WATCH Live CRICKET Select A Channel

15 May 2014

ශ‍්‍රී ලංකාවට තවත් උගුලක් 15-05-2014


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක‍්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත ෆැන්කොයිස් ක්‍රෙයුප් මහතා ලබන සඳුදා දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ ඒ මහතා දින 8ක් මෙරට රැඳීසිිටිනු ඇති බවයි. එම කාලය තුළ ඔහු මෙරට ජනතාවගේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කරුණු සොයාබැලීමට නියමිතයි. 

 ෆැන්කොයිස් මහතා 2011 වසරේ ජූනි මාසයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක‍්‍රමණිකයින්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරනවා. ඔහු මෙරට රැඳීසිටින කාලය තුළදී විදේශ රැකියා සහ කම්කරු ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කරනු ඇති.

 එමෙන්ම විපක්ෂ දේශපාලන පක්්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ද ඒ මහතා සාකච්ඡා කරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. මෙම සංචාරයෙන් පසුව ඒ මහතා විසින් සකස් කරනු ලබන වාර්තාවක් ලබන ජුනි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට භාරදීමට නියමිතයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK