WATCH Live CRICKET Select A Channel

22 April 2014


උමාරියාටත් මංගල සීනු

කලා ලෝකේ ජනප්‍රිය තරු වලට මංගල සීනු හැඬවෙන බොහොම සුබ කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඔය තරු අතරට එකතුවෙන අලුත්ම තාරකාවිය තමයි
උමාරියා සින්හවංශ. ආරංචියේ හැටියට ඇය කාටත් නොකිය මේ වෙනකොට විවාහ ගිවිසගෙන. ඒ මේ ව‍සරේ මුල් කාලයේදී. සමහරවිට මේ වසර අවසන් වෙන්න කලින් එහෙම බැරිවුනොත් ලබන වසරේ මුල වෙද්දී wedding ඒක ගන්නයි උමාරියා හිතාගෙන ඉන්නේ.

උමාරියාගේ පෙම්වතාටත් ඇයට වගේම සින්දු කියන්න පුළුවන්ලු. ඒ කියන්නේ ඔහුත් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්. හැබැයි ඔහු ගැන වැඩි විස්තර කියන්න ඇය එච්චර කැමති වුනේ නැ. මොකද කටකතා හැදෙයි කියන බයට වගේම ඇස් වහ කටවහ වැදෙයි කියන බයට.

කොහොම වුනත් උමාරියාට තාම අවුරුදු 23යි. ඇගේ අක්කා උමාරාත් විවාහයෙන් පස්සේ සංගීත ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වුනානේ. ඉතින් තමන්ගේ හොඳම කාලයේදී උමාරියත් ගායන ක්ෂේත්‍රයෙන් ඈත් වෙයිද කියලයි ඇගේ රසිකයෝ නම් කල්පනා කරනවා ඇත්තේ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK