අවුරුදු කුමරිය කරන්න රෙදි අරන් දෙන්න ගිය සල්ලාලයෝ දැරිය ගොදුරු කරගනී 27-04-2014
පැවැත්වේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ අක්මිමන පොලීස් බලප‍්‍රදේශයේ දීය.
මෙම දැරිවිය ගාල්ල මොරගොල්ල පදිංචි දැරිවියකි. ඇය බටදුව ප‍්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක් නැරඹීමට පැමිණ සිටිය දී ඇය අසල සිටි තරුණයන් කිහිපදෙනෙකු විසින් රවටාගෙන ලැගුම්හලට කැඳවාගෙන ගොස් තිබේ.
ඇය හරිම ලස්සන බවත් ඇය අවුරුදු උත්සවයේ බක්මහ කුමරිය තරඟයට දමන්නට තමන්ට හැකි බවත් ඔවුන් ඇයට පවසා තිබේ. ඊට අවශ්‍ය රෙදි ගන්නට ගාල්ලේ රෙදි කඩයකට යමු කියමින් දැරිය රවටාගෙන මෙම තරුණයන් පිරිස ත‍්‍රිරෝද රථයකට දැරිය නන්වාගෙන ගාල්ලේ නවාතැන් පොළකට ගෙනගොස් සමුහ දුෂණයකට ලක්කැර අතර මග මහමග දමා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ අක්මිමන පොලීසිය මගින් සිදු කරයි. කෙසේ නමුත්, දැරියගේ ඥාතිහු පවසන්නේ දැරිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ නිසිපරිදි ක‍්‍රියාත්මක නොවන බවයි.