WATCH Live CRICKET Select A Channel

06 May 2014

06-05-2014 | ජේම්ස් පැකර් හා මිතුරෙකුගේ ගුටිබැටය ගෑනු හුටපටයක් නිසාද? (Video)


සුප්‍රකට ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මහ පාරේ ගුටි ඇන ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප 50 ක් පමණ තිබෙන බවත් ඒවා මුදලට මිලදී ගන්නට ඕස්ට්‍රේලියානු මාධ්‍ය පොරකමින් සිටින බවත්
විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ජෙම්ස් පැකර්ගේ මංගල උළෙලේ දෙවෙනි මනාලයා ලෙස පෙනී සිට ඇත්තේද රණ්ඩුවක පැටළුණු නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් ගින්ජල්ය.

ලොව පුරා ලැව් ගින්නක් ලෙස පැතිරී ගිය පුවතක් වූයේ ජේම්ස් පැකර්ගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් ගයින්ජෙල් සමග ඔහු ඉරිදා පස්වරුවේ මහ පාරේ ගුටි ඇනගත් බවයි.

මෙම ගුටි බැට හුවමාරුව පිළිබඳව ඇසින් දුටු අය පවසා තිබෙන්නේ පිස්සු බල්ලන් දෙදෙනෙකු ලෙස මෙම කෝටිපතියන් දෙදෙනා මහ පාරේ පොරකෑ බවයි.

මෙම ප්‍රහාරයට හේතුවී තිබෙන්නේ තම නිවස ඉදිරිපිට නයින් නෙට්වර්ක්ස් හි, ප්‍රවෘත්ති කණ්ඩායමක් සජීවි විකාශ රථයක රැඳී සිටිනවා යැයි ජේම්ස් පැකර් විසින් වරදවා වටහා ගැනීම බව සඳහන්ය.

මේ අතර, නයින් නෙට්වර්ක්ස් ප්‍රධානියා ජේම්ස් පැකර්ගේ නිවස ආසන්නයට කැමරා ශිල්පියෙකු පිළිබඳව සොයා බැලීම සඳහා ගොස් තිබෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

පසුව එම ස්ථානයට පැමිණි පැකර් හා නයින් නෙට්වර්ක්ස් ප්‍රධානියා ගැටුමට පැටලී තිබේ.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගැටුමට ගෑණු හුට පටයක්ද ගෑවී තිබෙන බවත් ගැටුම කොතරම් දරුණු එකක්ද යත් ඔවුන්ගේ දත් පවා බිමට හැළුණු බවයි.

එම වාර්තා කොතරම් නිවැරදි වන්නේදැයි එකහෙළා පැවසිය නොහැකි නමුත් ගැටුමේ ඡායාරූප මේවන විටත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්ව තිබේ.

කෙසේවෙතත්, මොවුන් දෙදෙනාම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙම රණ්ඩුව වසර 35 ක මිත්‍රත්වයේ නැඟීමේ හා බැසීමේ කොටසක් බවයි.

එසේම තමන් තවමත් මිතුරන් බවද එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.








Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK