WATCH Live CRICKET Select A Channel
Showing posts with label MUSIC. Show all posts
Showing posts with label MUSIC. Show all posts
05 June 2014
21 May 2014
ගීතයක කතාව - සොඳුරිය මට නොකියාම ගියා
3:27 PM Live Nirmala

සොඳුරිය මට නොකියාම ගියා..!
දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...
මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම
ගීතයක කතාව - උලලේනෝ
3:23 PM Live Nirmala

“ පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ.. ”
විරහව විඳින පෙම්වතෙකුට, තනිකම විඳින තනිකඩයෙකුට ගුණදාස කපුගේ ශූරීන් ගයන මේ ගීය තරම් වටිනා යමක් නොමැති තරම්ය. කෙසේ වෙතත් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගීතයට පාදක කොටගෙන ඇති වස්තුබීජය “ප්‍රේමය” මාතෘකාවෙන් තරමක් ඔබ්බට යන්නකි..
එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල තුලින් ඊට දායක වූවෙකු එයින් ලබන පරාජයත් සමග කැලයේ සැඟවී සිටිද්දී ඔහුට දැනෙන තනිකම, සගයන්ගෙන් ඈත් වීම තුලින් ඇති වූ දුක මේ ගීතය රචනා කිරීමෙහිලා රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ට හේතු වී ඇත..
උලලේනා, උලමා හා බැඳුනු විවිධ කතාන්දර හා මතයන් ගැමි සමාජය තුල පැවතිනි.සමස්තයක් ලෙස සලකද්දී උලලේනා කෙරෙහි සමාජය තුලින් ජනිත වන්නේ එතරම් සුභවාදී ආකල්පනම් නොවෙයි. උල ලේනෙක් හැඩීම ගමක ආසන්න මරණ සතක් සිදුවීමට හේතුවක් බවද ඇතැම් කතා තුල ඇතුලත්.
කෙසේ වෙතත් “උලලේනෝ” පදය භාවිතා කිරීම තුලින් ගීතය තුලින් දනවන්නට උත්සහ කරන පාළුව, දුක ,අසුභවාදී බව දෙගුණ තෙගුණ වී තිබෙනවා.
පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..
කිසිවෙකුත් නොමැතිව තනිව වනයේ දිවි ගෙවන ඔහුට මෙන්ම අනිත් සගයින්ටත් මේ උදා වී ඇත්තේ ඉතා නරක කාලයක්.. උලලේනාගේ හඬේ ඇති දුක්කිත බව නිසා අ තනිකම තවත් තීව්ර වන හෙයින් ඔහු උලලෙනාගෙන් අසරණව යදින්නේ හැඳීම නවත්වන ලෙස..
සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ...
ඔහු මේ ගෙවන්නේ සැප පහසු කාලයක් නොවෙයි. සීත සුළං හිරිකඩයි යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ ඔහු සිටින අපහසු තාවයයි.. වනයේ ජීවත් වෙන ඔහු උලලේනා හට පවසනවා උලලේනාට පිහාටු පමණක් තිබෙන්නක්මෙන් ඔහුටද ඉතිරිව ඇත්තේ අටවා ගත් පැල්පත පමණක් බව.
ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ....
සිදු වූ සියල්ල සිදු වී හමාරයි දැන් තව දුරටත් හඬා පලක් නොවෙයි. තමා අවබෝධ කර ගත් දුක ඔහු උලලේනාටද කියා දෙයි.
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..
කැරැල්ල අසාර්ථක වී සිය සගයින්ද දිවි පුදා හමාරය. නමුත් ඔහු තවම සිය විමුක්තිය අත් හැර පරාජය භාර ගැනීමට සුදානම් නොමැත. එවැනි අරගලයකදී වියෝගයන් ඇතිවන බව ඔහු නොදැන සිටියා නොවේ.. මේ දුක් සියල්ල අවසන් වෙන්නේ කෙසේ හෝ ඔවුන් ඔවුනට අවැසි ලෝකය ලබා ගත් දැක්ම පමණි.. ඔහු තමන්ට සිටින එකම මිත්‍රයා උලලෙනාට පවසයි..
ගීතය එසේ අවසන් වත්ම තවත් පැනයක් සිතේ පවතියි.. ඒ “උලලේනා” යනුවෙන් මෙම ගීතයේ හඳුන්වා ඇත්තේ දුක් විඳින, අසරණව තම දුක කියා ගැනීමට නොහැකිව හඬන සමස්ත ජනතාවදෝ..කියායි..
ගීතයේ ප්‍රස්තුතය එසේ වෙද්දී ගීතය රස විඳින ශ්‍රාවකයින්ට ඔවුනොවුන්ගේ ජීවිත වලට, මාතෘකා වලට ගීතය ඈඳා ගැනීමට සම්පූර්ණ ඉඩ හසර රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඉතා විශිෂ්ට ලෙස ලබා දී ඇත..
ගායනය : ගුණදාස කපුගේ
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ
ගීතයක කතාව - සඳකඩ පහණක කැටයම් ඔපලා
3:21 PM Live Nirmala

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී...
ගායක සුනිල් එදිරිසිංහයන්ගේත් රචක වොලීනානායක්කාරයන්ගේත් සංගීත අධ්‍යක්ෂක වික්ටර් රත්නයකයන්ගේත් කුළුඳුල් නිර්මාණ දායකත්වයෙන් පන ලබන සඳකඩ පහණක ගීතය ඇතුලත්ව තිබුනේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ “මාතර ආච්චි” චිත්‍රපටයෙයි.
ගීතයේ අර්ථය සොයා යාමේදී පද වලට විවිධ අර්ථකතන ලබා දීමට ශ්‍රාවකයින් හා විචාරකයන් උත්සුක වී ඇති බව පැහැදිලි වේ.
විටෙක ඇතැමෙක් පැවසුවේ මෙය අරුත් සුන් ගීයක් යනුවෙනි. පද වල සම්බන්දතාවක් හරි හැටි අඳුනා ගත නොහැකි වීමම ගීතයේ පද කෙරෙහි මහා අරුත්බර පෞර්ෂයක් ගෙන දුන්නා යැයි තවකෙකුට කිව හැකිය.
කෙසේ වෙතත් ගීතයේ පද පිළිබඳව එළඹිය හැකි පොදු නිගමනය වන්නේ එය අතිශය පෞද්ගලික ගේය පද රචනයක් බවයි. සාමාන්ය රසිකයා පමණක් නොව ඇතැම් ගීත විචාරකයින් පවා සඳකඩ පහනක ගීතයට විවිධ අර්ථකතන ලබා දී ඇත්තේ එබැවිනි.......
ගීතයක් ලෙස ඇති සාර්ථකත්වයක් ලැබූ සඳකඩ පහණක ගීතයෙහි අර්ථ රසය පිලිබඳ බොහෝ දෙනා තුල පැනයක් පැවතුනද මාතර ආච්චි චිත්ර පටය නැරඹීම හා එහි ගීතයට අදාළ සිනමා රූප පෙළ ඈඳා ගැනීම තුලින් පද වල අරුත්බර බවක් මතු කර ගත හැකිය.
චිත්ර පටයට අනුව එහි පෙම්වතාට වැඩි දුර අධ්යාරපනය සඳහා විදේශ ගත වීමට සිදු වෙයි.පෙම් වතියට නිවසෙන් විවාහ යෝජනා පැමිණෙයි.එම බල කිරීම් නිසාම ඇය විවාහ පත්වන අතර නැවත මව්බිමට පැමිණෙන පෙම්වතාගේ සිතුවිලි මෙම ගීතයෙන් විදහා දැක්වීමක් සිදු කෙරෙයි.
සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ..
සඳකඩ පහනක තිබෙන කලාත්මක කැටයම් ඔප් නංවමින් අ මත වර්ණවත් දේදුන්නක් ලැගුම් ගන්නාක් මෙන් පවතී පෙම හදිසියේ බිඳ දමමින් නික්ම යන්නට සිදු වීම හේතුවෙන් අන් කෙනෙකු සමග විවාහපත් වීමට පෙම්වතියට සිදු වෙයි.
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී
කාලයාගේ අවෑමෙන් නොමියෙන ලෙස ප්රේනමය ස්ථාවර කර ගැනීමට හැකි අයුරින් ජීවිතය තුල ස්ථාවර බවක් පෙම්වතා තුලින් ඇති වෙත්ම පෙම්වතියගේ අකමත්තෙන්ම ඇයව යලි හිමි කර ගත නොහැකි තරම් දුරක (විවාහයක) ගෙනගොස් ඇත..
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ
මී මැස්සෙකු මල් ගණනාවකින් රොන් ගෙන සදන්නාවූ මේ වදය තැන්පත් කරන්නේ ඉතා ඉහල ස්ථානයකය. ඒ අන් කිසිවක් නිසා නොව ආරක්ෂාව සඳහාම වෙයි. නමුදු අහස කළු කර අද හැලෙන එක වැස්සකට එම මී වදය සේදී යන්නාක් මෙන් සිදු වීමකට දැන් ඔවුන් මුහුණ පා සිටී. මේ වන විට නටඹුන් වී හමාර ඔවුන්ගේ ප්‍රේමය තුලින්ම තව කෙනෙක් ඈ වෙත ඔහුගේ සිත පුදා හමාරය.
හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා
පොපියන හදවත සිටී බලා
ප්‍රේමයේ මල් දරන්නට පෙරම දෙදෙනාට වෙන්නට වීමෙන් කඳුළු කොතෙකුත් පොළොවට වැටුනද දන් ඒ දුක පහ වී ගොස් ඇත්තේ කඳුලක් සාගරයට එක් වූ විට ඒ කඳුල සොයා ගැනීමටවත් නොහැකි වන්නාක් මෙනි..
පෙම්වතිය සිය කැමැත්තෙන් තොරව යුග දිවියට එළඹුනද, ඇය නැවත ඒවි යැයි පෙම්වතාගේ හදවත තවමත් බලාපොරොත්තු දල්වා බලා සිටි.....
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - වොලී නානායක්කාර
සංගීතය - වික්ටර් රත්නායක
ගීතයක කතාව - ළඳුනේ.
3:19 PM Live Nirmala

ළඳුනේ..ළඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනා ගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම් තාක් දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමු උනා කීවොත් නිවැරදියි.. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියවුනු ගීතය සංගීතවත් වුනේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අව්‍යාජ සංගීතයෙන්.. ගීතයක වචන වලට, හැගීම් වලට පන දෙන්න කේමදාසයන් තරම් තවත් විශිෂ්ටයෙක් සිටි නැති තරම්.. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳවදැයි දන්නවාට නිසැකයි.. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙන ගණිකා වෘත්තියේ නියැලෙ සිටින කාන්තාවක් ගැනයි. ගීතයේ සරල අර්ථය එසේ වෙද්දී ගීතය පිටුපස තිබෙන අනුභූතිය යම් සිද්ධි දාමයක් හරහා බැඳුනක්.
ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණ දුන් සැබෑ සිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙස සිදු කල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමට ගෙන ඒම. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළා. සුපුරුදු ලෙසම රාත්‍රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම් ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිස පිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්‍රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනා ගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනා සේ සිටිද්දී ඇයද ඔවුන්ව මග හැර යනවා. මිත්‍රයාට එය තරමක් සිතේ කම්පනයක් ඇති කල කරුණක් බවට පත් වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන්ද ඇයව දැන් ප්‍රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක්ද යැයි නිසැකයෙන්ම ඔහුට සිතෙන්නට ඇති.. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්‍රණය කරන්නේද ඒ හේතුවම නිසා වන්නට ඇති....
ළඳුනේ..ළඳුනේ..
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....
ඇය කොතරම් පිරිමින් ඇසුරු කරන්නට ඇතිද.. නමුත් ඇයට තවම ස්වාමියෙකු නැත. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සමාජයේ බහුතරය මෙන් ඇය හට දොස් පැවරීම බැහැර කොට ඇයව විග්‍රහ කර ගැනීමට උත්සහ දැරීමක් සිදු කරනවා...
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ....
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි...
ජීවිතය යන්තමින් හෝ අමුණා ගැනීමට මුදල් සොයා ගැනීමට ඇයට සිදුව ඇත්තේ වීදි වල සරි සරීමටයි. නෑදෑයෙකුවත් නොමැති ඇයට ඇති එකම පිහිට බුදුන් සරණයි..
බුද්ධ කාලයේදීද අසරණ වූ කාන්තාවන් නිවනට යොමු වූ ලෙස ඇයද බුදුන් සරණ පතයි. එනිසාම ඇය බුදුන් කල පටාචාරාවක්.! කිසා ගොතමියක්.!
පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ....
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...
ඇයට හිමිව ඇති සමාජ තත්වය උදෙසා සැබවින්ම වග කිව යුත්තේ ඇය පමණක්ම නොවෙයි. ඇය සියලු ගැරහුම් ලබන්නේ ඈ වෙත පැමිණෙන පිරිමින් නිසාවෙනි. රාත්‍රියේ ඇගේ පහස ලබන්නන් සමාජය ඉදිරියේ කිසිඳු පවක් නොකරන්නාක් මෙන් ඇයව හෙලා දකියි.
සමාජය සම විටම දකින්නේ අයගේ මතුපිට ස්වරූපය පමණකි. ඇය මෙම තත්වයට ඇද දැමීමට හේතු වූ කරුණ කුමක්ද, කොතරම් දුකක් ඇගේ සිතේ ඇතිද යන්න රචකයා ශ්‍රාවකයාගෙන් සියුම් ලෙස ප්‍රශ්න කරනවා.. අවසානයේ ඇය දෙස යතාර්තවාදීව නිගමනයකට එළඹෙනවානම් ඇය කිසිවෙකුට කල වරදක් නොමැත. නමුත් සමාජය ඉදිරියේ ඉබේම වැරදි කාරියක් බවට පත් වී තිබේ..
"ළඳුනේ.." ගීතය ගැන තවත් කිව යුතුම දෙයක් ඇත.ඒ මේ ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාව යොදා ගැනීම අහම්බෙන් සිදු වූ බවයි. ගීත පටිගත කිරීමට සියලු කටයුතු සුදානම් කොට තියෙද්දිත් පෙර මෙම ගීතය ගායනය කිරීමට දායක වීමට සිටි ගායකයා පැමිණියේ නැත. එවිට කේමදාසයන්ට සිහි වුවේ සිය වාදය වෘන්දයේ එවකට වයලීනය වාදනය කරන අමරසිරි පීරිස් මහතාවයි.. එසේ මෙම ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාට වරම් ලැබුණු අතරම ඔහුගේ හඬ ගීතයට ගැලපෙන අයුරු ඉවෙන් මෙන් කේමදාසයන් දැන ගැනීමෙන් ඇති විශිෂ්ට නිර්මාණයක් සමග ඇති විශිෂ්ට ගායන ශිල්පියෙක් රටට දායාද විය ...
ගායනය : අමරසිරි පීරිස්
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගීතයක කතාව - සමනළයා මල හා ළමයා සේ
3:15 PM Live Nirmala

සමනළයා මල හා ළමයා සේ.....
ගීතය අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙළිදෙලෙන් කල් ගෙවන ළමයෙකුගේ චිත්ත රූපයක්. බහුතර රසික පිරිසකට එය එසේ වුවත් මේ ගීතයේද විශාල වටිනාකමකින් යුතු අරුතක් ගැබ්
වෙලා තිබෙනවා...
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ..
සමනලයා, මල , ළමයා යන පද ත්‍රිත්වයේ භාවිතාව ගීතය පුරාවටම යෙදෙන නිසා ඒ පිළිබඳව ප්‍රථමයෙන් විමසා බැලීමක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.. ළමයාට මලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද..? සමනලයාට ඇති ප්‍රයෝජනය..? සමනලයා මලෙන් රොන් උරා බී මල තනි කොට තවත් මලකට ඉගිල යයි. නමුත් ළමයා මලෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මලට සිය අසීමිත ආදරය දැක්වීමයි..
සරලවම ගීතයෙන් කියවෙන්නේ චරිත ත්‍රිත්වයක් ගැනයි. මලකට සමාන කොට තිබෙන්නේ රුවැති, ප්‍රේමයට අත්පොත් තැබීමට සැරසෙන යව්වනියක්. මැයට ඉමහත් ලෙස ආදරය කරන තරුණයෙක් මෙහි දෙවැනි චරිතය වෙනවා. ළමයාට සමාන කරන්නේ එකී තරුනයාවයි.. එනමුත් තරුණියගේ සිතේ මේ තරුණයා කෙරෙහි ආදරයෙන් බැඳීමට තරම් කැමැත්තක් තිබුනේ නෑ. ඇගේ සිතගොස් තිබුණු තවත් තරුණයෙක් ගීතයේ තෙවැනි චරිතය වනවා..ඔහුව රචකයා සමාන කරන්නේ සමනලයාට.. සමනලයා මල කෙරෙහි ආදරයක් නොතිබුන අතර එකම අරමුණ වුනේ පෙර කී පරිදිම මලෙන් රොන් බී මල තනි කර යෑමයි...
සමනලයා, මල හා ළමයා ජීවිතය ගැන හරි හැටි අවබෝධ නොගත් කාලයේ එක්ව කාලය ගත කරා.. පුදුමාකාර ජීවිතය තුල මේ චරිත තුන තව දුරටත් එක්ව හිඳින්නේ නෑ..
මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා.....
තරුණියට ආදරය නොදක්වන, එහෙත් තරුණියගේ ආදරය දිනා ගත ව්‍යාජ පෙම්වතා හෙවත් සමනලයා සිය අරමුණ ඉටු කර ගත පසු මල තනි කර යන්නට යනවා.. එය එසේ සිදු වුනත් තරුණිය තනි නොකරන, ඇයට සැබෑ ලෙසම ආදරය කරන තරුණයා කිසිවක් නොදුටු ලෙස සිටින්නේ ඇයට තියන අසීමිත ආදරය නිසාම විය යුතුය..
මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ....
තරුණිය කෙරෙහි සැබෑ ලෙසම ආදරය කරන තරුණයා ගැන පෙර සිටම ඇය දැන සිටියත්, ඇය නිසා ඔහුට දුකක් උරුම වන බව ඇය දැන සිටියත් ඒ කිසිවකින් ඇයට පලක් වුනේ නෑ. ඇගෙන් සිය අරමුණු ඉටු කර ගත් ව්‍යාජ ආදරවන්තයා ඇය තනි කර ඉගිලී යනවිටත් ඇයට නොදැනීම ඇය බොහෝ ප්‍රමාද වී හමාරයි.. තවමත් ඇගේ දුක දැනෙන සැබෑ පෙම්වතා ඈ වෙනුවෙන් හඬත්දී ගීත රචකයා පැනයක් ලෙස “පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ” යන යෙදුම භාවිතා කරන්නේ නැවත වරක් ඇයට සැබෑ ලෙසම ආදරය කරන පෙම්වතාගේ ආදරයේ තරම රසිකයාට පසක් කරවීමට මෙනි...
ගීතයට භාවිතා වන්නේ ඉතාමත් සරල පද පමණකි. නමුත් ගම්‍ය වන අරුත ඔබ, මා සැබෑ ලෙස දකින ජීවිතයේ තවත් එක් යතාර්තවාදී පැතිකඩකි. පුදුම වීමට කරුණක් නොමැත. මේ ගීතයේද රචකයා වන්නේ ඔහුමයි.ඔහු නමින් ප්‍රේමකීර්ති ද අල්විස් .!!
ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගීතයක කතාව - පෙරුම් පුරාගෙන ආ සංසාරේ
3:13 PM Live Nirmala

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ......
සේනානායක වේරලියද්දයන්ගේ ගීත අතුරින් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අමරණීය ගීතයක් “පෙරුම් පුරාගෙන ආ සංසාරේ” ගීතය. ගීතයේ තනුව, සංගීතය, ගායනය නිසා එසේ ජනප්‍රියත්වයට පත් වන්නට ඇති. ගීතය පිටුපස ඊට පාදක උණු තවත් වේදනාත්මක කතාවක් තිබෙන බව දන්නේ ඉතාමත් සුළු පරිසක් පමණයි....
“ආදරේ අන්ධයි” ඔබ අසා ඇති.. ආදරෙන් බැඳුනු දෙදෙනෙකු හට ඔවුන්ගේ ලෝකයේ සිටින්නේ ඔවුන්ම පමණයි. බලාපොරොත්තු වන්නේද එකිනෙකාගේ සතුටයි. එසේ නොමැති ලෝකයකින් ඔවුනට කිසිඳු පලක් නැත.
එවන් පෙම්වතුන් දෙදෙනෙක් සිටියා එකිනෙකාට ඉමහත් ලෙස ආදරය කරන. ඔවුන්ගේ ලෝකේ එකම සිහිනය උනේ යම් දිනෙක විවාහ වීම උනත් එයට දෙපාර්ශවයේම ගුරු දෙගුරු ආශිර්වාදය ලැබුනේ නෑ.. ඉවසීමේ සීමා ඉක්මවා ගිය තැන එකිනෙකාගේ ආදරයෙන් දෑස් අන්ධව ගිය යුවල එක තීරණයකට එළැඹෙනවා.. මේ භවයේදී නොහැකි වුනත් නැවත භවයකදී හෝ එක් වෙන බලාපොරොත්තුවෙන් දෙදෙනාම දුම්රියට පැන සියදිවි හානි කර ගැනීම ඒ තීරණයයි...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ..
පෙම්වතුන් යුවලක් ඔවුන්ගේ සිහින මාලිගා හදන්නේ කිසිවෙකුගේත් අවසරයක් ඇතිව නොවෙයි. තමන්ගේ ආදරේ කවදාක හෝ විවාහයකින් ජය ලබනවා තමන්ගේ හිතුමතේට සිහින මැවුවා, පෙරුම් පිරුවා. ඒ ප්රාපර්ථනයත් ලෝකය ඉදිරියේ විනාස වී ගොස් හමාරයි.....!
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිට මොහොතක් නතර වුනේ..
ඔවුන්ගේ එක් වීම නිසා දුකෙන්, අකමැත්තෙන් සිටි අයවලුන්ට දැන් දුක් වීමට හේතුවක් නෑ. ඔවුන් සිතනවා..! සිදු වූයේ දුම්රිය මොහොතක් නැවතීම පමණයි...!
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතය සුව අපමන වේ...
දොලක් වගේ දිය දෝත වගේ
ජිවතයේ අම සිසල දැනේ...
තමන්ගේම ලෝකයක් ගැන සිහින මැවූ යුවලට ඔවුන්ගේ ලෝකය තුල කිසිඳු බාධාවක් තිබුනේ නෑ... ඒ ලෝකය තුල ඔවුනට තිබුනේ අප්රනමාන සුවයක්, සිසිලක්..!
වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ.....
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ......
ජීවිතය විටෙක සින්දරයි තවත් විටෙක කටුකයි.. පෙර ඔවුන්ගේ ලෝකයේ සුව විඳි ඔවුන් සමාජය, බැඳීම් හමුවේ බොහෝ සිත් පීඩා වින්දා.. කොතෙකුත් කරදර ආවත් ඒ සැම දෙයකම විඳින්නට කුඩා හෝ සතුටු දායක තැනක් නැතුවාම නොවෙයි.. පෙම් යුවල මේ ලෝකයෙක් නික්මුනත් ඔවුන්ගේ සිත් වල කිසිඳු දුකක් තිබුනේ නෑ.. ඔවුන්ට සතුට කරා යා හැකි එකම මාර්ගය ඔවුන්ගේ නැණ පමණින් ඔවුන්ට තෝරා ගැනීමට අවසානයේ හැකි වුනා...
ගායනය : සේනානායක වේරලියද්ද
ගී පද : මහකණුමුල්ලේ වජිර හිමි
තනුව සහ සංගීතය : සේනානායක වේරලියද්ද
ගීතයක කතාව - ඔබ ආයෙමත් ඇවිදින්
3:02 PM Live Nirmala

ගීතයට සවන් දෙන රසිකයෙකුට ගීතයේ අර්ථය තේරුම් ගැනීම එතරම්ම අපහසු වන්නේ නෑ. ගීතයට පාදක වී ඇත්තේ සැබෑ අත්දැකීමක් ගුරුවරයෙකුගේ..!
මේ ගුරුවරයා සේවයේ යෙදී සිටියදී ඔහුගේ සිත ඇදී යනවා එක්තරා සිසුවියකට. ඒ වන විටත් කෙසේ හෝ ඔහු විවාහ නොවී සිටියත් ඔහුටපෙම්වතියක් සිටියා.. ඒ කටයුත්තට දෙපාර්ශවයේම ආශිර්වාදයද හිමි වී තිබුනා. ගුරුවරයාගේ සිතේ සිසුවිය කෙරෙහි හටගත් ප්‍රේම අංකුරය ඒකපාර්ශවීය ප්‍රේමයක් වන්නට හේතු වුනෙත් එයමයි... පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුවිය ගුරු වරයාගේ මානයෙන් ඈතට ඉගිලෙනවා. ටික කලෙකට පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කොට ගුරු පත්වීමක් ලබන ඇය සේවයට පැමිණෙන්නේ පෙර කී ගුරුවරයා සේවය කරන පාසලටමයි. පෙර ගුරුවරයාගෙන් ඈත්ව ගිය සිසුවිය නැවත මෙසේ පැමිණෙද්දී ඔහු විවාහකයි..
ගුරුවරයෙක්ම වන ධම්මික බණ්ඩාරයන් අතින් ගීයක් ලෙස ලියවෙන්නේ මේ අත්දැකීමයි. මෙය ඔහුගේම අත්දැකීමක් නොවනවා උනත් පෙර කී ගුරුවරයාගේ සිතුවිලි ඉතා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වා තිබෙනවා...
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි...
ඔබ ආයෙමත් ඇවිදින්...
උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයිතරම්
නුඹ නොදැන සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
“ඔබ කෙරේ සිතේ ආදරය අතු උණු පෙර දා නොනිදා ඔබ ගැනම සිතු දින කොපමනනම් තිබුනද..? ඔබ මගේ ජීවිතෙන් ඈත්ව ගිය පසු දුක් වී තවත් පලක් නොමැති නිසා හිතට යාන්තමට ඔබව අමතක කරන්නට හැකි උනා පමණයි. අයෙමත් ඔබ ජීවිතයට ඇවිත්..!!”
ඔහුට ඇය ගැන ඇත්තේ සුන්දර වූ වෛරයක්. පද පේලි අතර සඟවා තිබෙන හැංගීම ගෙන බැලුවහොත් අයගේ පුනරාගමනය පිලිබඳ ඔහුට සතුටක් තිබෙනවා වන්නට පුළුවන්. නමුත් දැන් විවාහක ඔහු අහිංසක සතුටක් විඳින්නේ ඇයගේ පැමිණීම පිලිබඳම නොවෙයි. අතීතය ගැන සිහි කරමින්..
දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
කෙතරම් කාන්තාවන් දැක තිබුනත්, ඇසුරු කර තිබුනත් ඇය තරම් සුවඳවත්, ගුණවත් කෙනෙක් ඔහුට මෙතෙක් හමු වේ නෑ. ඇය ජීවිතයෙන් ඈත් වීම නිසා ඇති වූ දුක අඩු වූවා පමණයි ඇය අයෙමත් ඔහුගේ මානයට ඇවිදින්..!!
ධම්මික බණ්ඩාරයන් එසේ ගීතය තුලින් එක් සංවර පිරිමි චරිතයක් නිර්මාණය කරනවා. ඔහු ආත්මාර්තකාමී නොවන සමාජයේ බැඳීම්, නීති රීති හා සමීපතමයන් හමුවේ සිය සතුට කැප කරන්නෙක් .!!
ගායනය - අමරසිරි පීරිස්
ගීපද - ධම්මික බණ්‌ඩාර
සංගීතය - ඩැනිස්‌ටර් පෙරේරා
මේ ගුරුවරයා සේවයේ යෙදී සිටියදී ඔහුගේ සිත ඇදී යනවා එක්තරා සිසුවියකට. ඒ වන විටත් කෙසේ හෝ ඔහු විවාහ නොවී සිටියත් ඔහුටපෙම්වතියක් සිටියා.. ඒ කටයුත්තට දෙපාර්ශවයේම ආශිර්වාදයද හිමි වී තිබුනා. ගුරුවරයාගේ සිතේ සිසුවිය කෙරෙහි හටගත් ප්‍රේම අංකුරය ඒකපාර්ශවීය ප්‍රේමයක් වන්නට හේතු වුනෙත් එයමයි... පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුවිය ගුරු වරයාගේ මානයෙන් ඈතට ඉගිලෙනවා. ටික කලෙකට පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කොට ගුරු පත්වීමක් ලබන ඇය සේවයට පැමිණෙන්නේ පෙර කී ගුරුවරයා සේවය කරන පාසලටමයි. පෙර ගුරුවරයාගෙන් ඈත්ව ගිය සිසුවිය නැවත මෙසේ පැමිණෙද්දී ඔහු විවාහකයි..
ගුරුවරයෙක්ම වන ධම්මික බණ්ඩාරයන් අතින් ගීයක් ලෙස ලියවෙන්නේ මේ අත්දැකීමයි. මෙය ඔහුගේම අත්දැකීමක් නොවනවා උනත් පෙර කී ගුරුවරයාගේ සිතුවිලි ඉතා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වා තිබෙනවා...
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි...
ඔබ ආයෙමත් ඇවිදින්...
උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයිතරම්
නුඹ නොදැන සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
“ඔබ කෙරේ සිතේ ආදරය අතු උණු පෙර දා නොනිදා ඔබ ගැනම සිතු දින කොපමනනම් තිබුනද..? ඔබ මගේ ජීවිතෙන් ඈත්ව ගිය පසු දුක් වී තවත් පලක් නොමැති නිසා හිතට යාන්තමට ඔබව අමතක කරන්නට හැකි උනා පමණයි. අයෙමත් ඔබ ජීවිතයට ඇවිත්..!!”
ඔහුට ඇය ගැන ඇත්තේ සුන්දර වූ වෛරයක්. පද පේලි අතර සඟවා තිබෙන හැංගීම ගෙන බැලුවහොත් අයගේ පුනරාගමනය පිලිබඳ ඔහුට සතුටක් තිබෙනවා වන්නට පුළුවන්. නමුත් දැන් විවාහක ඔහු අහිංසක සතුටක් විඳින්නේ ඇයගේ පැමිණීම පිලිබඳම නොවෙයි. අතීතය ගැන සිහි කරමින්..
දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
කෙතරම් කාන්තාවන් දැක තිබුනත්, ඇසුරු කර තිබුනත් ඇය තරම් සුවඳවත්, ගුණවත් කෙනෙක් ඔහුට මෙතෙක් හමු වේ නෑ. ඇය ජීවිතයෙන් ඈත් වීම නිසා ඇති වූ දුක අඩු වූවා පමණයි ඇය අයෙමත් ඔහුගේ මානයට ඇවිදින්..!!
ධම්මික බණ්ඩාරයන් එසේ ගීතය තුලින් එක් සංවර පිරිමි චරිතයක් නිර්මාණය කරනවා. ඔහු ආත්මාර්තකාමී නොවන සමාජයේ බැඳීම්, නීති රීති හා සමීපතමයන් හමුවේ සිය සතුට කැප කරන්නෙක් .!!
ගායනය - අමරසිරි පීරිස්
ගීපද - ධම්මික බණ්‌ඩාර
සංගීතය - ඩැනිස්‌ටර් පෙරේරා
ගීතයක කතාව - රන් කෙන්දන් බැඳ
2:58 PM Live Nirmala

රන් කෙන්දන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි...
පෙම් රැහැනෙන් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි.....
ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය.. එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි.. සමාජයේ සම්මත යැයි සම්මත කර ගත් කරුණු අබියස තවත් එක්මිනිස් සිතක අසරණ වීමක් පිළිබඳව ගීතය රචිතයි.
රන් කෙන්දන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනෙන් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි.......
ඇය විවාහකයි. නමුත් සිය සැමියාට ඇයගේ සිත තුල ඇති කැමැත්ත කුමක් හෝ හේතුවක් නිසාවෙන් සීමා සහිතයි. එය යෝජිත විවාහයක් වන්නට හැකියි. එසේත් නැතිනම් දෙදෙනා තේරුම් ගැනීමේ අර්බුදයක් හෝ ආදරය හඳුනා ගැනීමේ වරදක් ද විය හැකියි. දෙදෙනාගේ අතැඟිලි එක වූවත් ඇගේ සිත තුල වුවේ මහා හිස් බවක්. මේ අතරතුර ඇයට හමු වූ තවත් තරුණයෙකු කෙරෙහි ඇගේ සිත ඇදී යනවා. ඔවුන් එකිනෙකා හා නිරායාසයෙන්ම ප්‍රේමයෙන් බැඳුනා. විවාහය තුල මෙන් නොව මේ තරුණයාට හැකි වී තිබෙනවා ඇයගේ සිතුම් වසඟ කර ගන්නට.
ඇගේ හැගීම් නිසා ඇය කොතරම් අසරණ වී සිටිනවා ඇතිද..! කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවූ ලෝකයක ඇය වැරදි හෝ නිවැරදි බව කවරෙකුට කිව හැකිද..?
කිරිලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ....
සම්මතය තුල එක වරක ප්‍රේමයෙන් බැඳීමට ඉඩ ඇත්තේ එක අයෙකු හා පමණයි. එය එසේ ව්වුවත් දැන් මැය විවාහකයි. එයින් එපිට ලෝකයක් පිලිබඳ තව දුරටත් සිහින මැවීමට කොතෙකුත් වුවමනා කම් තිබුනද එය සමාජය ඉදිරියේ වරදක්. ඉතින් තව දුරටත් සිහින මැවීමෙන් සිදු වන්නේ වෙහෙසට පත්වීම පමණයි. සිය සැමියාගේ සහ පෙර කී තරුණයාගේ එකිනෙකාට වෙනස් සුදුසුකම් දකින මැය ඒ දෙදෙනාටම සිය ආදරය පුද කිරීමට සැරසෙනවා. දිවා කල ලොව එලිය කරන්නේ හිරුයි. රාත්‍රියේ එය භාර වන්නේ සඳුටයි. එසේ දිවා රෑ එලිය කරන හිරු සඳු එක වර පැයුවොත් ඉන් කෙතරම් එළියක් ලෝකයට ලැබේවිද... එලෙස ඇගේ දිවියට හිරු සඳු එක වර පායා ඇති මුත් ඇගේ ලෝකය වසා පැතිරී ගොස් ඇත්තේ අඳුරයි. එය ඇයට පවා වටහා ගත නොහැකි සංකීර්ණ හැගීම් සමුදායක්.
කණාටු සුළඟේ දුහුළු මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ
ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ.....
සිහින් සුලඟක පාවී ඈතට ඇදී යන දුහුල් මලක් සේ කිසිඳු අරමුණක් නොමැතිව ඇගේ හිත ඔහේ පා වෙනවා. පිළිතුරක් සොයා ගත නොහැකි මේ පැනය ඉදිරියේ ඇගේ සිතට දැන් හොදටම වෙහෙසයි.. නැවත ඇගේ සිතට වැටහෙනවා මේ වේදනාවෙන් මිදීමටනම් ඇය කාගෙන් හෝ සමුගත යුතු බව. නමුත් ඒ ඇගේ සිත දිනා ගත් ඇය ආදරය කරන තරුනාගෙන්ද නැතිනම් ඇයට ආදරය කරන විවාහක ස්වාමියාගෙන්ද තව දුරටත් මෙය ඇයට පැනයක්..
ගීයේ අරුත විමසා බැලීමේදී පුදුමයට පත් කරවන සුළු කරුණක් වේනම් ඒ අජන්තා රණසිංහයන් කොයි ලෙසකින් මෙම අතිශය සංකීර්ණ සිතුවිලි ගී පද බවට පත් කලේද යන්නයි. ගීතයේ ඇතුලත සිටින කාන්තා චරිතයට සපුරාම ආරූඩ වන ඔහු මෙහිදී දකින්නේ ස්ත්‍රියක් තුල සමාජය විසින් දකින්නාවූ චපලත්වය නොවේ. ඇයද හැගීම් අභියස අසරණ වන එක් මනුෂ්‍යයෙක්ම බව ඔහු ගීතයෙන් මනාව හුවා දක්වන්නේ රසිකයාටද පැනයක් ඉතිරි කරමින්..
ගායනය - විශාරද නන්දා මාලනී
ගීපද - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
චිත්‍රපටය - දුහුළු මලක්
ගීතයක කතාව - තනි තරුවේ
2:46 PM Live Nirmala

තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න..
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් සහ හඬින් මෙන්ම ප්‍රේමකීර්ති මහතාගේ පද රචනයෙන් හැඩ ගැන්වෙන තවත් එක ගීතයකි.. ඔවුන් දෙපලගේ මිතුදම නිසාම ඉඩ ලැබෙන තැන කොතැනකට වී හෝ සාතුටු සාමීචියේ යෙදීමට පුරුදුව සිටියහ. එසේ එක් පැහැදිලි අහස ඇති දිනෙක වික්ටර් රත්නායකයන් සමග මුහුදු වෙරළේ වැතිරී සිටි ප්‍රේමකීර්ති මහතා හුදෙකලාව රස විඳිමින් “තනි තරුවේ” යි කියා තරුවක් ආමන්ත්‍රණය කළේය. ඒ වචනයම පමණක් තවත් ගීයකට නිමිත්ත කොට ගැනීමට රිසි වූ වික්ටර් රත්නායකයන්ගේ ආරාධනය මතින් ප්‍රේමකීර්ති මහතා පසුව අර්ථාන්විත ගීතයක් මෙසේ රචනා කරයි...
තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා....
තරුව ලෙස අමතන්නේ තරුණයෙක් සිය පෙම්වතියටය. ඇය හා එක වීම ඔහුට සැපතකි එනමුත් එයම ඇයට දුකකි. පෙම්වතා පෙම්වතියගෙන් සියලු ආයාචනා කරන්නේ ද්වේශයෙන් නොව. ඇය තරුවක්නම් ඔහුගෙන් නික්ම යන්නේ වෙනත් ලෝකයක් එලිය කරන්නටද විය හැක.. ඇගේ සතුට ඔහුගෙන් ඉවත් වීම නම් ඊට පෙම්වතා විරුද්ධ වන්නේද නැත. ඔබට අවැසි තැනක ඔබ යන්නයි කීම වෙනුවට ඔහු යදින්නේ ඔහුට පෙනෙන මානයේවත් සිටින ලෙසයි.. ඒ අන් කිසිවක් නිසාවෙන් නොව ඔහු සමග සිටීම නිසාවෙන් ඇය විඳින දුක් ඔහුට වැටහෙන බැවින් වෙන්ව ගොස් හෝ ඇගේ සතුට ඇයට ලැබෙන නිසාවෙන්ය..
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....
නෙතට නෙත මුවට මුව බැඳෙමින් ඉතා සමීපව මේ වනතෙක් එක්ව සිටි මුත්ඉදිරියටත් එසේ තරුව සිය සන්තකයේ නොමැති බව තරුවට ආදරය කරන්නා පවසනවා..
මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ......
මා හා එක්ව හිදීම තවත් දුකක් නිසාම මා ඇත හැර මගෙන් ඉවතට ඉගිල ගොස් සැනසීම සොයන තනි තරුවේ.. ..පෙම් කරන තරුව ඔහු වෙතින් නික්මෙන්නට හේතුව ඔහුම බව ඔහු වටහා ගන්නවා..
අහම්බෙන් සිය මුවට පැමිණි වදනක් නිමිති කොට ගනිමින් ප්‍රේමකීර්ති මහතාගේ අනෙකුත් ගීත වල මෙන්ම ඉතා ගැඹුරු හැගීම් සමුදායක් සරලව ඉදිරිපත් කිරීමට මෙහිදීද ඔහු සමත් වී ඇත.
ගායනය හා සංගීතය : වික්ටර් රත්නායක
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
20 May 2014
ගීතයක කතාව
7:27 PM Live Nirmala
11 May 2014
ගීතයක කතාව - රෑ වැඩ මුරය
10:13 AM Live Nirmala
රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අතීත ජන සමාජය තුල පුද්ගල වෘත්තීය දිවිය හා බැඳුනු ජන කවි අප අසා ඇත්තෙමු.. ඔවුන් ඉන් බලාපොරොත්තු වුයේ සිය වෘත්තීය දිවියේ ඇති කටුක කටෝර, දුක්ඛිත ස්වභාවය මදක් හෝ අස්වසා ගැනීමයි. එකල ඔවුහු ස්වයන්පෝෂිත වුහ. යුගයෙන් යුගයට සියලු දෑ අලුත් වෙද්දී ආර්ථිකය සංවර්ධනය කරා ගමන් කරවීමට පාලක පිරිස් උනන්දු විය. විවෘත්ත ආර්ථික ප්‍රතිපත්ති බිහිවිය. රට යම්තාක් දුරකට හෝ සංවර්ධනය වන්නට ඇත. නමුත් ඒ හා බැඳුන නොයෙක් සාමාජීය ගැටළු, පුද්ගල ජීවිතයේ සංවර්ධන ගැටළු විටින් විට අහන්නට දකින්නට ලැබිණි.
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අතීත ජන සමාජය තුල පුද්ගල වෘත්තීය දිවිය හා බැඳුනු ජන කවි අප අසා ඇත්තෙමු.. ඔවුන් ඉන් බලාපොරොත්තු වුයේ සිය වෘත්තීය දිවියේ ඇති කටුක කටෝර, දුක්ඛිත ස්වභාවය මදක් හෝ අස්වසා ගැනීමයි. එකල ඔවුහු ස්වයන්පෝෂිත වුහ. යුගයෙන් යුගයට සියලු දෑ අලුත් වෙද්දී ආර්ථිකය සංවර්ධනය කරා ගමන් කරවීමට පාලක පිරිස් උනන්දු විය. විවෘත්ත ආර්ථික ප්‍රතිපත්ති බිහිවිය. රට යම්තාක් දුරකට හෝ සංවර්ධනය වන්නට ඇත. නමුත් ඒ හා බැඳුන නොයෙක් සාමාජීය ගැටළු, පුද්ගල ජීවිතයේ සංවර්ධන ගැටළු විටින් විට අහන්නට දකින්නට ලැබිණි.
09 May 2014
ගීතයක කතාව - නින්ද නැති රැයේ
1:30 PM Live Nirmala

නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ...
ගුණදාස කපුගේ ශිල්පියානන්ගේ තවත් එක අමරණීය ගීතයක් “නින්ද නැති රැයේ” ගීතය.. කිසිදිනක එක නොවන ප්‍රථම ප්‍රේමයක අවසාන හෝරා කීපයක හැගීම් මෙලෙස වචන කරන්නේ රත්න ශ්‍රී ශූරීන් විසිනුයි.. “නින්ද නැති රැයේ” ගීතයට උත්පත්ති දෙකක් තිබේ යැයි මාපැවසුවහොත් ඇතැමෙක් පුදුම වන්නට ඉඩ ඇත. නමුත් එය සත්‍යකි. ගීතය එකිනෙකට වෙනස් සංගීත රටා සහ තනුවක් යොදා දෙවාරයකදී පටිගත කොට ඇත.
Subscribe to:
Posts (Atom)


