කොණ්ඩා මෝස්තරයට ඩොලර් 10,000ක්

විලියම් කුමරු තම සහකාරියට ඔවුන්ගේ තුන්වන විවාහ සංවත්සරය වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 4000ක (හාරදහක්) වටිනා අත් ඔරලෝසුවක් තෑගිකොට තිබුණා. නමුත් මේ අත් ඔරලෝසුව ඔහු කුමරියට තෑගි කොට තිබුණේ ඔවුන්ගේ විවාහ සංවත්සරයට පෙරයි. එයට හේතුව ලෙස ඩේලි මේල් සඳහන් කොට තිබුණේ එය තෑගි කළ දිනට පසුදින ඔවුන් නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සති තුනක සංචාරයක නිරත වීමට යාමලු.
මේ තුරුණු මව්පිය යුවළ හා නවමස්් හැවිරිදි ජෝර්ජ් කුමරු ඉතා කලාතුරකින් ලැබුණු අනගි අවස්ථාව ඉතා සතුටෙන් යුතුව ගතකොට තිබුණා.
උඉ ඹඥඥඬතර සඟරාවට තෙවන විවාහය සංවත්සරය පිළිබඳව බකිංහැම් මාලිගයේ පුද්ගලයෙකු පවසා තිබුණේ “ග්‍රීෂ්ම සෘතුව ඔවුන් හරිම අවිවේකී කාලයක් ගත කරන්නෙ. ඒ නිසා මේ දෙපළ කැමති නැහැ. ඔවුන්ගේ මේ සංවත්සරය වෙනත් අය සමග ගත කිරීමට. ඔවුන්ට අවශ්‍ය දරුවා හා පවුලේ සාමාජිකයන් සමග සතුටෙන් යුතුව මෙය සැමරීමට විශේෂයෙන්ම රාජකීය යුවළට ජුනි, ජූලි අගෝස්තු මාස තුන ඉතාමත් කාර්ය බහුල කාලයක් බවට පත්වේවි. එබැවින් ඔවුන් දෙපල හා කුඩා ජෝර්ජ් කුමරු ඔවුන්ගේ තුන්වන විවාහ සංවත්සරය පෞද්ගලික මට්ටමින් විනෝද වීමටයි තීරණය කළේ.
මේ අතර ඩේලි මේල් පුවත්පත තවත් හෙළිදරව් කොට තිබුණා. එය නම් කේට් කුමරිය නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ සංචාරයට යාමට පෙර ඇයගේ හිසකෙස් සකසා ගැනීම සඳහා ඇමෙරිකන් ඩොලර් 10,000ක් (දහදාහක්) වැය කළ පුවතයි. කේට්ගේ මේ නවතම කොණ්ඩ මෝස්තරය නිර්මාණය කොට තිබුණේ ඉතා ප්‍රසිදධ හිසකෙස් සකසන්නියක් වන ඇමෙන්ඩා කුක් ටකර් විසිනුයි.
මේ අතර ඇමෙන්ඩාගේ මිතුරියක් ඩේලි මේල් හට පවසා තිබුණේ ඇය සාමාන්‍යයෙන් එක් අයකුගෙන් ඩොලර් 250ක් අය කලත්් කේට් කුමරියගෙන් මෙපමණ මුදලක් අය කිරීමට හේතු වී තිබුණේ් ඇය ඉතා දිගු ගමනක යෙදෙන බැවින් එයට ඔරොත්තු දෙන පරිදි එම හිසකෙස් විලාසිතාව දිගු කලක් එක ලෙසට පවත්වාගෙන යා හැකි අයුරින් සකස් කළ බවයි.
කේට් එම සංචාරය අතරතුර ඇමෙන්ඩාට ස්තූති කිරීමට ද අමතක කර තිබුණේ නැහැ. ඒ වගේම කේට්ගේ මේ අලුත් හිසකෙස් විලාසිතාව ඇයට සුන්දර පෙනුමක් ලබාදෙන බව එලිසබත් රැජිනද පවසා තිබුණා.