WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |දියණියට අතවර කළ පියා අවුරුදු 12ක් හිරේ යවයි

දියණියට අතවර කළ පියා අවුරුදු 12ක් හිරේ යවයි

සිය බාලවයස්කාර දියණිය බරපතළ ලෙස අපයෝජනය කළ බවට අධිචෝදනා ලැබ සිටි පියෙකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.
සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ විත්තිකාර පියා චෝදනාවට වරදකරු කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මීට අමතරව පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත් වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිරදඬුවමක් ද නියම කෙරුණි.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.
1997 වසරේ පෙබරවාරි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක දී විත්තිකරු මෙම අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK