මේ
දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන “පබසරා’ ටෙලි නාට්‍යයේ “පබසරා”
ලෙස අප හමුවන නිපුනිකා හේවාගමගේ නිවේදනය ඔස්සේ රංගනයට පිවිසි ශිල්පිනියකි.
දිළිඳුකමේ ගිලී ජීවිතය ජයගන්නට වෙර දරන “පබසරා” නම් අහිංසක දිරිය දියණිය අද
වනවිට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඇති නිසාම මෙසේඇයව අපේ කතාබහට එක්කර ගන්නට අපි සිතුවෙමු
.
* ඔබ නිළිකමට පිවිසුණේ නිවේදනය ඔස්සේ ?
නාලන් මෙන්ඩිස් ගේ “වාසනා වේවා” ටෙලි නාට්‍යයට නවක නිළියන් හොයනකොට මාව ඊට යොමුකළේ විශ්ව ලංකා. මුලදී මම ටිකක් මැලි වුණා. ඒත් අන්තිමට සම්මුඛ පරීක්ෂණයෙන් මාව තේරුණා. ඒ විදියට තමයි රඟපෑමට එකතු වුණේ.
නාලන් මෙන්ඩිස් ගේ “වාසනා වේවා” ටෙලි නාට්‍යයට නවක නිළියන් හොයනකොට මාව ඊට යොමුකළේ විශ්ව ලංකා. මුලදී මම ටිකක් මැලි වුණා. ඒත් අන්තිමට සම්මුඛ පරීක්ෂණයෙන් මාව තේරුණා. ඒ විදියට තමයි රඟපෑමට එකතු වුණේ.
* මේ වනවිට ටෙලි නාට්‍ය කීයකට විතර සම්බන්ධ වෙලා තියෙනවද ?
පහළොවකට විතර
පහළොවකට විතර
* නමුත් ඔබ ජනප්‍රියත්වයක් ලැබුවේ පබසරා තුළින්
ඇත්තෙන්ම ඔව්; පබසරාට පුදුමාකාර විදියේ රසික ප්‍රතිචාරයක් තියෙනවා.
ඇත්තෙන්ම ඔව්; පබසරාට පුදුමාකාර විදියේ රසික ප්‍රතිචාරයක් තියෙනවා.
* වැඩිම ප්‍රතිචාර තියෙන්නේ රසිකයින්ගෙන්ද රසිකාවියන්ගෙන්ද ?
ඔය දෙගොල්ලන්ටම වඩා පුංචි ළමයින්ගෙන් තමයි වැඩිම ප්‍රතිචාර තියෙන්නේ.
ඔය දෙගොල්ලන්ටම වඩා පුංචි ළමයින්ගෙන් තමයි වැඩිම ප්‍රතිචාර තියෙන්නේ.
* නමුත් ඔබට තරුණ රසිකයින්ගේ ආකර්ෂණය නෑ කිවොත් ඒක බොරුවක් නේද ?
ඔව්; මගතොටේදී වගේම දුරකතථයෙන් කතා කරන තරුණ රසිකයිනුත් ඉන්නවා.
ඔව්; මගතොටේදී වගේම දුරකතථයෙන් කතා කරන තරුණ රසිකයිනුත් ඉන්නවා.
* ඒ වගේ අය අතර රඟපෑම ගැන වගේම ආදරය ගැන කතා කරන අයත් ඇති ?
තරුණ නළු නිළි දෙපිරිසටම ඒ විදියට ආදරය කරන ගෑනු පිරිමි දෙකොට්ඨාසයම ඉන්නවා. මටත් එහෙම තමයි. එහෙම නෑ කිව්වොත් තමයි පුදුමේ.
තරුණ නළු නිළි දෙපිරිසටම ඒ විදියට ආදරය කරන ගෑනු පිරිමි දෙකොට්ඨාසයම ඉන්නවා. මටත් එහෙම තමයි. එහෙම නෑ කිව්වොත් තමයි පුදුමේ.
* එතකොට නිපුනිකා මොකද කරන්නෙ ?
ඒ විදිහට කවුරු හරි රසිකත්වයෙන් එහාට යන්න හදන බව දැනුණම මම මගෙ ප්‍රේමවන්තයා ගැන කියනවා. එතකොට ඒ කතා එතැනින්ම නතර වෙනවා.
ඒ විදිහට කවුරු හරි රසිකත්වයෙන් එහාට යන්න හදන බව දැනුණම මම මගෙ ප්‍රේමවන්තයා ගැන කියනවා. එතකොට ඒ කතා එතැනින්ම නතර වෙනවා.
* එහෙනම් නිපුනිකාගෙ ප්‍රේමවන්තයා ගැන අපිටත් කියන්න
එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ව්‍යාපාරිකයෙක්. මේක දිගු කාලීන ප්‍රේමයක්. මම නිළියක් වෙන්නත් කලින් ඇතිවූ ප්‍රේමයක්. නම ගම සහිත වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.
එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ව්‍යාපාරිකයෙක්. මේක දිගු කාලීන ප්‍රේමයක්. මම නිළියක් වෙන්නත් කලින් ඇතිවූ ප්‍රේමයක්. නම ගම සහිත වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.
* නිපුනිකා රඟපානවාට පෙම්වතා අකමැතියි නේද ?
ඒක මෙහෙමයි; මම එක දිගට කාර්යබහුල වෙලා ඉන්නවට එයා කැමති නැහැ. ඇත්තම කිව්වොත් මම ප්‍රේම ජවනිකා රඟපානවටත් එයාගේ පොඩි අකමැත්තක් තියෙනවා. ඒ හැරුණම නම් අකමැත්තක් නැහැ. කලාකාරයෙක් නොවුණත් එයා කලාවට හුඟක් ලැදියි.

* මතු දවසක එයාවත් රඟපෑමට යොමු කළොත් ඔය අකමැත්ත ඉබේම නැතිවෙලා යයි
එයා අඩි හයයි අඟල් දෙකක් උස කෙනෙක්. ඒ වගේම මට වඩා සුදු ගොඩක් කඩවසම් කෙනෙක්. මාත් එක්ක කලා ලෝකේ කටයුතුවලට සහභාගි වුණු අවස්ථාවල එයාව දැකපු අපේ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කිව්වා එයා නළුවෙකුට සුදුසු බව. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ එයා රඟපාන්න කැමති නැති එක.

* නමුත් පස්සෙ කාලෙක කැමති වුණොත් නිපුනිකා එයාට රඟපාන්න ඉඩ දෙනවාද ?
ඉඩ දෙනවා.
ඉඩ දෙනවා.
* ඒ වගේම වෙනත් නිළියන් එක්ක ප්‍රේම ජවනිකා රඟපාන්නත් ඉඩ දෙනවද ?
එක්තරා සීමාවක් තුළ ඉඳන් ප්‍රේම ජවනිකා රඟපෑවට කමක් නැහැ.
එක්තරා සීමාවක් තුළ ඉඳන් ප්‍රේම ජවනිකා රඟපෑවට කමක් නැහැ.
* ඔය සීමාව නිපුනිකාටත් තියෙනවද ?
ඔව්, මම කවදත් පෙම් ජවනිකා රඟපාන්නෙත් සීමාවක් තුළ ඉඳන්.
ඔව්, මම කවදත් පෙම් ජවනිකා රඟපාන්නෙත් සීමාවක් තුළ ඉඳන්.
* හැබැයි නිපුනිකාට වාණිජ සිනමාව තුළ මල් ගස් වටේ දුවන පෙම්වතියගෙ චරිතය රඟපාන්න ලැබුණොත් ඔය සීමාවන් තුළ ඉඳන් රඟපෑම අසීරු වෙයි.
මම පෙම්වතියගෙ චරිතය රඟපෑවට කවදාවත්ම සිප වැළඳ ගැනීමේ දර්ශනවලට පෙනී සිටින්නේ නැහැ. ඒ නිසා ඔය කී විදියේ නිර්මාණවලට මම එකතු වන එකක් නැහැ.
මම පෙම්වතියගෙ චරිතය රඟපෑවට කවදාවත්ම සිප වැළඳ ගැනීමේ දර්ශනවලට පෙනී සිටින්නේ නැහැ. ඒ නිසා ඔය කී විදියේ නිර්මාණවලට මම එකතු වන එකක් නැහැ.
* කලා ලොවේ කැපිලි කෙටිලි තියනවා බොහෝ අය කියනවා. නිපුනිකාටත් එවන් අත්දැකීම් තියෙනවද ?
බොරු කියන්නේ මොකටද එකට කටයුතු කරද්දී පුංචි පුංචි සිත් රිදීම් ඇතිවන අවස්ථා තියෙනවා. ඒත් ඉතින් මට නම් ඔය කියන තරම් මහ ලොකුවට කැපිලි කෙටිලි ඇවිත් නැහැ.
බොරු කියන්නේ මොකටද එකට කටයුතු කරද්දී පුංචි පුංචි සිත් රිදීම් ඇතිවන අවස්ථා තියෙනවා. ඒත් ඉතින් මට නම් ඔය කියන තරම් මහ ලොකුවට කැපිලි කෙටිලි ඇවිත් නැහැ.
* ඒ පුංචි සිත් රිදීම් ඇති වුණේ කාගෙන්ද ? කොහොමද ?
ප්‍රවීණයන්ගෙන් නම් කවමදාකවත් ඒ වගේ දේවල් වෙලා නැහැ. මමත් කවදත් ප්‍රවීණයන්ට ගරු කරනවා. මගේ සම වයසේ නිළියන් දෙතුන් දෙනෙකු හින්දා තමයි මම එවැනි අත්දැකීම් ලැබුවේ. කලා ක්ෂේත්‍රය පැත්තකින් තියමු. සම වයසේ අය අතර ඔය වගේ දේ තියනවනේ. මම ඒ ගැන එච්චර හිතන්නෙ නැහැ.
* නිපුනිකාගෙ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්න රසික පිරිස කැමති ඇතිප්රවීණයන්ගෙන් නම් කවමදාකවත් ඒ වගේ දේවල් වෙලා නැහැ. මමත් කවදත් ප්‍රවීණයන්ට ගරු කරනවා. මගේ සම වයසේ නිළියන් දෙතුන් දෙනෙකු හින්දා තමයි මම එවැනි අත්දැකීම් ලැබුවේ. කලා ක්ෂේත්‍රය පැත්තකින් තියමු. සම වයසේ අය අතර ඔය වගේ දේ තියනවනේ. මම ඒ ගැන එච්චර හිතන්නෙ නැහැ.
මගෙ ගම ගල්කිස්ස. ඉගෙන ගත්තේ කොළඹ කාන්තා විදුහලින්. මගෙ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මම උසස් පෙළ කළේ 2010 දී. විභාගය ඉවරවෙලා සති දෙකක් යන්න කලින් ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට පෞද්ගලික නාලිකාවකට එකතුවන්න ලැබුණා. ඊට පස්සෙ තමයි ජාතික රූපවාහිනියට එකතු වුණේ. දැනට මම හිරු නාලිකාවේ නිවේදන කටයුතු කරනවා. රඟපෑවට මම වෘත්තීය වශයෙන් පූර්ණකාලීනව කරන්නේ නිවේදනය.