WATCH Live CRICKET Select A Channel

02 May 2014

පැකර් ඇත්තටම කැසිනෝ ව්‍යාපෘතිය අතහරියිද? 02-05-2014

ප්‍රකට ඔස්ට්‍රේලියානු ආයෝජක ජෙම්ස් පැකර්ගේ මෙරට ක්‍රවුන් ව්‍යාපෘතිය අත්හිටුවන බවට නිල වශයෙන් දැනුම් දී නැතැයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අ‍බේවර්ධන මහතා පවසයි.අදාළ ව්‍යාපෘතිය අත්හැර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිඳව කළ විමසුමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ඩී.ආර්. විජෙවර්ධන මාවතේ ඉදි කිරීමට යෝජිත ක්‍රවුන් ශ්‍රී ලංකා හෝටල් සංකිර්ණයට ක්‍ර‍මෝපාය සංවර්ධන පනත යටතේ බදු සහන ලබා දීමට එරෙහි ව පසුගිය කාලයේ දැඩි විරෝධයක් එල්ල විය.
ඒ අදාළ ව්‍යාපෘතිය තුළ කැෂිනෝ ආරම්භ කරන බවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත් එම සංවර්ධන ව්‍යාපෘතිය තුළ කැෂිනේ සඳහා අවසර නොදෙන බව රජය අවධාරණය කරමින් ඊට අදාළ පනත් සංශෝධනයන් පසුගිය සිකුරාදා පාර්ලිමෙන්තුවේදී සම්මත කරගනු ලැබීය.
එහෙත් ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ආදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී ඇති බව ය.
එම වීඩියෝව -https://www.youtube.com/watch?v=suXM_RRhTpM

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK