WATCH Live CRICKET Select A Channel

04 May 2014

04-05-2014 | වසරක විවාහ දිවිය තුළ ලද කටුක අත්දැකීම් ගැන ෂෙරිල් කතාකරයි

Amaෂෙරිල් ඩෙකර් පුංචි තිරයේ ජනප්‍රිය චරිත  අතරට එක්වූයේ “අමා” ටෙලි නාට්‍යය තුළින්. අදත් බොහෝ අය ෂෙරිල්ව ආමන්ත්‍රණය කරන්නේ “අමා” ලෙස. කලකට පසුව ඇය යළිත් දීර්ඝ ටෙලි නාට්‍යයකට එකතුවී ඇති බව අපට ආරංචි වුණා. “අමා” අධ්‍යක්ෂණය කළ ශාන්ත සොයිසාගේ මෙම නවතම ටෙලි නාට්‍යයේ “නෙතූ”ගෙ චරිතය කාලෙකට පසුව ඉතා ආශාවෙන් භාරගත් චරිතයක් බවයි ෂෙරිල් කියන්නේ. ෂෙරිල් හා ජනප්‍රිය ගායක  රුවන් හෙට්ටිආරච්චිගේ විවාහ
ජීවිතයට පසුගිය ජනවාරි 5 වැනිදාට අවුරුද්දක් පිරුනා. පසුගිය කාලය තුළ මේ අයට ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම්වලට ලක්වන්නට සිදුවුණා. මේ සියලුම කාරණා ගැන කතා කරමින්කාලෙකට පසුව ෂෙරිල් අපිත් එක්ක එකතු වුණා.

ඉතින් කොහොමද ජීවිතේ?
හරිම සතුටින් සැහැල්ලුවෙන් හා ආදරයෙන් ගෙවිලා යනවා.
ෂෙරිල් - රුවන් විවාහයට පසුගියදා වසරක් පිරුනා නේද?
ඔව් අපි විවාහ වෙලා පහුගිය ජනවාරි 5 වැනිදාට වසරක් පිරුනා. එදා ඒ වසරක විවාහ දිවිය සමරන්න අපි නුවර ගියා. උදෙන්ම පල්ලි ගිහින් ඊට පස්සෙ දවසෙම සතුටින් ගත කළා.
බිරිඳක් විදියට වසරක අත්දැකීම් ගැන මොනවාද හිතෙන්නෙ?
තනිවම ගත කළ ජීවිතය වගෙ නමෛයි. බිරිඳක් විදියට ගත කරන ජීවිතයේ වගකීම් වැඩියි. ගෙදර කටයුතු සැමියගෙ කටයුතු හැමදේම හොයාබලන්න ඕනා. ඉස්සර වගෙ සැහැල්ලුවෙන් හිතන්න බැහැ. වගකීම් සහගතව තමයි ජීවිතයට මුහුණ දෙන්න ඕනෑ.
සමහර විවාහක අය කියනවා තනිකඩ ජීවිතේ තිබුණු සැහැල්ලුව විවාහයට වඩා වටිනවා කියලා.
මටවත් රුවන්ටවත් කවමදාවත් ඒ විදියට හිතිලා නැහැ. අපි දෙන්නට අපි දෙන්නා පුදුම විදියට ආදරේ කරනවා. මම හිතන්නෙ ඒ විදියට ආදරේ කරන කෙනෙක් ඉන්න කොට, තමා ගැන හොයන බලන කෙනෙක් ඉන්න කොට ජීවිතේට ඒක පුදුම ශක්තියක්. අපි දෙන්නගෙ විවාහ ජීවිතය නම් දවසින් දවස සුන්දර වනවා.
පහුගිය කාලෙ ඔය දෙන්නට නොයෙක් ගැටලුවලට මුහුණ දෙන්න වුණා.
ඔව්, බැඳලා අවුරුද්දක් ගවෛද්දී අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒත් අපි දෙන්න අපි දෙන්නට දක්වන ආදරේ හින්දා අපි කවමදාවත් තනිවුණේ නැහැ. නිතරම එකිනෙකාට ශක්තිය අපි දෙන්නට තිබුණා. ඒ හින්දා ඒ ගැටලුවලට මුහුණ දෙන්න පුළුවන් වුණා.
කටුක අත්දැකීම්වලදී නොවැටී ඉන්න අඹුසැමි යුවළකගේ ආදරය බලපාන හැටි ෂෙරිල් පැවසුවොත් තවත් අයට ඒක ශක්තියක් වේවි.
අපි නීතියෙන් වෙන්වෙලා කියලා ආරංචි පැතිරිලා ගියා. විවාහක යුවළක් වෙන්වුණා කියල කටකතාවක් හැදෙන්න මොකක් හරි හේතුවක් තිබෙන්න ඕනෑ. ඒත් කිසිම හේතුවක් නැතුවයි අපිට ඒ වගෙ කට කතා හැදුනේ. ඒකෙන් අපි තේරුම් ගත්තේ මේ කට කතා නිර්මාණය කරන්නේ අපි වෙන්වෙන හැටි හීන මවන කුහකයින් කියලා. ඒ වගෙ අඩු මානසික මට්ටම්වල අයට අපි අනුකම්පා කළා. ඒ වගෙ කතාවලින් අපිව වට්ටන්න බැරි බව තේරුණාම ඊර්ෂ්‍යාකාරයෝ රුවන්ගේ ස්ටූඩියෝ එක කොල්ල කෑවා. ඒත් අපි මානසිකව වැටුණේ නැහැ.
ඒ වගේ දෙයක් සිදුවුණාම මානසිකව නොවැටී ඉන්න එක අසීරුයි නේද?
ඇත්තටම අසීරුයි. අපිට සිදු වූ පාඩුව ලක්ෂ ගණනක එකක්. ඒත් ඒක මංකොල්ල කෑමකට වඩා ඊර්ෂ්‍යාවට කළ දෙයක් බව අපි තේරුම් ගත්තා. මගෙ සැලොන් එක විවෘත කළ දාට පහුවදා තමයි රුවන්ගේ ස්ටුඩියෝ එක මංකොල්ල කෑවේ. අනික ඒ මංකොල්ල කාරයෝ බිත්තිවල යම් යම් දේ ලියලා තිබුණා. මංකොල්ල කන්න ආවනම් ඒ වගෙ අපහාසාත්මක දේ ලියන්න අවශ්‍ය නැහැනේ. ඒකෙන් ඔප්පු වනවා මේක ඊර්ෂ්‍යා කාරයින්ගේ වැඩක් කියලා. ඒ වෙලාවේ බිරිඳක් විදියට රුවන්ට ශක්තියක් විය යුතු බව මම වටහා ගත්තා.
ඒ අවස්ථාවේ ෂෙරිල් රුවන්ට බිරිඳක් විදියට ශක්තියක් වුණේ කොහොමද?
පුංචි කාලෙ ඉඳන් මම කොල්ලෙක් වගේ. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න මට ශක්තිය තිබෙනවා. මංකොල්ලකාරයෝ ලක්ෂ ගණනක අලාභයක් කරපු අවස්ථාවේ මම ඇඬුවේ නැහැ. මම ඒ වෙලාවේ ඇඬුවා නම් රුවන් තවත් මානසිකව වැටෙනවා. සිද්ධියෙන් මානසිකව වැටිල ඉන්න පුද්ගලයාව ශක්තිමත් කරන්න මම ශක්තිමත්ව ඉන්න ඕනෑ. මම ඒ විදියට ඉඳගෙන රුවන්ට ශක්තියක් වුණා. ඒ සිදුවීමෙන් කලකිරිලා හැම දේම දමල ගහල ගියානං ඊර්ෂ්‍යාකාරයෝ දිනනවා. අපි සිද්ධියෙන් වැටෙන්නෙ නැතුව එතැනින් එහාට යන හැටි හිතුවා.
හොරකමේ සුලමුල දැන් හෙළිිවෙලාද?
තවම නැහැ. කිරුලපන ‍පොලීසිය ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඒත් වැරදි කරුවන්ට කෙදිනක හෝ දඬුවම් ලැබේවි. මගේ ආගමේ හැටියට මම ඉගෙන ගෙන තිබෙන්නේ ධර්මිෂ්ටයාට පීඩා අධිකව ලැබෙන බවයි. මම විශ්වාස කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට සාධාරණය ඉටු කරන බව මම දන්නවා.
කාලෙකට පසුව ෂෙරිල් ආයෙම රඟපෑමට එකතු වනවා නේද?
මගෙ රූපලාවන්‍යාගාරයේ කටයුතු හින්දා පහුගිය කාලෙ මම රඟපෑමෙන් ඉවත්වෙලා හිටියේ. දැන් ආයෙම රඟපෑම ආරම්භ කළා.
ෂෙරිල්ගේ නවතම ටෙලි නාට්‍යය ගැන කතා කළොත්?
මට ඉහළම ජනප්‍රියත්වය ලබා දුන් “අමා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි නාට්‍යයේ මම රඟපානවා. මම රඟපාන්නේ “නෙතු” කියලා චරිතයක්. “නෙතුත් අමා වගේම අහිංසක ගෑනු ළමයෙක්. වසර ගණනකට පසුව ශාන්ත අයියගෙ නාට්‍යයකට එකතුවීමට ලැබිම සතුටක්. මේක කොටස් 100ක ටෙලි නාට්‍යයක්. ළඟදීම ප්‍රේක්ෂකයින්ට එය දැකබලා ගන්න පුළුවන්.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK