WATCH Live CRICKET Select A Channel

19 May 2014

274කට දිවි අහිමි කළ තුර්කි පතල් අනතුර

Thurki

පසුගියදා තුර්කිය වාර්තාවක් තැබුවේය. දෙසිය හැත්තෑහතර දෙදෙනකුට දිවි අහිමි කළ හා තවත් සියයකට අධික පිරිසක් රෝහල්ගත කළ මේ වාර්තාවට අනුව තුර්කියේ එතෙක් මතෛක් සිදුවූ බරපතළම පතල් අනතුර ගැන එරට පමණක් නොව ලෝකයේම ජනමාධ්‍ය කතා කරන්නට විය. මෙම මරණ සංඛ්‍යාව හා තුවාල ලැබූවන්ගේ ගණන ඉදිරි දිනවලදී තවත් වැඩිවන්නට ඉඩ තිබේ.
අනතුරින් ගල් අඟුරු පතල තුළ සිරවී සිටින බව කියන කම්කරුවන් සොයා මෙහෙයුම් මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් සිදුකෙරෙමින් තිබුණේ මේ අවස්ථාවේදී පතල තුළ සේවය කරමින් සිටි හා තොරතුරක්සොයාගැනීමට නොහැකි දෙසීයදෙනෙකු පමණ ගැන වාර්තා වන බැවිනි. මෙම පිපිරීමත් සමග පතල තුළ විදුලිය විසන්ධි වූ බැවින් එය ගලවාගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී තිබේ. පතල් අනතුර හා සම්බන්ධ දර්ශන කෙතරම් බිහිසුණුද යත් අන්තර්ජාලයේ මේ සම්බන්ධ වීඩියෝවන් ආරම්භයේදීම එම දර්ශනවල බිහිසුණු බව ගැන අනතුරු අඟවා තිබිණි.
මේ සමගම මෙවන් අවදානම් සහගත රැකියාවන්හි නිරතවන්නන්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැන නව කතිකාවක් ඇතිවී තිබෙන අතර අනතුර සිදු වූ දිනයට පසු දිනයේ ඊට විරෝධය පා ඉස්තාන්බුල් නගරයේදී දිනක වැඩ වර්ජනයක් පවත්වන්නට තුර්කියේ වෘත්තීය සංගම් කටයුතු කළෝය. අනතුර සිදුවන අවස්ථාවේ පතල තුළ සිටි එක් කම්කරුවෙකුගේ වයස අවුරුදු පහළොවක් බව වාර්තා වීමත් සමග කම්කරු නීතිවලට පටහැනිව සිදුකෙරෙන කටයුතු ගැන වෘත්තීය සමිති අවධානය යොමුකොට තිබේ. පතල්වල වැඩ කිරීමේදී කම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන පනතක් ගෙන එන ලෙසට රජයෙන් කෙරුණු ඉල්ලීමකට මේතාක් යහපත් ප්‍රතිචාර නොලැබිම ගැනද මෙහිදී සාකච්ඡාවට බඳුන්වෙමින් තිබේ.
මේ වර්ජනය හා ඊට සම්බන්ධ උද්ඝෝෂණ බරපතළ වන්නට වූ විට ‍පොලීසිය හා හමුදාව ගෙන්වන්නට බලධාරීන්ට සිදු වූ අතර පිරිස පාලනය කිරීමට ජල හා කඳු ගෑස් ප්‍රහාර එල්ලකිරීමටද සිදු වූ බව වාර්තා විය. මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන තුර්කි අගමැතිවරයා පවසා ඇත්තේ “මෙවන් අනතුරු නිතරම සිදුවන”බවකි. මේ වෙනුවෙන් ජාතික කොඩි අඩකුඹුකොට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමටද පියවර ගත් අගමැතිවරයා තමා නිරතවන්නට නියමිතව තිබූ ඇල්බේනියා සංචාරය කල් දමා  අනතුර සිදු වූ ප්‍රදේශයට ගිය බවද වාර්තා විය. 
මේ අනතුර සිදුවූයේ කම්කරුවන් විශාල පිරිසක් සේවය කරමින් සිටි පතලක සිදුවූ පිපිරීමකිනි. ඉන් ඇති වූ ගින්නට හසුවීමෙන් ඉහත සඳහන් කළ ආකාරයේ මරණ හා තුවාල වීම් වාර්තා විය. මෙම පිපිරුමත් සමග ගැලවී පැනගන්නට කම්කරුවන් පිරිසක් සමත්වුවද සිරවූවන්ගේ තත්ත්වය තවමත් අවිනිශ්චිතය. මැනිසා ප්‍රාන්තයේ පතල් කර්මාන්තය බහුලව සිදුකෙරෙන සොමා හි පිහිටි මේ පත‍ලේ විදුලි කාන්දුවකින් අනතුර සිදුවන විට එහි 787 දෙනෙකු සේවය කරමින් සිටි බව කියැවෙයි. අනතුර සිදු වූ දින රාත්‍රිය පුරා සිරවී සිටින්නන් සොයා මෙහෙයුම් සිදුකෙරුනද ඉදිරියේදී ජීවතුන් අතර සිටින්නන් හමුවීම ගැන බලා‍පොරොත්තු තබාගත නොහැකි බව එරට බලශක්ති ඇමැතිවරයා කියයි. පුද්ගලික සමාගThurki1මකට අයත් මෙම පතල අගනුවර වන අන්කාරා නගරයේ සිට කිලෝමීටර් 450 කට ඈතින් පිහිටා තිබෙන්නකි. එම පුද්ගලික සමාගමේ ප්‍රකාශයකට අනුව ඉදිරියේදී මෙම අනතුර ගැන විමර්ශනයක් සිදුකෙරෙන අතර සියලුම ආරක්ෂක විධි අනුගමනය කොට තිබියදී මෙම අනතුර සිදුවී තිබේ.දැනට තමාගේ මූලික අරමුණ හැකිතාක් ජීවිත බේරාගැනීම බව එම ප්‍රකාශයෙන් වැඩිදුරටත් කියැවෙයි.
ගින්න සමග ඇති වූ කාබන් ඩයොක්සයිඩ් වායු කාන්දුව මරණවලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති අතර සිරවී සිටින්නන් වෙත ඔක්සිජන් වායුව ‍පොම්ප කිරීමටද සහන සේවකයෝ පියවර ගත්හ. සිරවී සිටින පිරිස  ‍පොළොවේ සිට කිලෝමීටර් දෙකක් පහළින් හා පතලට ඇතුළුවන තැන සිට කිලෝමීටර් හතරක් දුරින් සිර වූ බවද වාර්තා වෙයි. පසුගිය දහතුන්වැනි අඟහරුවාදා මෙම අනතුර සිදුවී මොහොතකින් අනතුරින් මියගිය ගණන 17 ක් බව කියැවුණද එය මොහොතින් මොහොත ඉහළ ගියේය. අනතුර සිදු වූ බව අසා එහි ආ කම්කරුවන්ගේ පවුල්වල පිරිස්වල විලාප සැමතැනින්ම ඇසෙන්නට වූ අතර ඒ ඇතැම් සිදුවීම් බෙහෙවින් අනුවේදනීයය. එක් තැනක් දූවිලි හා දැලි වැකුණු මුහුණින් යුතු තම පුතාව සහන සේවකයින් එළියට ගෙනෙද්දී සතුටු කඳුළු පිරි දෑසින් යුතුව ඔහු වැළඳගන්නා පියෙකි. පතලට ඇතුළුවන තැන විවරයට එබි සිටින එක් මහළු මවක් මෙසේ කියන්නීය.
 “අද දවල් ඉඳලා මම මගේ පුතාව මෙතනින් එළියට ගනීද කියලා බලාගෙන ඉන්නවා. තවම එයා ගැන ආරංචියක් නැහැ.”
අගනුවර අන්කාරා හා ලොකුම නගරය ඉස්තාන්බුල් වන තුර්කියෙන් අවසන් වරට වාර්තා වූ බරපතළම පතල් අනතුර 1992 වසරේදී වාර්තා වූ අතර ඉන් මියගිය ගණන දෙසිය හැට තුනකි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK