
පානීය ජල පහසුකම්, කැළි කසළ බැහැර කළ හැකි ක්‍රමවේදයන් නිසි පරිදි තිබෙන්නේද,ඉඩකඩ පහසුකම්,ආහාර පිසින භාජන ක්‍රමවත්ම පිරිසිදු කළ හැකි ස්ථානයක් හා පිසින ලද ආහාර සුරක්ෂිතව තැබිය හැකි ස්ථාන තිබේද යන්න පිළිබඳව මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ සොයා බැලීමක් කරනු ලබයි. එම යටිතල පහසුකම් සියල්ල සපුරා ඇත්නම් පමණක් දන්සැල පැවැත්වීමට අවසර ලබා දෙන බවද කාරියවසම් මහතා පැවසීය.