WATCH Live CRICKET Select A Channel

09 May 2014

09-05-2014 | 7 හැවිරිදි පිරිමි දරුවාව 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු අපයෝජනය කරයි

බෙන්තොට ප්‍රදේශයේ 07 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 50 හැවිරිදි මුස්ලිම් එරෙහිව පොලිසිය නිසි ලෙස රාජකාරි ඉටුනොකිරිමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසින් උද්ඝෝෂණයක නිරත විය. 

කොල්ලා අපේ - නීතිය තොපේ,පොඩි පුතුගේ සිනහා කටයි - නීතිය පගාවට යටයි,අපචාර වැඩි වෙලා - නීතිය ගොළු වෙලා,නීතිය දුප්පතාට ඕ ලෙවල් - පෝසතාට ඒ ලෙවල්,ආදී පුවරු රැසක් ගත් සිය ගණනක් මෙම විරෝධටාවයට එක් වූ අතර නගරය පුරාම සහ එම වෙලන්දසල අසල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි.

අලුත්ගම නගරයේ දි ඊයේ පැවති මෙම උද්ඝෝෂණයට එක්වුවන් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවයි. 

පසුගිය දිනක සිය මව සමග අලුත්ගම නගරයේ වෙළඳසැලකට ගිය අවස්ථාවේදී අදාළ දරුවා සිද්ධියට මුහුණ පා ඇත. 

මේ සම්බන්ධයෙන් අදහසක් දැක්වු එම දරුවාගේ මව පවසන්නේ තමන් වෙළඳසැලේ භාණ්ඩ තෝරා ගන්නා අතරවාරයේ දි එහි සිටි පුද්ගලයෙකු විසින් දරුවා අපයෝජනයට ලක් කර ඇති බවයි.

ඒ පිලිම්බන්දව එම දරුවාගේ මව ප්‍රකාශ කර සිටියේ "මම පාසල් යන කාලයේ ඉදලා මේ වෙලන්දසලට ගියා.එදා පුතාට සෙල්ලම් බල්ලෙක් ඉල්ලු විට එක ගැනීමටයි ගියේ පසුව ඔරලෝසුවක් ගත්තා.එක අරගෙන එන ගමන් පුතා හදමින් වේදනාවෙන් ඇඹරෙමින් ආවේ.මම හිතුවේ බල්ලා අරන් නොදුන් නිසයි කියලා.

පසුව මේ ගැන දැනගත්තා ඒ ගමන මම කඩේ ලගට ඇවිත් කා ගැසුවා එතනට සෙනග පිරුනා සී.සී.ටී.වී කැමරා දාල බැලුවා.එහි දර්ශන පැහැදිලිව තිබුනා.මම දරුවා ගැන බය හිතුනා.
පසුවදා පාසල් ගොසින් පැමිණි දරුවා මුත්‍රා කරන්න බහ කිව්වා.ඉන්පසු රෝහලට ගියා පසුව පොලිසියට ගියා.
මට පොලිසි යන්න එපා පැමිණිල්ල ඉවත්කරගන්න කියා රුපියක් ලක්ෂයක් දෙන්නම් කිව්වා.ගෙදරට ඇවිත් බලපෑම් කළා.දරුවා කායිකවත් මානසිකවත් වැටිලයි ඉන්නේ.මමත් එහෙමයි.දරුවා දැන් හරි බයෙන් ඉන්නේ .මට සාධාරණය ඉටු කර දෙන්න."

කෙසේ වුවද පොලීසිය මේ ගැන අධිකරණයට නිසි පරිදි කරුණු ඉදිරිපත් නොකර දෙපාර්ශවය එය සාමාදානයට කැමැති යැයි පැවසීම නිසා අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුට ඇප ලබාදුන් බව කියමින් ජනතාව ඊයේ පැවැති විරෝධතාවයේදී පොලීසියට චෝදනා කරන ලදී. 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK