WATCH Live CRICKET Select A Channel

08 April 2014

මොඩ් වෙන් ආස උනත් බැහැනෙ ඉතිං | දුලානි


ඔවුන්ට මාව හැමතිස්‌සේම සුවිශේෂයි...
හැබැයි ආසාව නැතිවම නෙමෙයි....
- දුලානි

දුලානි කොහොමද ඉතිං ?
මේ දවස්‌වල නම් ගොඩක්‌ මහන්සිවෙලා ඉන්නේ.

ඒ මොකද ?
ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ඇහැළෙපොළ කුමාරිහාමිගේ චරිතය රඟපාන්නේ මම. ඉතිං ඒ වෙනුවෙන්
ගොඩක්‌ කැපකිරීම් කරන්න සිද්ධවුණා.

පසුගිය කාලයේ අසනීප වෙලා කියලත් ආරංචියි ?
ඔව්. ගොඩක්‌ අසනීප වුණා. ඒ තත්ත්වයත් එක්‌ක මට වැඩකරන්නත් සිද්ධ වුණා.
  

ඇහැලෙපොළ කුමාරිහාමිට සාධාරණයක්‌ ඉටුකළා කියලා හිතනවාද?
අධ්‍යක්‍ෂවරයා සහ මාත් සමග වැඩකළ අනෙකුත් ශිල්පීන්ගේ මතය විතරයි මට මේ වෙනකොට කියන්න පුළුවන්. නිර්මාණය ගැන හොඳ නරක කියන්න ප්‍රේක්‍ෂකයන්ට භාරකරනවා.

ගොඩක්‌ වෙලාවට දුලානිව අපිට දකින්න ලැබෙන්නේ ඉතිහාස කතා වලින් ?
මේ වෙනකොට මේ කාලයේ ගොඩක්‌වෙලාවට නිෂ්පාදනය වන්නේ ඉතිහාස කතා. මම හිතන්නේ අබා වලින් පසුව තමයි ඒක ඇරඹුණේ. හැබැයි තවමත් ප්‍රේක්‍ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර තිබෙන්නේත් එවැනි ඉතිහාස කතාවලට.මේ රැල්ලට යන ගොඩක්‌ කතාවලට මට ආරාධනා ලැබෙනවා. හැබැයි මම ඒවගෙන් තෝරාගන්නේ සුදුසු නිර්මාණ විතරයි.

මේ රැල්ලට හසුවෙලා දුලානිත් ගසාගෙන යාවිද?
නැහැ. චරිතවල විවිධ ස්‌වභාවයන් තියෙනවා. ඒකත් එක්‌ක මම එහෙම හිතන්නේ නැහැ. මම රඟපෑ කතා ඓතිහාසික වුණාට චරිතවල විවිධ කාලපරාසයන් තියෙනවා. ඒ හින්දා මම හිතනවා චරිත එකිනෙකට වෙනස්‌ කියලා.

මේ රැල්ලට ගසාගෙන යන්නේ නැහැ කියලා හොඳටම විශ්වාසද?
පැහැදිලිම මම මේ රැල්ලට ගසාගෙන යන්නේ නැහැ. ඒක ස්‌ථිරයි.

ගුරු ජීවිතය එහෙම කොහොමද?
ඒකනම් හරිම සුන්දරයි. මොකද ළමා ලෝකය හරිම පිවිතුරුයිනේ. එතැන අපිට හානියක්‌ වෙන දෙයක්‌ නැහැ. අපිට ඔවුන්ට හරි දේ ලබාදෙන්න තමයි තියෙන්නේ.

නිළියක්‌ වුණ හින්දා පුංචි දරුවන්ට අසාධාරණයක්‌ කරනවා කියලා හිතෙන්නේ නැතිද?
මට ලැබිලා තියෙන කාලසටහන අනුව මේ වෘත්තිය කරන්න පුළුවන්.

තිරයේ දකින දේවල් දැකලා පුංචි දරුවෝ විහිළු තහළු කරන්නේ නැතිද ?
ඔවුන්ට මාව හැමතිස්‌සේම සුවිශේෂයි. මම අද එන්නේ කොහොමද? හෙට එන්නේ කොහොමද කියලයි ඔවුන් බලන්නේ. මාව කොච්චර දැක්‌කත් ඔවුන්ට එපාවෙන්නේ නැහැ.

බටහිර පන්නයට අඳින පළඳින චරිතයක්‌ නිරූපණය කරන්න ආසා නැතිද?
ආසාවක්‌ නැතිකම නෙමෙයි. සමහර දේවල් ලැබුණට ප්‍රතික්‌ෂේප කරන්න සිද්ධ වෙනවා. මොකද කරන්න පුළුවන් සීමාවන් එක්‌ක. අනික මම ගුරුවරියක්‌. ඒ වගේම මම ඉන්න විදිහක්‌ තියෙනවා. ඒකත් එක්‌ක සමහර වෙලාවට මොඩර්න් චරිතයක්‌ කරන්න අපහසුතා එනවා. හැබැයි ආසාව නැතිවම නෙමෙයි.

ඔබ වැඩකරන්නෙත් සීමා මායිම් තියාගෙනද?
පැහැදිලිවම ඔව්. මම වැඩකරන්නෙත් සීමා මායිම් තියාගෙන.

ගුරු වෘත්තියේ විතරක්‌ නියෑළුණා නම් ඔය ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙන්නේ නැහැනේ ?
ගුරුවරියක්‌ වීම මගේ රංගන ජීවිතයට ලොකු ආභරණයක්‌. ඒවගේම හොඳ පිළිගැනීමක්‌ තියෙනවා.

දැන් ඉතිං ක්‍ෂේත්‍රයේ ඔයාගේ යාළුවෝ හැමෝම වගේ විවාහ වෙලා. ඔයාගේ විවාහ උත්සවය කවදාද?
කවදද කියන්න මම දන්නෙත් නැහැ. කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා.

දැන් ඉතිං සියල්ල අංගසම්පූර්ණ නිසා ඒ දෙයත් සිද්ධ වුණා නම් හොඳයි නේද?
හිතන හැමදේම හිතන මොහොතට කරන්න අමාරුයි. ඒකටත් වෙලාවක්‌ තියෙනවා. ඒ වෙලාව ගැන තවම කියන්න බැහැ. හැබැයි ඉතිං අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕනෑ.

තවම සුදුසු කෙනා ලැබිලා නැතිද?
එහෙම හිතනවා.

අපිට නම් ආරංචිය සුදුසු කෙනෙක්‌ ලැබිලා කියලයි ?
එහෙම කෙනෙක්‌ නැහැ.මම කියන්නේ නැහැ ජීවිතයට ආදරය කරලා නැහැ කියලා. මොකද ඒක නැතිනම් බොරුවක්‌ වෙනවානේ.










Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK