WATCH Live CRICKET Select A Channel

27 April 2014

ඉන්ජෙක්ෂන් ඔපරේෂන් නැත නිම්මා - ලේඩි බෝයි කවදා වේද අම්මා

සිලිකන්වලින් හදා ගත් එක් පියයුරක් බද්ධ කරන්න රුපියල් ලක්ෂ 2ක් යනවා. පියයුරු දෙක හදා ගන්න විතරක් ලක්ෂ 4ක්. එතකොට නිතඹ, කකුල් වගේ ඒවා හරිගස්සගන්න හෝමෝන ඕන. ඒවට ටික ටික සල්ලි කොච්චර යයිද කියන්න අමාරුයි. අන්තිමට තමයි සීරියස් ඔපරේෂන් එක වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ගෑනුකම හිමිකර ගන්න ඔපරේෂන්
එක එන්නේ. ඒකට යනවා ලක්ෂ 5ක්. කරන්න පහසුකම තියෙන්නෙ සිංගප්පූරුවල.

ඔපරේෂන් එක කරල අනෙක් මේන්ටේන්ස්වලට තවත් ලක්ෂ දෙකක් විතර යනවා. එහෙම ගණන් බැලුවොත් ගෑනුකම සින්නක්කරේට ගන්න ලක්ෂ 15ක් විතර ඕනෑ වෙනවා. ඒත් ජීවිතේ අපි කැමැති විදියට ජීවත් වෙන්න ඕනෑ නම් ලක්ෂ 15 කියන්නෙ සුළු ගාණක්. දියුණු රටවල ඉන්න අපි වගේ අයට ඒ අයගේ ආණ්ඩු උදවු කරනවා. පුණ්‍ය ආයතන උදවු කරනවා. අපි වගේ නොදියුණු රටවල ආණ්ඩුයි මිනිස්සුයි කරන්නේ අපි වගේ අයට ගරහන එක විතරයි. කොහොම වුණත් අපි කණ්ඩායමක් විදියට එකතු වෙන්න තීරණය කළේ රැකවරණය කියන දේ බලාපොරොත්තුවෙන්. පවුල, සමාජය, රට කියන සංකල්ප ඇතුළෙ අපිට රැකවරණයක් නැහැ. තවත් එකක්∙ අපි කවුද අපිට තියෙන අයිතිවාසිකම් මොනවද? එතකොට අපි ඒ අයිතිවාසිකම් ලබාගන්න ඉටු කරන්න ඕනෑ යුතුකම් මොනවද කියන එක ගැන අපේ අය දැනුවත් වෙලා නැහැ. මඟුල් ගෙවල්වල ඩාන්ස් කරන්න, වෙසක් දවස්වල බක්කෝ නටවන්න තමයි අපේ අයව පාවිච්චි වෙන්නේ. එහෙමත් නැත්නම් පාරක් පාරක් ගාණේ අඩු මුදලකට ඇඟ විකුණන්න තමයි එයාලව පාවිච්චි වෙන්නේ. මම ඉගෙන ගත්තා. අපේ අම්ම දියුණු කෙනෙක්. එයා මාව තේරුම්ගෙන පවුලේ අනෙක් අයටත් මාව තේරුම් ගන්න උදවු කළා. ඒ අවස්ථාව අපි වගේ ගොඩක් දෙනාට ලැඛෙන්නේ නැහැ.

ශරීරයේ අංගෝපාංග නිසි වයසේදී හඳුනගෙන ඒවායේ තියෙන වෙනස හඳුනගත්තට පස්සේ අපි වගේ අය ගෙවල් මුල්ලට කොටුවෙනවා. පවුල් පරිසරයම ඒකට උදවු කරනවා. අද ලංකාවේ මගේ මට්ටමින් ඉන්න අය ඉන්නේ අතළොස්සක්. මම ඔපරේෂන් එක කර ගත්ත. මට දැන් පෙම්වතෙක් ඉන්නවා. එයා පුංචි කොල්ලෙක්. අපි ඉන්නේ ඇත්තටම සතුටෙන්. මගේ මහත්තයා කැමති නැහැ මම මේ විදියටවත් මේ ප්‍රශ්නය ගැන කතා කරනවට. මොකද එයා ආදරය කරන්නේ එකට ජීවත් වෙන්නේ උප්පැන්නේ පිරිමි නමක් තියෙන ඇඟෙන් ගෑනු කමක් තියෙන හදවතින් ගෑනු-පිරිමි දෙපක්ෂයටම අයිති කෙනෙක්ට කියල සමාජය දැනගන්න එකට එයා කැමැති නැහැ. මම අද ඔයාට තව ලේඩි බෝයිස්ලා කීප දෙනෙක් හඳුන්වා දෙනවා. ඒ අයත් එක්ක වෙන වෙනම කතා කරන්න. එතකොට ඔයා තේරුම් ගනී අපි කවුද කියල. මට ඕනෑ අපේ අයට හඬක් නඟන්න පුළුවන් තැනක් හදා දෙන්න. පිරිමි වෙලා උපන්නට අද අපි ශරීරවලින් ගෑනු අය. අනාගතයේ දවසක මනසිනුත් ගෑනුකම ලබාගන්න සමාජය අපි වගේ අයට උදවු කරන්න ඕන.

දිගැටි මුහුණක ඇති ලස්සන මම අත්විඳිමින් සිටියා. ඇය පැලඳ සිටි තෝඩු යුගල එල්ලා වැටෙන්නක්. තෝඩු මුහුණට ලබා දී තිබුණේ වටකුරු බවක්. ලිවයිස් හෑන්ඩ් බෑග් පොඩ්ඩ ඇතුළෙන් විටින් විට ටිෂූ කොළ රැගෙන ඇය දාදිය මාත්තු කළා. මා ඇයගේ දෙතොල දෙස බලා සිටියා. ශරීරයේ හැම අංගෝපාංගයක් කරාම මගේ ඇස් දිව ගියා. යම් තරමක අපහසුතාවකට පත් වුණ ඇය ‘ඔයා හරි ඔය අදහස සාමාන්‍ය මනුස්සයෙක්ට තියෙන්න ඕනෑ” යැයි පවසා සිටියා. පූර්ණ නිතඹ, දිග වටොරවල් යුගල, පා ඇඟිලිවල සුන්දරත්වය, දෙකම්මුල්වල ළපටි ජම්බු හැඩය, පියයුරුවල එල්ලා නොවැටීම කියන කරුණු සියල්ල සැකවින් ගළපා ගත්තොතින් ඇය තරුණියක්. කිසිදු ආරෝවක් නොමැතිව ප්‍රේමය කළ හැකි ගැහැනු මනුස්සයෙක්. වරදවා වටහා නොගතයුතු කාරණා පළමුව පැවැසිය යුතුයි. ඒ මා ඉදිරියේ සිටින්නේ සංක්‍රාන්තියට ලිංගිකයෙක් නොවන වග. ඇය මේ වන විට පූර්ණ වශයෙන් ගැහැනියක්. සංක්‍රාන්ති ලිංගිකත්වය අහිමි කර ගන්න ඕනෑ කරන පහසුකම් ලබාගත් තැනැත්තියක්. ගැහැනියක ලෙස පත් විය හැකි මවු පදවිය ඇයට කිසි දිනක ලබා ගැනීමට නොහැකි වුවත් ඇය ගැහැනියක් ලෙස ජීවත්වීම ආරම්භ කර අවසානයි.

ඇත්ත. මට කවමකවදාවත් අම්ම කෙනෙක් වෙන්න බෑ. මොකද ලිංගිකත්වය ඔපරේෂන් එකකින් සකස් කරගත්තත් උපතින් ගර්භාෂයක් මට පිහිටලා නැහැ. මම ඒ ගැන හිතනවා. මම මගේ මහත්තයාට යෝජනා කළා අපි දරුවෙක් හදාගන්න ගනිමු කියලා. ඒත් අපිට ලංකාව ඇතුළෙ නීත්‍යනුකූල විදියට කසාද බඳින්න අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්න කරන රැකියාව පවා ඒ වගේ තැනකදී අවධානයට ලක් වෙයි. ඒ හින්දා ඒ අදහස අපි දෙන්නා අතෑරලා දැම්මා. මම මට ඕනෑ විදියට මේ රටේ ජීවත් වෙන්න තාම උත්සාහ ගන්නේ නැහැ. මොකද මම දන්නවා ඒකට අපිට ඉඩක් නැහැ කියලා. මගේ අදහස මම වගේ කීප දෙනෙක්ට පිහිට වෙලා ලංකාව අතහැරල ගිහින් ජීවිතේ අන්තිම කාලේ සතුටින් ජීවත් වෙන්න. මුලින්ම මම මගේ අම්මගෙන් ඇහැව්ව මම ගෑනු දරුවෙක්ද, පිරිමි දරුවෙක්ද කියල. අම්ම කිව්වේ වැඩි ප්‍රතිශතය තියෙන්නේ පිරිමි දරුවෙක්ගේ පැත්තට කියලා. ඒත් අවුරුදු 14-15 විතර වෙද්දි පිරිමි දරුවෙක් කියන ක්‍රියාන්විතයේදී මම අසාර්ථක වුණා. මං ඒක අම්මට කිව්වා. ඊට පස්සෙ තමයි පවුලේ හැමෝම ගැහැනු දරුවෙක් විදියට නැඟී සිටින්න මට උදවු කළේ. මගේ පිරිමිකම කියන එක උප්පැන්න සහතිකයට පමණක් සීමා වුණා, නම, වාසගම වෙනස් කිරීමකදී පිරිමි නමක් තිබුණ කෙනෙක්ට ගෑනු නමක් ගන්න බැහැ කියන නීතිය ලංකාවේ ක්‍රියාත්මක වන හින්දා. මම දැනගත්ත මගේ ලිංගිකත්වය අභිභවා ගොස් ඒ ලිංගිකත්වය යටපත් කරන සාධකයක් නොවීමට මම අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා. ඊට පස්සෙ මම දිගින් දිගටම ඉගෙන ගත්තා. ලංකාවේ තියෙන ජාත්‍යන්තර පාසලකින් මම අධ්‍යාපනයට යොමු කරන්න අම්ම තීරණය කළේ මට එල්ලවන පීඩනය අඩු කරන්න කියලයි මම හිතන්නේ.

බීකරයක හැඩේ ඇඟෙන් වැක්කෙරෙන, දීපිකා පදුකෝන්ගේ වගේ ලස්සන කකුල් දෙකකට හම් පටි සෙරෙප්පු දෙකක් දාගෙන, එහෙන් මෙහෙන් රැලි ගිය කොඩ්රොයි කලිසමක් නැතිනම් නාභියට සමාන්තරව පිටු පස්සෙන් පිහිටල තියෙන කොන්දෙ වක් වුණ හැඩෙයි, හිනා වෙන්න ගත්තම කම්මුල වළ ගැහිල්ලයි සංකලනය වුණ ඔහු/ඇය කියන කෙනා මගේ ඉදිරියට ආවට ඇත්තටම මම හිතුවේ කේට් කුමරිය තමයි මේ කියල. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය/ඔහු ලස්සනයි. ලැසි ගමනින් ආපු කෙනාව මට අඳුන්වල දුන්න මම කලින් කතා කරපු කෙනා ලේඩි බෝයිලා ගැන කියන ලෝක ප්‍රවණතා මොනවද කියන එක දැනගන්න හොඳම කෙනා ඔහු/ඇය කියල යෝජනා කළා. මම ඇහැව්වේ මගේ ආමන්ත්‍රණ විදිය මොන ආකාරයක් ගත යුතුද කියා. ඇය/ඔහු පවසා සිටියේ තමන්ට ව්ඉ කියා අමතන්න කියා. ( ව්ඉ යන්නේ දිග ඇරිය අරුත ව්ධ ඉඥය)

මම ඉගෙන ගත්තේ එංගලන්තයේ. පුංචි කාලේ ඉඳලම ලංකාවේ ඉඳල තියෙන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක්. මගේ ආයා සිංහල කෙනෙක්. එයා මම එක්කම එංගලන්තයට ගිහින් තියෙනවා. එයා තමයි මගේ සිංහල ගුරුවරිය. එංගලන්තෙ අපි වගේ අයට කිසිම ගැටලුවක් නැහැ. හොඳ සමාජ පිළිගැනීමක් තියෙනවා. ඒ රටේ විතරක් නෙවෙයි ලෝකේ දියුණු හැම රටකම අපි වගේ ලේඩි බෝයිලව පිළිගන්නෙ සාමාන්‍ය මනුස්සයෝ විදියට. මම තාම පිරිමියෙක්. ඒත් ජීවත් වෙන්නේ ගෑනු කෙනෙක් වගේ. ඒක මගේ අයිතිය. මට පුළුවන් ඔපරේෂන් කීපයක් කරල හරි ගැහැනියක් වෙන්න. ඒත් මම කල්පනා කරන්නේ එහෙම වෙන්නේ ඇයි කියල. ඇත්තටම මට ඕන මේ විදියට ජීවත් වෙන්න. තව කෙනෙක් කියයි මම විදියට ජීවත් වෙන්න නම් පූර්ණ ගැහැනුකමක් අවශ්‍යයි කියලා. නමුත් මට එහෙම අදහසක් නැහැ. ඒ වගේ අදහසක් මම නොසලකා අරින්නෙත් නැහැ. අනෙක් කරුණ තමයි මගේ ඇඟේ සියලුම අංග ලක්ෂණ ගැහැනු කෙනෙක් වගේ. ඒත් මට තියෙන්නේ පිරිමි ලිංගික අවයවයක්. ඒත් මගේ මනස ගැහැනුකමට වඩාත් සමීපයි. ඒ හින්ද පිරිමියෙක් වගේ හැඟීමක් මට ඇති වෙන්නේ නැහැ. ඉතිං මං මොකද කරන්නේ. මගේ ඇත්ත ස්භාවික පංචස්කන්ධයට ඉඩ දෙන එක තමයි මම කරන්න ඕනෑ. මගේ බාහිර පෙනුම දැක්කම කොල්ලෝ මගේ පස්සෙන් එනවා. මගේ මනසේ ස්වාභාවය අනුව මම කොල්ලෝ පස්සේ යන්න නෙවෙයි ඒ අයට විවෘත වෙන්න හිතෙනවා. ඒත් මගේ ජීව විද්‍යාත්මක ශරීරය ඒකට තියන ඉඩකඩ අහුරලා. අපි සම්බන්ධයකට ගියොත් ඒක පරිපූර්ණ එකක් නොවිය යුතුයි කියන එක මම දන්නවා. ඒත් යම්කිසි හරි පූර්ණත්වයක් එතැන තියෙන්න එපායැ. ඒ හින්ද මම කරන්නේ පූර්ණ විදියට මට මම ගැන ස්වයං වාරණයක් පවත්වාගෙන යෑම. ඒක මම කරන්නේ හරිම සතුටෙන්.

පිරිමිකමේ සේයාවත් එක්ක පිරිමි පිස්සු වට්ටන ඇඟක් මට ලබා දුන්න දෙවියන් වහන්සේට මම ස්තුති වෙනවා. ඒ මගේ කතාව. දැන් මම මේ ලේඩි බෝයි කියන කන්සෙප්ට් එක ලෝක මට්ටමට අරගෙන යන්නම්.

ලේඩි බෝයිලා වැඩිපුරම ලංකාවේදී එක්කාසු වෙන්නේ ගල්කිස්සේ. ගල්කිස්සේ අපේ කෙනෙක්ගේ තැනක් තියෙනවා. එතැනට එකතු වෙලා අපි කාල බීල විනෝද වෙනවා. සමහර අය සහකාරයෝත්, සහකාරියෝත් සොයා ගන්නවා. මෙතැන වැදගත්ම කරුණ තමයි ලේඩි බෝයි කියන්නේ නපුංසක කියන එක නොවීම. මේ අය මනසින් පිරිමි හෝ ගැහැනු කියන අන්තයන් නියෝජනය කරනවා. තායිලන්තයේ බැංකොක් නුවර පටායා කියලා වෙනම ප්‍රදේශයක් තියෙනවා. එහේ තමයි ලෝක මට්ටමින් ලේඩි බෝයිලා එකතු වෙන තැන. පටායාවලට ලේඩි බෝයිලා අඳුනගන්න ඒ අයව ආශ්‍රය කරන්න කැමැති වෙන වෙන රටවල මිනිස්සු කෝටියක් විතර අවුරුද්දකට එනවා. ලේඩි බෝයිලා එතැන නාට්‍යාංගනාවියෝ, අවන්හල් සේවකයෝ, කැබරේ ශිල්පිනියෝ වගේ වෘත්තීන්වල නිරත වෙනවා. පටායා සංචාරක කලාපයක් වුණේ ලෝකේ එක එක රටවලින් ආපු ලේඩි බෝයිලා හින්දා. අතිශයින්ම දියුණු ඉහළ අධ්‍යාපනයක් ලැබුව ලේඩි බෝයිල ඉන්නවා. ඒ වගේම දුප්පත්කමේ පහළම තැනත් නියෝජනය කරන අයත් ඉන්නවා. සල්ලි හොයාගෙන ඇවිත් ඔපරේෂන් කරල ගැහැනු බවට පත්වෙන්න පටායා ආපු ලේඩි බෝයිලත් එතන ඉන්නවා. කොහොම වුණත් මං අවුරුද්දකට සැරයක් පටායා ගිහින් මාසයක් විතර වගේ නතර වෙලා එන හින්ද දන්නවා පටායා තමයි ලේඩි බෝයි කෙනෙක්ට ලෝකේ ප්‍රයෝජනම තැන. පටායාවලට එන සංචාරකයෝ ඇත්තටම ලේඩි බෝයිලට ආදරය කරල කසාද බඳිනවා. මම දන්න එක කැබරේ ශිල්පිනියක්ව ස්කොට්ලන්ත ජාතිකයෙක් කසාද බැන්දා. ඒ දෙන්නා කසාද බැන්දේ තායිලන්තයේ පන්සලක.

ඇය/ඔහු පවසන දෑ සැම විටකදීම සත්‍ය මත පිහිටා ගනුදෙනු කරනවා වුවද මොවුන්ට/ඇයට ලංකාව පිළිබඳ ඇත්තේ අල්ප දැනුමක් ලෙස පෙනී යන කරුණක්. ලංකාවේදී ලේඩි බෝයි යන යෙදුම භාවිත නොවන්නක් යැයි පවසා සිටි විට ඔහු/ඇය විමසා සිටියේ එවැන්නක් සඳහා භාවිත කරනු ලබන්නේ කිනම් නමක්ද යන්නයි. ඒ සඳහා බොහෝ විට පො--- යන්න යොදා ගන්නා බවත් මා පවසා සිටියද ඔහුට/ඇයට ඒ පිළිබඳ එතරම් වූ අදහසක් නොවූ බව පැහැදිලියි. පටායාවල ඇති නිදහසින් ලේඩි බෝයිලාට ලෝකයේ හිමිව ඇති ස්ථානය ගණනය කිරීමට නොහැකි යැයි මා ආපසු කරුණ සවිස්තර කරන ලෙස ඇය/ඔහු පවසා සිටියා. පටායාවල ඇත්තේ වානිඡවාදී නිදහසක් බව ඔවුන්ට ඒත්තු ගන්වන්නට ගතවූ කාලය බොහෝයි.

ලංකාවේ සාමාන්‍ය ග්‍රාමයක ‘ගෙදර කොල්ලා’ ‘ගෙදර එකී’ ‘හිරිමලා’ ලෙස අන්වර්ථ නාමයන්ගෙන් අඳුන්වා දෙන ලේඩි බෝයිලා පිළිබඳ පැහැදිලි කිරීම් ඔවුන් හට උගහට වුණත් නව ලෝකයකට පිවිසියා වැනි අදහසක් ඔවුන් මත ජනිත වන්නට ඇතැයි මා උපකල්පනය කළා.
ඉන්පසු පැමිණියේ සතුටු සාමීචියේ යෙදීම. ෂැම්පේන්වලින් ආරම්භ වූ මධු සාදය බර මත්පැන් කරාද දිව ගියා. සැබෑ ලෙසම මධුපානයේ උච්චතම අවස්ථාවේදී ගැහැනු, පිරිමි ප්‍රතිපක්ෂයක් නොමැති වීම කියන කරුණ මතු වුණා. එය බොහෝ සුන්දර අවස්ථාවක්. කිසිදු භේදයක් නොමැතිව එකාවන්ව ක්‍රියා කළ හැකි අයට තම ලිංගිකත්වය භේදයක් කොට සැලකිය යුතු වුවද මේ මොහොතේදී එයද අතුරුදන්ව පැවතියා.
අවසන පැවසීමට ඇත්තේ ලේඩි බෝයිලා පතන ලෝකය සහ ඔවුන් ජීවත්වන ලෝකය අතර අතරමැදි සන්ධිස්ථානයක් විනා එක් අන්තයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු නොකරන බවයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK