30-04-2014 බස් රථයකට ගල් ගැසු කොල්ලෝ
08 ක්පෙරෙට්ටුවකට
කොළඹ සිට කතරගමට ගමන් කරමින් තිබු ලංගම බස් රථයකට ඉරිදා(27)
දින හිමිදිරියේ තරුණ පිරිසක් ගාල්ල දොඩන්දුව කුමාර කන්ද ප‍්‍රදේශයේ දී ගල්
ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි. අම්බලන්ගොඩ පැවැති
රාත‍්‍රී සංගිත සංදර්ශනයකට එක්වු පිරිසක් බස් රථයේ කොන්දොස්තර වරයා සමඟ ඇති
වු බහින් බස් වීමක් නිසා බස් රථයෙන් බැසගත් තරුණ පිරිස මෙම ගල් ප‍්‍රහාරය
එල්ල කර ඇතැයි පොලීසිය පවසයි. මෙම ගල් ප‍්‍රහාරය එල්ල කළ බව කියන 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම අවස්ථාවාදීම හික්කඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය පොලිස් පරික්ෂණ පවත්වයි. මේ අනුව,අත්අඩංගුවට ගත් තරුණයන් ගාල්ල අධිකරණයට හික්කඩුව පොලීසිය මගින් ඉදිරිපත් කරනු ලැබීය. මෙහි දී ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතාට ඉදිපත් කරනු ලැබීමෙන් පසුව, මැයි මස පස්වෙනිදා 05දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කළේය. එදින හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට මෙම සැකකරුවෝ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පොලිස් පරික්ෂණ හික්කඩුව පොලීසිය මගින් සිදු කරයි.