WATCH Live CRICKET Select A Channel

13 May 2014

13-05-2014 |සර්ව ලිංගිකයාගේ ජංගම මසාජ් වත

පත්තරේක මෙන්න මෙහෙම දැන්වීමක් තිබුණා. ලසිතින් ගතින් ඔබ පෙළන ඕනෑම අසහනයකට සහනය- සම්භාහනය... වයස් භේදයකින් තොරව ස්ත්‍රි පුරුෂ දෙපක්‍ෂයටම ප්‍රතිකාර නිවසට පැමිණ.

අමතන්න. 07××××××××
දැන් ඔන්න ඔබ, පත්තර පෙරළන්න හදන්න එපා ඒ ඇඩ් එක හොයලා. මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ.

මෙන්න ඒ ඇඩ්එක දැම්ම එයා මාත් එක්ක කතා කරනවා.
මොකක්ද මේක ...
මේක ඇඩ් එකක් ...

හරි ... හරි... මේකේ මොකක්ද හැංගිච්ච සෙල්ලම...
හැංගිච්ච සෙල්ලමක් නෑ... මේකෙන් කරන්නේ ගෙදරට ඇවිත් ඒ ඒ අසනීප තියෙන අයගේ අමාරුව අහක් කරන එකනේ... කොච්චර අය ඉන්නවද අසනීප තියාගෙන කාටවත් කියන්නේ නැතුව අමාරුවෙන් ඉන්න... අන්න ඒ අමාරු හොඳ කරන එක තමයි මං කරන්නේ...

ඔයා කියන මොනවද ඔය අමාරු...
ඇයි ඔයා බඛෙක් වෙන්න හදන්නේ... මිනිස්සුන්ට අමාරු හැදෙන්නේ නැද්ද... කොන්දේ අමාරු... ඛෙල්ලේ අමාරු... ඔළුවේ අමාරු... කකුලේ අමාරු... බඩේ අමාරු... දණහිසේ අමාරු... තුනටියේ අමාරු... එතකොට...

එතකොට... අනිත් අමාරු කෙසේ වෙතත් ඔළුවේ අමාරුවයි... බඩේ අමාරුවයි සම්භාහනෙන් කොහොමද හොඳ වෙන්නේ.
ඔළුවේ අමාරු හැදෙනවා කල්පනා කරලා... කල්පනා කරලා... බඩේ අමාරු හැදෙනවා. සම්භාහනය කරලා සම්භාහනය කරලා...
කාටද...
මට...
ඉතින් ඔයානේ එහෙනම් සම්භාහනය කර ගන්න ඕනේ...
 massage කියමුද... සම්භාහනය බරපතළ වැඩියි... දැන් සිංහලෙන් කියන්නෙත්  massage කියලනේ... අපි massage කියලම කතා කරමු... හැබැයි මේක අනිත් තැන්වලට වඩා වෙනස්... පෞද්ගලිකයි... රහසිගතයි... ඕනේ කෙනා එක්ක විතරයි කතා කරන්නේ... අනික ඕනේ කෙනාගේ කටහඬ අනුවයි මෙහෙන් කතා කරන කෙනා කතා කරන්නේ...

මට තේරුනේ නෑ...
දැන් මෙහෙමයි... අපි හිතමු කතා කරන්නේ ඇන්ටි කෙනෙක්ගේ වගේ කටහඬක් තියෙන ගෑනු කෙනෙක් කියලා... එතකොට ඒ නෝනට කතා කරන්නේ පිරිමි ළමයෙක්... හරිම ස්විට් වොයිස් එකක් තියෙන එවෙලෙම වුණත් ෆෝන් එක හරහා මසාජ් එක කරන්න පුළුවන් කෙනෙක් තමයි කතා කරන්නේ... එතකොට තරුණ වගෙ ගෑනු කෙනෙක් කතා කළොත් එයාට උත්තර දෙන්නෙ ඒ වයසෙම වගේ කටහඬක් තියෙන කෙනෙක්... එයත් එක්ක ගොඩාක් චැට් කරන්නේ නෑ... විනාඩි තුනයි වැඩිම වුණොත්...

පිරිමි කෙනෙක් නම්...
කොල්ලෝ වගේ කටහඬ තියෙන කෙනෙක් කතා කළොත් ටිකක් පී සයිස් එකේ කටහඬකින් තමයි කතා කරන්නේ... වයසක වගේ කෙනෙක් වුණොත් ගෑනු කටහඬකින් තමයි උත්තර දෙන්නේ... අන්කල්ට හීනියට මසාජ් එකක් ෆෝන් එකෙන් දෙනවා විනාඩි පහක් විතර... පස්සේ බහිනවා පර්ස් එකට...

ෆෝන් එක හරහා...
ඔව්...

කොහොමද...
ඉන්න මිස්ට...... කියලා... මං ඔයාට ගන්නම් කියනවා... එතකොට අන්කල් අහනවනේ ඇයි ඒ කියලා... අන්න එතකොටම ෆෝන් එක මෙහෙන් කට් කරනවා... ඊට පස්සේ මං ෆෝන් එකට කියනවා ලහිටපිය උඹේ දත් ගලවන්නල කියලා අර නම්බර් එක රින්ග් කරනවා... අන්න එතකොට අන්කල් එක රින්ග් එකෙන් ෆෝන් එක ඉස්සුවොත් මගේ පර්ස් එකට හොඳයි...

පොඩ්ඩක් ඉන්න... පොඩ්ඩක් ඉන්න... එතකොට කවුද මෙහෙම මෙහෙන් කතා කරන්නේ එක එක විදිහට...
මන්නේ ඩාලින්... (අහක බලාගෙන එහෙම කියපු මෙච්චර වෙලා මාත් එක්ක පිරිමි කටහඬකින් කතා කළ ගෑනු සතා දැකලා මටත් පුදුම හිතුනා..)
හරි... හරි... ඉතින්... ඉතින්...
දැන් ඔයාට තේරෙනවද... වොයිස් එක විතරක් ඇති ජීවත් වෙන්න ඔළුව තියෙනවා නම්...

කොහොමද අන්කල්ගෙන් ගරන්නේ...
අනේ වැඩිය ගන්නේ නෑ... රීලෝඩ් එකක් රුපියල් දෙසීයක විතර... අන්කල්ලා හත් දෙනෙක් සතියට බා ගත්තොත් එක්දහස් හාරසීයයි... මාසෙට මං එතකොට ෆෝන් බිල හාරදාහ පන්නලානේ...

ඔහොම කරන්න පුළුවන්ද?...
ඔහොම කරන්න බැරිද කියලා මන් දන්නේ නෑ... හැබැයි ඔහොම තමයි මන් කරන්නේ... ඒක නෙවෙයි ඔයා අහන්න ඕන ප්‍රශ්න නෙවෙයි අහන්නේ...

මොනවද මන් අහන්න ඕනේ ප්‍රශ්න...
ඔයා අහන්න අනිත් අය ගැන... අන්කල්වමයි ඔයා මුලින් අල්ල ගත්තේ...එයා මෙතනදි අන්තිමයටයි ඉන්නේ... හරි ඔයා ඇහුවේ නැති වුණාට මං කියන්නම්කෝ මගේ ජොබ් එක ගැන... මං කාලයක් වැඩ කළේ ටුවරිස්ට් හොටෙල්වල... ඒවායේ දැක්කේ එක එක විකාර... හැම ජාතියකම දෙජාතියම මං දැක්කා... එතැනදි මට හිතුනා වෙනස් විදිහකට සල්ලි හොයන්න ක්‍රම ලෝකේ කොච්චර තියෙනවද කියලා... මට පුංචි කාලේ ඉඳලා ගෑනු කටහර්ඩින් සින්දු කියතෑකි... ඒකත් මේකට ගැලපුණා... අනික මං පත්තර පිස්සා... බිම වැටිලා තිබුණත් මං පත්තර කෑලි අරගෙන කියවනවා... ගොඩාක් කැමැති දැන්වීම් බලන්න... මේ වායේ තියෙන නොයෙක් නොයෙක් කෑලි මගේ ඔළුවේ වැඩ කළා... ඊට පස්සේ මං සල්ලි වියදම් කරලා මසාජ් කරන තැන්වලට ගිහින් මසාජ් කරන විදි... ආතල් දෙන විදි... කෙල්ලෝ දෙන සැප... කොල්ලෝ ගන්න සැප අරවා මේවා ඔක්කොම අච්චාරුව වගේ පුරවා ගත්තා... මට තේරුණා හැම ලිංගයකටම හරියන්න මගේ ඇඟත් උපයෝගී කර ගන්න විදිහ... මං පිරිමි ගාව කොල්ලො වුණා... කෙල්ල වුණා... පොන්සි වුණා... ඒ වගේම මං ගෑනු ගාව කොල්ල වුණා... කෙල්ල වුණා... ඒ අයට ඕනේ විදිහට හැසිරෙන්න එක දෙයයි පාවිච්චි කරන්න ඕනේ...

මොකක්ද ඒ...
ෆස්ට් එකට කටහඬ... ඊළඟට ඇඟ පත...
ඒ කියන්නේ ඔයා කවුද?...
මං සර්ව ලිංගිකයෙක්...
මොකෙක්...
සිංහල නමද අහන්නෙ... BISEXUAL... අහලා තියෙනවද එහෙම අයව... ඒ කියන්නේ අසමසම ලිංගිකයෙක්...

අම්මෝ සැර වැඩියි... එහෙම ඒවා ලියන්න අමාරුයි...
හරි... හරි... මං කියන්නේ මං ගැන... දන්නවද ඊට පස්සේ වෙච්ච දේ...
නෑනේ...
ඊළඟට මං හොටෙල් එකේ ඉද්දිම පොඩි ක්ලැසිෆයිඩ් ඇඩ් එකක් දැම්මා පත්තරේ... සම්භාහන සීන් එක ගැන... ෆෝන් නම්බර් එක දැම්මේ ගැහි ගැහී...
ඇයි ඒ...
කවුද දන්නේ... මොන වගේ වයර් ගොඩක් මේ සීන් එකත් එක්ක ස්පාක් වෙයිද කියලා...
මොකක්ද ඉතින් වුණේ

පළවැනි දවසේ කතා කළා දහ නව දෙනෙක්... කොල්ලෝම හතක්... අන්කල්ලා හයක්... අනිත් අය එක එක වයසේ ඇන්ටිලා... මං එදා මැනේජර්ගෙනුත් බැනුම් ඇහුවා... මේ කතා කරනවා... ආයි තිබ්බ ගමන් තව කවුරු හරි කතා කරනවා... ඒ ගමන මැනේජර් මාව එළෙව්වා... මං එදා ෆෝන් එක ඕෆ් කරගෙන හිටියේ... ඊට පස්සේ මං කතා කළේ රෑට විතරයි.. . සමහර දවස්වලට රෑටත් කතා කළේ නෑ... කොහොම හරි මෙහෙම ගියා ටික දවසක්... ඊට පස්සේ කෙළින්ම වැඩේට බැස්සා...

දැන් ඔයා ඉස්සෙල්ලා කිව්වේ ඒ ඒ අයට ඕනේ ඕනේ විදිහට ඉන්නවා කියලා... ඒ කොහොමද...
ඇයි අයියා ... අපි හිතමු... මට ගොඩාක් කතා කරලා තියෙන්නෙත් ඇන්ටිලා... මුලින් අහනවනේ විස්තර... මං නියම වෙදා විදිහට තමයි කතා කරන්නේ... කොහෙද අමාරු... මොන වගේ මසාජ් එකක්ද ඕනේ... ඔළුව විතරද... වයස කීයද... උස කොච්චරද... මෙහෙම අනේක ප්‍රශ්න ගොඩක් අහලා තමයි යනවද නැද්ද කියලා තීරණය කරන්නේ... කොහොමටත් ඇන්ටිලා එක්ක කතා කරද්දී පරිස්සමට කතා කරන්න ඕනේ... මං එතනදි දානවා පොඩි ටි්‍රක්ස් එකක්...
ඒ මොකක්ද ඒ...
මං කියනවා මැඩම්... මට විශේෂයි වගේ... ඒ වුණාට මේ කතා කරන්නේ මගේ සර්විස් නම්බර් එකට... ඉන්න මං මගේ පර්සනල් නම්බර් එක දෙන්නම් කියනවා... එහෙම කිව්වාම එතෙන්ට ලහාල කිව්වොත් ෆෝන් එකටත් තොත්තුවක් දීලයි මං තියන්නෙ... ඊට පස්සෙ මං දෙනවා වෙන නම්බර් එකක්...
ගත්තේ නැත්තං...
අනිවාර්යෙන්ම ගන්නවා... මොකද මේ කතා කරන අයට ඕනේ මොනා හරි කරගන්න... කවුරු හරි ඇඟ තලනවා නම් ගානට කවුද අකැමැති... මට සමහරු කියලා තියෙනවා ඇඳගෙන එන්න ඕනේ විදිහත්... ගොඩාක් ලොකු තැන්වල අය තමයි එහෙම කියන්නේ...

ඔයා කීයක් ගන්නවද මසාජ් එකකට...
පැයට එක්දහස් පන්සීයයි... මට යන්න තියෙන දුර අනුව තව පොඩි ගාණක් ඇඩ් වෙනවා... මං යන්නේ බයික් එකේ... එතකොට එහෙම මං යනකොට ඔක්කොම අරගෙන යන්නේ... තෙල්, බේත්, පවුඩර් සේරම...

දවසට කීයක් කරනවද?...
ෂෝම් ටයිම් තුනක් හතරක්... ෆුල් ටයිම් නම් එකයි...
ෆුල් ටයිම් කීයද...
දවසට පන්දාහයි... මුළු ඇඟටම තමයි මසාජ් එක දෙන්නේ...

හරි කියන්නකෝ මේ ජංගම මසාජ් ව්‍යාපාරේ ගැන තව ටිකක්...
මෙහෙමයි... මේක එහෙම කිව්වට තේරෙන්නේ නෑ... මේක දැනෙන්නේ කරන අයටයි කරවගන්න අයටයි... ඒ කියන්නේ අන්කල්ගෙන් ඔය පොඩි පොඩි රීලෝඩ් එකක් දාගත්තට ඇන්ටිලට එහෙම නෑ... අනික තමයි ඔය ගොඩක් අයට ඕනේ තො‍දාල් වෙවී ඉන්න... ඉතින් මං ඒ අයටත් ඕනේ විදිහට ඉන්නවා... මං ගාව කතා කරත්තයක් තියෙනවා. ඉතින් එයින් දෙක තුනක් කියන කොට ඇන්ටිට හිනා ගිහින්, මං එයාගේ එකම සංචාරක වෙද මහත්තයා වෙනවා.

ඔයා කොහොමද මසාජ් එක පටන් ගන්නේ...
ඒක පටන් ගන්නේ ඇඟිලි තුඩු අගින්... මුලින්ම කරන්නේ ඇඟිලි හිමිහිට මිරිකන එක... මෙහෙම කරන කොට ටික ටික ඇඟ ලිහිල් වෙනවා... ඊට පස්සෙ අත්දෙකේ ටික ටික ඉහළට යනවා... එහෙම වැලමිට දිහාට එද්දී මෙන්න මේ ඇන්ටිගේ ඇස් පියවෙනවා... ඊළඟට හරි ලේසියි... මට තියෙන්නේ හිමි හිමීට ඛෙල්ල ළඟට එනකම් ඇවිත් කන්දෙක අල්ලන්න විතරයි... ඔයා පිළිගන්න මට එතැනට විතරක් එද්දී පැය කාලක් ගිහින්... සමහරු මං කනට අත තිබ්බ ගමන් ඇඟ වෙව්ලලා මගේ අත් දෙකෙන් අල්ලගෙන ලඅනේ...ල කියන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ කියන ඒවා ඔයා අහගෙන හිටියොත් පිස්සු හැදෙයි...
මොනවද ඒවා...
සමහරු හස්බන්ට බනින්න ගන්නවා පලු යන්න... තව අය ඉස්කෝලෙ කාලේ කියවනවා... තව අය පට්ට ලව් කතා කියනවා... මේ හැමෝම අන්තිමට කියන දෙයක් තියෙනවා...
ඒ මොකක්ද?...
(ඒ ටික අපි හෙට අහමු...)

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK