ඉන්න තැන කියන්න බෑ - ඇමැති බදූර්දීනුත් කතා කළා
- වටරැක හිමි කියති
බොදු
බලසේනා සංවිධානයෙන් තමන්ට ජිවිත තර්ජන එල්ල වී ඇති බැවින් මහා නාහිමිවරුන්
මැදිහත් වී ගැටළුව විසඳිය යුතු බව පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසති. එසේ නොවුණහොත් එය සමස්ථ බුද්ධ ශාසනයටම කැළලක් වනු ඇති බවද ඒ හිමි කියති. “ඉදිරියට ඉක්මනින්ම මං හිතන විදිහට“මං දැන් ඉන්න තැන නම් කියන්න බෑ. ඒ තරමටම මා පසුපස ලුහු බඳිනවා. කොතැනකදි හරි ඔවුන් මුණ ගැහුණොත් ඉන්න තැන දැන ගත්තොත් ඒකාන්තයෙන්ම මා පෙති ගහලා කපලා දාන බව කියනවා. ඒ නිසා ඉන්න තැන කියන්න බෑ. සමාවෙන්න ඕනි. රිෂාඞ් බදියුදීන් ඇමැතිතුමත් මන්නාරමේ ඉන්නවා කියලා තමයි එතුමා දුරකතනයෙන් කතා කරද්දි කිව්වේ.” යැයි පවසන විජිත හිමි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා දුරකථනයෙන් තමන් අමතා සුවදුක් විමසු බවද උන්වහන්සේ විද්‍යූත් මාධ්‍යයට පැවසූහ.