් ඔබේ බිළිඳා වයසට සරිලන වර්ධනයක් සහිත නිරෝගී දරුවෙකු බවට පත් කළ හැක.
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශයේ කථිකාචාරිණී ජී ජේ එම් නානායක්කාර විසිනි