ගබ්සාව වැරදී දෙදරු මවක් මරුට 27-04-2014 කොටගල හොර ගබ්සා මධ්‍යස්ථානයක්
නීති විරෝධි ගබ්සාවක් සිදුකරගත් කාන්තාවක් නාවලපිටිය මූලික රෝහලේදී සෙනසුරාදා (26)අළුයම මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ හැටන් අලූත්ගම පදිංචිව සිටි (අවු 26)
දෙදරු මවකි. මෙම කාන්තාව මීට දින කීහිපයකට උඩදී හැටන් කොටගල ප‍්‍රදේශයේදී
මෙම ගබ්සාව සිදුකරගෙන ඇති අතරගබ්සාව සිදුකිරීම තමන්ව මුහුණු ආවරණයකරගත් පුද්ගලයෙක් තී‍්‍ර රෝද රථයකින් පැමිණ කොටගල ප‍්‍රදේශයට රැගෙන ගිය බවත්, තී‍්‍ර රෝද රථයේ රියදුරා හෝ ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා තමන් හඳුනන්නේ නැති බවත් ඇය මිය යෑමට ප‍්‍රථම හැටන් පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබේ. මෙම තී‍්‍රරෝද රථ රියදුරා සහ ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා සොයා හැටන් පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර හැටන් කොටගල ප‍්‍රදේශයේ රහසිගතව ගබ්සා මධ්‍යස්ථායක් පවත්වාගෙන යන බව හැටන් කොටගල ප‍්‍රදේශවාසීන් පවසයි. එම ස්ථානයේ මීට ප‍්‍රථම ගබ්සා සිදුකරගත් කාන්තාවන් කිහිපදෙනෙකු මියගොස් ඇති බවද ප‍්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරයි.