03-05-2014 | ලක් කෙල්ලට ලොකු තැනක් ඉතාලි අවසන් රූ රැජින තරගෙට තේරෙයි
එළඹෙන සැප්තැම්බර් 14 වෙනිදා වැනිසියේදී පැවැත්වෙන 2014 ඉතාලි රූ රැජින තේරීමේ අවසන් මහ තරගය සදහා සිදුසුකම් ලැබීමට රෝමයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණියක වන නයෝමි අන්ද්ලුබුදුගේ සමත් වූවාය.වසර 75 ක් පුරා පැවත එන ඉතාලි රූ රැජින
තේරීමේ තරගාවලිය මෙවර නව මුහුණුවරක් ගෙන ඇති බවත් ඉතාලි පුරවැසි බව නොමැති තරුණියන් කිහිප දෙනෙකු සදහා ද ඉදිරිපත් වීමට අවස්ථාව උදා වී ඇතැයි ඉතාලි මාධ්‍ය පවසයි.
වසර 18ක් පුරා ඉතාලියේ ජිවත්වන එහෙත් පුරවැසි බව නොමැති දෙමාපියනට දාව ඉතාලියේ ඉපදුනු රූමත් තරුණියකට ඉතාලි රූ රැජින තරගාවලියට ඉදිරිපත්වීමට අවස්තාව ලබා දීමට සංවිධායකයින් කටයුතු කර දී තිබේ.