WATCH Live CRICKET Select A Channel

21 May 2014

ගීතයක කතාව - තනි තරුවේ


Photo: තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න..
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් සහ හඬින් මෙන්ම ප්‍රේමකීර්ති මහතාගේ පද රචනයෙන් හැඩ ගැන්වෙන තවත් එක ගීතයකි.. ඔවුන් දෙපලගේ මිතුදම නිසාම ඉඩ ලැබෙන තැන කොතැනකට වී හෝ සාතුටු සාමීචියේ යෙදීමට පුරුදුව සිටියහ. එසේ එක් පැහැදිලි අහස ඇති දිනෙක වික්ටර් රත්නායකයන් සමග මුහුදු වෙරළේ වැතිරී සිටි ප්‍රේමකීර්ති මහතා හුදෙකලාව රස විඳිමින්  “තනි තරුවේ” යි කියා තරුවක් ආමන්ත්‍රණය කළේය. ඒ වචනයම පමණක් තවත් ගීයකට නිමිත්ත කොට ගැනීමට රිසි වූ වික්ටර් රත්නායකයන්ගේ ආරාධනය මතින් ප්‍රේමකීර්ති මහතා පසුව අර්ථාන්විත ගීතයක් මෙසේ රචනා කරයි...

තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.... 
තරුව ලෙස අමතන්නේ තරුණයෙක් සිය පෙම්වතියටය. ඇය හා එක වීම ඔහුට සැපතකි එනමුත් එයම ඇයට දුකකි. පෙම්වතා පෙම්වතියගෙන් සියලු ආයාචනා කරන්නේ ද්වේශයෙන් නොව. ඇය තරුවක්නම් ඔහුගෙන් නික්ම යන්නේ වෙනත් ලෝකයක් එලිය කරන්නටද විය හැක.. ඇගේ සතුට ඔහුගෙන් ඉවත් වීම නම් ඊට පෙම්වතා විරුද්ධ වන්නේද නැත. ඔබට අවැසි තැනක ඔබ යන්නයි කීම වෙනුවට ඔහු යදින්නේ ඔහුට පෙනෙන මානයේවත් සිටින ලෙසයි.. ඒ අන් කිසිවක් නිසාවෙන් නොව ඔහු සමග සිටීම නිසාවෙන් ඇය විඳින දුක් ඔහුට වැටහෙන බැවින් වෙන්ව ගොස් හෝ ඇගේ සතුට ඇයට ලැබෙන නිසාවෙන්ය..  

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....
නෙතට නෙත මුවට මුව බැඳෙමින් ඉතා සමීපව මේ වනතෙක් එක්ව සිටි මුත්ඉදිරියටත් එසේ තරුව සිය සන්තකයේ නොමැති බව තරුවට ආදරය කරන්නා පවසනවා..

මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ......
මා හා එක්ව හිදීම තවත් දුකක් නිසාම මා ඇත හැර මගෙන් ඉවතට ඉගිල ගොස් සැනසීම සොයන තනි තරුවේ.. ..පෙම් කරන තරුව ඔහු වෙතින් නික්මෙන්නට හේතුව ඔහුම බව ඔහු වටහා ගන්නවා..
අහම්බෙන් සිය මුවට පැමිණි වදනක් නිමිති කොට ගනිමින් ප්‍රේමකීර්ති මහතාගේ අනෙකුත් ගීත වල මෙන්ම ඉතා ගැඹුරු හැගීම් සමුදායක් සරලව ඉදිරිපත් කිරීමට මෙහිදීද ඔහු සමත් වී ඇත.

ගායනය හා සංගීතය : වික්ටර් රත්නායක
පද : ප්‍රේමකීර්ති ද අල්විස් 

ගීතයට සවන් දෙන්න
http://topbadu.net/sinhala_mp3/Victor_Rathnayaka_Thani_Tharuwe.mp3


තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න..
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් සහ හඬින් මෙන්ම ප්‍රේමකීර්ති මහතාගේ පද රචනයෙන් හැඩ ගැන්වෙන තවත් එක ගීතයකි.. ඔවුන් දෙපලගේ මිතුදම නිසාම ඉඩ ලැබෙන තැන කොතැනකට වී හෝ සාතුටු සාමීචියේ යෙ
දීමට පුරුදුව සිටියහ. එසේ එක් පැහැදිලි අහස ඇති දිනෙක වික්ටර් රත්නායකයන් සමග මුහුදු වෙරළේ වැතිරී සිටි ප්‍රේමකීර්ති මහතා හුදෙකලාව රස විඳිමින් “තනි තරුවේ” යි කියා තරුවක් ආමන්ත්‍රණය කළේය. ඒ වචනයම පමණක් තවත් ගීයකට නිමිත්ත කොට ගැනීමට රිසි වූ වික්ටර් රත්නායකයන්ගේ ආරාධනය මතින් ප්‍රේමකීර්ති මහතා පසුව අර්ථාන්විත ගීතයක් මෙසේ රචනා කරයි...

තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා....
තරුව ලෙස අමතන්නේ තරුණයෙක් සිය පෙම්වතියටය. ඇය හා එක වීම ඔහුට සැපතකි එනමුත් එයම ඇයට දුකකි. පෙම්වතා පෙම්වතියගෙන් සියලු ආයාචනා කරන්නේ ද්වේශයෙන් නොව. ඇය තරුවක්නම් ඔහුගෙන් නික්ම යන්නේ වෙනත් ලෝකයක් එලිය කරන්නටද විය හැක.. ඇගේ සතුට ඔහුගෙන් ඉවත් වීම නම් ඊට පෙම්වතා විරුද්ධ වන්නේද නැත. ඔබට අවැසි තැනක ඔබ යන්නයි කීම වෙනුවට ඔහු යදින්නේ ඔහුට පෙනෙන මානයේවත් සිටින ලෙසයි.. ඒ අන් කිසිවක් නිසාවෙන් නොව ඔහු සමග සිටීම නිසාවෙන් ඇය විඳින දුක් ඔහුට වැටහෙන බැවින් වෙන්ව ගොස් හෝ ඇගේ සතුට ඇයට ලැබෙන නිසාවෙන්ය..

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....
නෙතට නෙත මුවට මුව බැඳෙමින් ඉතා සමීපව මේ වනතෙක් එක්ව සිටි මුත්ඉදිරියටත් එසේ තරුව සිය සන්තකයේ නොමැති බව තරුවට ආදරය කරන්නා පවසනවා..

මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ......
මා හා එක්ව හිදීම තවත් දුකක් නිසාම මා ඇත හැර මගෙන් ඉවතට ඉගිල ගොස් සැනසීම සොයන තනි තරුවේ.. ..පෙම් කරන තරුව ඔහු වෙතින් නික්මෙන්නට හේතුව ඔහුම බව ඔහු වටහා ගන්නවා..
අහම්බෙන් සිය මුවට පැමිණි වදනක් නිමිති කොට ගනිමින් ප්‍රේමකීර්ති මහතාගේ අනෙකුත් ගීත වල මෙන්ම ඉතා ගැඹුරු හැගීම් සමුදායක් සරලව ඉදිරිපත් කිරීමට මෙහිදීද ඔහු සමත් වී ඇත.

ගායනය හා සංගීතය : වික්ටර් රත්නායක
පද : ප්‍රේමකීර්ති ද අල්විස් 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK