වටරැක හිමි වැට පැන වැඩි සේක
මහියංගනයේදී අඟහරුවාදා(22)මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික බළ සේනාවේ නායක හා
මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට නොහැකි විය.ඒ මහා
සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය හේතුවෙනි.
WATCH VIDEO
උන්වහන්සේ
මෙම ස්ථානයෙන් ඉවතට රැගෙන ගොස් ඇත්තේ පොලිස් ආරක්‍ෂාව
මධ්‍යයේය.විරෝධතාකරුවන් එල්ල කළ ප‍්‍රහාරවලින් තමන්ට තුවාල සිදුවු බවත් මේ
වන විටතමන් සැගව සිටින බවත් උන්වහන්සේ පවසති.
විරෝධතාකරුවන්ගේ
හු හඬ හා විරෝධතා අතරේ පොලිස් ආරක්ෂාව මැද ප්‍රාදේශිය සභාවට පස්සා දොරෙන්
දිවු විජිත හිමි පැයකට පමණ පසුව පොලිසිය මැදි කැරගෙන ආපසු ගියහ.අදාල
ප්‍රාදේශිය සභා රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දුන්නේ නැත.