WATCH Live CRICKET Select A Channel

08 April 2014

Internet රෝග වලින් ඔබේ දරුවා බේරා ගන්න, නැනීකෙනෙක් ගෙන්න ගන්න... – 100%ක් ෂුවර්

 
















මේ, අපි ඔබේ පැටිකිරිය ඒ කිව්වේ යටගියාව පොඩ්ඩක් හාරල
බලමුද? කඩදාසි බෝට්ටු පැදපු, කොස් කොළ ඔටුනු පැලදපු, කුරුම්බැට්ටි මැෂිමෙ
කොළ මහපු, බට තුවක්කු වලින් කැට පෝල වලින් වෙඩි තියා ගත්ත,
රත් කරපු බට්ටො යාළුවන්ගේ කකුලේ තියලා පැනලා දිව්ව ලස්සන අතීතයක් ඔබට තිබිලනේ.
    හැබැයි ඉතිං ඒ වගේ අතීතයක් ඔබේ දරුවන්ට නං මේ ලෝකෙදි හම්බවෙන්නේ නෑ.ඒකට හේතුව වෙන කෙනෙක් නෙවෙයි ඔබමයි.‘අනේ තුවාල කරගනීවි, ලෙඩ හදා ගනීවි,මේ වත්තේ සෙල්ලම් කරන්න ඉඩක් කෝ ‘ කියලා එළියකට පහලියකට බහින්න ඉඩ නොදී ගේ අස්සෙම දාගෙන ළමයි හැදුවම, වහිද්දි අහස මොන පාටද කියලවත් ළමයි දැන ගන්නේ කොහොමද?
අනික ඔබ හිතනවද ඔය ජීවානුහරණය කරපු තිරුවානා , මුහුදු වැලි පැකට් සෙල්ලම් කරන්න ගෙනත් දුන්නට,ළමයි පරිසරය ගැන ඉගෙන ගනීවි කියලා. නෑ, කවදාවත් එහෙම වෙන්නේ නැහැ. එළියකට බහින්න ඉඩ නොදුන්නත්, අපි කියන්නේ අඩුම තරමේ ඔබේ දරුවට Internet එකටවත් යන්න දෙන්න. මොකද Video එකක් Documentary එකක් වත් බලලා ළමයි ඔයිට වඩා දෙයක් ඉගෙන ගනීයි.

          “Internet, අපෝ බැහැ. ඔය වචනෙවත් මගේ ළමයින්ට ඇහෙන්න දෙන්නේ නැහැ.අනික මේ සිද්ධ වෙන දේවල් පේන්නෙ නැද්ද. දැන දැන මගේ ළමයි අමාරුවෙ දාන්නේ කොහොමද? “ ඔහොම දේවල් ගොඩක් දැන් ඔබේ හිතට ආවා නේද?. හැබැයි ටිකක් ඔළුවෙන් හිතලා බලන්න.ඇත්තටම Internet කියන්නේ නරක දෙයක්ද? හැම දේකටම දෙපැත්තක් තියෙනවනේ.ඉතිං මෙතනටතත් ඒ කතාව ඔට්ටුයි කියලා ඇයි හිතන්න බැරි. අනික ඔබ කොච්චර දරුවන්ගෙන් හංගන්න හැදුවත් ඉතිංමේ වෙද්දි ලංකාවේ වයස 16 පැනපු 75% ක් ළමයි Google සෙව්වුම් යන්ත්‍රය භාවිතා කරන්න හොදටම දන්නවා. Internet පාවිච්චි කරන හැටි A - Z දරුවෝ ඔබට කියලා දෙන යුගයක් මේ.
           ඉතිං ගෙදරදි Internet තහනම් කරලා දරුවන්ව තවත් ඇට්ටර කරන්නෙ නැතුව අළුත්වෙන ලෝකේ එක්ක ඉස්සරහට යන්න එයාලට ඉඩ දුන්නොත් හොදයි නේද? මේ යන විදිහට එක තැන නැවතුනොත් ඉතිං එතනම තමයි. අනික ඉතිං Internet පාවිච්චි කරන ඔබේ දරුවා ගැන දැන් බය වෙන්න දෙයක් නැහැ.කිසිම නරක දේකට දරුවන්ට යන්න නොදී ඔබ වගේම පරිස්සමෙන් , දරුවවInternet එකේදි බලාගන්න කෙනෙක් දැන් ඉන්නවා. ඇයගේ නම ‘නෙට් නැනී’.

ඇසට නොපෙනෙන ඇය ඇත්තටම කිව්වොත් Software එකක්. Internet පාවිච්චි කරන 6ක් 4ක් නොතේරෙන දරුවන්ගේ ආරක්ෂාවටයි ඇයව නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙදි ඔබේ දරුවට සුදුසු වෙබ් අඩවි මොනවද කියලා ඔබටම තීරණය කරන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි,දරුවට Internetභාවිතා කරන්න දෙන්නේ මොන වෙලාවටද කියලත් ඔබට කලින්ම තීරණය කරන්න පුළුවන්.ඒ නිසා ඔබ ගෙදර හිටියත් නැතත් දරුවාට Internet භාවිතා කරන්න වෙන්නේ ඔබ තීරණය කරපු වෙලාවට විතරයි. තව දෙයක්මේ නැනී ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කරනවා. Internet සෙවුම් හී දරුවා, නුසුදුසු හරිකලින් ඔබ නැනීට දන්වපු නැති දෙයක් හරිහෙව්වහොත් ඒ වෙලාවෙම e mail පණිවුඩයකින් නෙට් නැනී ඒ ගැන ඔබව දැනුම්වත් කරනවා.ඒ නිසා 100% ක් ආරක්ෂිතව දරුවාට තනියම Internetපාවිච්චි කරන්න දෙන්න දැන් පුළුවන්.නෙට් නැනී දරුවව බලා ගනීවි.මේ තියෙන්නේ ලංකාවෙදි නෙට් නැනීගේ සේවය ලබා ගන්න පුළුවන් විදිහයි. මේ පාරෙන් ගියොත් රැවුලයි කැදයි දෙකම බේර ගන්න ඔබට පුළුවන් වේවි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK