ලොව තුන්වන කොකේන් නිෂ්පාදකයා වන බොලීවියාව ජගත් මහ ලේකම් බෑන් කී මුන් ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් කොකේන් නිෂ්පාදනය කරන කොකා ශාකයේ පත්‍රවලින් සැකසු කේක් ගෙඩියක් පිරිනමා තිබෙනවා.
කොකේන් ,හෙරොයින් සහ ඔපියුම් වැනි මත් ද්‍රව්‍ය 1961 දී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති මත්ද්‍රව්‍ය වනවා. ඊට විරෝධය පළ කරමින් බොලීවියානු ජනාධිපති ඉවෝ මොරාලස් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සමුළුවේදී කොකා පත්‍ර ප්‍රසිද්ධියේ ආහාරයට ගෙන තිබෙනවා. කොකා ගොවියෙකු වු ඉවෝ මොරාලස් එවැනි විරෝධතා මගින් වනවිට බොලීවියාව තුළ කොකා වැවීමට සහ භාවිත කිරීම සදහා අවසර ලබාදී තිබෙනවා.
පසුගිය සමයේ අපේ රටේද කොකා ශාකය පිළිබඳව වඩාත් කතා බහට ලක්වූවා. ඒ සුදුහඳුන් බව පවසමින් රටේ බොහෝ ප්‍රදේශ වලට කොකා පැළෑටිය බෙදාහැර ඇති බව පවසමින්.
