WATCH Live CRICKET Select A Channel

09 May 2014

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි













ඔහියෝහි කිලිවෙන්ඩ්ලන්ඩ් රෝහලේ පර්යේෂණයකින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂණයට පෙර සිදුකරන ලද අධ්‍යයන 12 ක දත්ත ද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ බ්‍රිතාන්‍යෙය් පමණක් විවාහ ජෝඩු හයකින් එකකට දරුඵල නොමැති බවයි.
තක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණකින් තහවුරු කැරගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායී සංඝටකය වන ලිකොපේන් පිරිමින්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව සියයට 70ක් දක්වා වැඩිකිරීමට හේතුවන බවයි.
දරුඵල ලබන්නේ කාන්තාවන් බැවින් පොදු මතය වන්නේ දරුවන් හීනවීම පවත්නේ කාන්තාවන්ගේ බවයි. එසේ වුව ද දරුඵල නොමැති වීමේ හරි අඩකට වඩා වගකිවයුත්තේ පිරිමන්ගේ ශුක්‍රාණු ක්‍රියාකාරීත්වය බව ද තහවුරු කරගෙන ඇත.
තක්කාලිවල අඩංගු ලයිකොපේන් මගින් ශුක්‍රාණු ගණනය දියුණු වන බවත් එහි සංසේචනය සඳහා පිහිනා යාමේ හැකියාව එමගින් වැඩිවන බවත් සොයාගෙන ඇත.
මෙම අධ්‍යයනයේ ප්‍රධානී ක්ලෙවලන්ඩ් විශේෂඥ රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයේ අධයක්ෂ අශෝක ආගර්වල් පවසන්නේ ලයිකොපේන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියවලට වන වැඩි ප්‍රතිලාභයක් ලැබෙන බවයි.
අනෙක් අධ්‍යයනයෙන් පෙනීගොස් ඇත්තේ ශුක්‍රාණු නිපදවන පුරස්ථි ග්‍රන්ථියේ රෝගයෙන් මර්ධනය කරන බවත් එම ග්‍රන්ථියේ පිළිකා සෑදීමේ අවදානම අඩුකරන බවත්ය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK