ඔබ නිවසේ සිට එදිනෙදා කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවක දී, රැකියාවේ යෙදී සිටින අවස්ථාවක දී බර දෙයක් ශරීරය මත පතිත වීමෙන්, යමක් ශරීරය විනිවිද යාමෙන්, අස්ථියක් බිඳී යාමෙන් හෝ ශරීර අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවිය හැකියි.
අප ගියවර සඳහන් කළ පරිදි අධික ලෙස රුධිර වහනය වීම මරණය වුවත් ළඟා වීමට හේතු වන නිසා, බාහිර ලේ ගැලීමකටත් වඩා අභ්‍යන්තර ලේ ගැලීමක් සම්බන්ධයෙන් අප වඩා සැලැකිලිමත් විය යුතුයි.
මක් නිසාද එය අපට හෝ අප වටා සිටින අයට සෘජුව, ක්ෂණිකව දැක ගැනීමට හැකි නො වන නිසා යි. එහෙත් ප්‍රථමාධාරකරුවකු ලෙස ඔබ විශේෂයෙන් අභ්‍යන්තර රුධිර ගැලීමක දී එය හඳුනා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ දැනුම්වත් ව සිටිය යුතු යි.
ශරීර අභ්‍යන්තරයේ යම් වරදක් සිදු වූ විට එය බාහිරට ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නක්. ප්‍රථමාධාරකරුවකු ලෙස ඔබ හඳුනාගත යුතු වන්නේ එවැනි වැරැදි, බාහිරට ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ යි. අභ්‍යන්තර රුධිර වහනයක් බාහිරට ප්‍රකාශ කරන ආකාර කීපයක් පවතී.
කෙනෙක් කහින විට ලේ පෙණ වශයෙන් එනවා නම්, පෙණහළුවලට රුධිරය ගැලීමක් සිදු වී තිබෙන බව ඒ මගින් දැන ගත හැකියි. එමෙන් ම වමනය සමඟ තද දුඹුරු වර්ණයෙන් ලේ පිට වෙනවා නම්, ආමාශයේ පෙර ලේ ගැලීමක් සිදු වී තිබෙනවා යැයි දැන ගත හැකි යි. එමෙන් ම රතු පැහැයෙන් වමනය සමඟ ලේ පිට වෙනවා නම්, ඒ අවස්ථාවේ ආමාශයේ ලේ වහනයක් සිදුවන බව ප්‍රකාශ කෙරේ.
එමෙන්ම උකුල් අස්ථි බිඳීමක් නිසා මූත්‍රාශයට රුධිර වහනයක් සිදු වුණොත්, මූත්‍රා සමඟ ලේ පිට විය හැකි යි. එමෙන් ම අසූචි සමඟ ලේ පිට වීම, කණෙන් නාසයෙන් ලේ පිට වීම ආදිය මගින් හෙළි වන්නේ අභ්‍යන්තර රුධිර වහනයක් පිළිබඳයි.
කෙසේ වෙතත් අභ්‍යන්තර රුධිර ගැලීමක් මගින් රෝගියා කම්පනයට ලක්කර, ක්ෂණික මරණයක් උදා කළ හැකි යි. රෝගියා දැඩි නිදිමත බවක්, වමනය යැමක්, අවිවේකී බවක්, පැහැදිලි ලෙස හුස්ම ගැනීමේ වේගය අඩු හෝ වැඩි බවක් පෙන්නුම් කරනවා නම්, නාඩි වේගයෙන් වෙනස් සිදු වෙනවා නම්, අතපය සීතල වෙනවා නම්, වතුර ඉල්ලා කෑ ගසනවා නම්, රෝගියා කම්පනයට පත් වී සිටින බව ඔබ දැනගත යුතු යි.
නාඩි වේගය 60 ට අඩු හෝ 120 ට වැඩි නම් හා හුස්ම ගැනීමේ වේගය 10 ට අඩු හෝ 30 ට වැඩි නම් රෝගියාගේ තත්ත්වය අවදානම් සහිතයි. මෙවැනි අවස්ථාවක රෝගියා ක්ෂණික ව අසාමාන්‍ය තත්ත්වයක ට පත්විය හැකි යි. එබඳු අවස්ථාවකදී ඔබ රෝගියා වෙනුවෙන් අනුගමනය කළ යුතු පිළිවෙත කුමක් ද ? වහා ඔබ ක්‍රියාත්මක වී රෝගියාගේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා රෝගියාට රෙදි කීපයක් පෙරවන්න.
රෝගියා නිරන්තරයෙන් මානසික වශයෙන් ශක්තිමත් වන ආකාරයට කතා කිරීමටත්, ක්‍රි‍්‍රයා කිරීමටත් හැකිවන පරිදි ඔබේ ඉරියව් පවත්වා ගැනීම අවශ්‍ය නිසා, ඒ පිළිබඳ ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.
රෝගියාගේ අභ්‍යන්තර රුධිර ගැලීමක් නිසා ස්වයංක්‍රීයව මොළයට සැපැයෙන රුධිර ප්‍රමාණය අඩු වන නිසාත්, මොළය ඒ මගින් අක්‍රීය වී ජීවිත හානියක් සිදුවිය හැකි නිසාත්, මොළයට රුධිර සැපැයීමට යම් උදවුවක් ඔබ ලබා දිය යුතුව තිබෙනවා. ඒ සඳහා රෝගියාගේ දෙපා අඟල් 8 - 12 අතර ප්‍රමාණයකට ඔසොවා තැබීම කළ හැකියි. එමෙන් ම ඉක්මනින් රෝගියා රෝහල්ගත කිරීමට වග බලා ගන්න.
රෝගියා එසැණින් ශල්‍ය කර්මයකට භාජනය කළ හැකි නිසා, රෝගියාට කිසිවක් කෑමට හෝ බීමට නො දෙන්න. එමෙන් ම හදිසියේ හුස්ම නතර වී නාඩි වැටී ම නතර වීමක් සිදු වී නම්, ඔබ වහා ක්‍රියාත්මක වී ප්‍රතිජීවන ක්‍රියාවලිය කළ යුතුයි.
අප මීට පෙර මේ ලිපි මාලාවේ දී ප්‍රති ජීවනය පිළිබඳ ඔබට සඳහන් කළා මතක ඇති. රෝගියා රෝහල්ගත කළ පසු රෝගියාට සිදු වූ සියල්ල හා රෝගියා පෙන්නුම් කළ රෝග ලක්ෂණ සියල්ල නිවැරැදිව, කාලවේලා සහිතව වෛද්‍යවරයාට දැනුම් දීමට වග බලා ගන්න