WATCH Live CRICKET Select A Channel

26 May 2014

නිරුවත පෙන්නු සිසුවිය සියදිවි හානිකරගෙන


aly2

ඇමරිකාවේ විස්කසින් රිවර් ෆෝල්ස් විශ්ව විද්‍යාලයේ නිර්වින්දකවේදය හදාරමින් සිටි රසායන විද්‍යා සිසුවියකවූ 19 හැවිරිදි ඇලිසා ෆන්ක් අන්තර්ජාලයේ සමච්චල් ඉවසනු නොහැකිව වෙඩි තබාගෙන දිවිනසාගත් පුවතක් වෙනවා.
ඇය මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ නිරුවත් වීඩියෝවක රඟපාන්නට ගොස්ය.

එය ලංකාවේ සමාජයද පිළිකුල් කරන ක‍්‍රියාවක් වුවත් මේ වනවිට ඇයගේ දිවිනසාගැනීම පිළිබඳ ඇමරිකාවේ කතිකාවක් ගොඩනැගී ඇත්තේ ඇය ඉගෙන ගන්නට මුදල් සෙවීමේ අවශ්‍යතාවයට ගණිකාවක් නොවී චිත‍්‍රපටයකට සිරුර නිරාවරණය කර මුදල් ඉපැයීම වරදක්ද නැද්ද යන විවාදය මතය.
වාර්තාවන ආකාරයට මියගිය ඇලිසා බිඳ වැටුණු පවුල් පසුබිමකින් පැමිණ ඉහළට ඉගෙන ගන්නට උත්සාහ කළ තරුණියකි.
ඇගේ පියා සොරකම් හා වංචා නිසා සිරගතව සිටින අයෙකි. ඇගේ මව සහ හිටපු පෙම්වතා මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා පුනරුත්තාපනයට යොමු කර තිබෙන දෙදෙනෙකි.aly1
ඇලිසා වාසය කර ඇත්තේ ඇගේ මිත්තණිය භාරයේය. පසුව ඇය රිවර් ෆෝල්ස් විශ්ව විද්‍යාලයේඅධ්‍යාපනය ලබන්නට එහි නේවාසිකව කාලය ගත කරන අතර ‘කාස්ටින් කවුච්’ නමැති වෙබ් අඩවිය ගැන දැනගන්නට ලැබී තිබෙනවා. එය වූ කලි ඇමරිකාවේ ප‍්‍රචලිත ලිංගික ජවනිකා නිරුවත් වීඩියෝ ඇතුළත් වෙබ් අඩවියකි.
එයට  ඕනෑම කෙනෙකුට තමන් පෙනී සිටින නිරුවත් වීඩියෝවක් එක් කළ හැකි අතර එසේ ඉදිරිපත් වන අයට විශාල ගෙවීමක් කරන්නටද ඔවුන් කටයුතු කරයි.
එසේ ඉදිරිපත් වන අයගේ සැබෑ නම වෙනුවට වෙනත් නමකින් පෙනී සිටින්නට හැකිය. මුදල් හිඟකම නිසා ඇලීසා මෙම වෙබ් අඩවියට සම්බන්ධවී තමාගේ නිරුවත් වීඩියෝවක් දායක කර මුදල් සොයන්නට තීරණය කර ඇත.
ඇය එහිදී පෙනී සිට ඇත්තේ ‘ස්ටෙලා ඈන්’ නමැති අන්වර්ථ නාමයෙනි.
මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරිය පසු ටිකවේලාවකින් ඇය අධ්‍යාපනය හැදෑරූ උසස් පාසලේ මිතුරු මිතුරියන්ට මෙහි පෙනී සිටින්නේ ඇලීසා බවට සැකයක් පැනනැගී තිබුණු අතර ඔවුන් ඒ ගැන ඇගේ ෆේස් බුක් ට්විටර් ඇතුළු වෙබ් අඩවි ඔස්සේ විමසීම් කළ අතර එය ටික දිනක් ගතවත්ම ඇයව දරුණු ලෙස විවේචනය කරන ස්වරූපයකින් ඉදිරිපත් වුණි.
ඇයට තම ආත්ම ගරුත්වය ගැන නැවත නැවත සිතන්නට සිදුවූයේ මේ අවස්ථාවේය. මුදල් සෙවීමේ පරමාර්ථයෙන් යමක් කළත් එහි ඇති බරපතළකම ඇයට වැටහුනේ පසුවය.
සති දෙකක් ගතවූ තැන ගිනි අවියක්ද මිලට ගෙන එය රැගෙන වැවක් අසළ ප‍්‍රදේශයකට ගමන් කළ ඇය එයින් වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබුනේ මේ හේතුවෙනි.
ඇගේ මරණය ගැන අදහස් දැක්වූ මව කියා තිබුනේ පවුලේ ප‍්‍රශ්න නිසා ඇය නිතර කළකිරුණ මානසිකත්වයෙන් සිටි බවත් ඇයට විශාදය මානසික රෝග තත්වයක්ද පැවති බවත්ය.
ඇය ඇත්තටම මියගියේ අන්තර්ජාලයේ මිතුරු මිතුරියන්ගේ සමච්චලය නිසාද නැතහොත් සමාජ විරෝධී ක‍්‍රියාවක් කළ නිසා සමාජයෙන් කොන්වන්නට සිදුවූ නිසාද යන්න ගැන දැන් විවාදයක් ගොඩනැගී ඇත.
aly3
aly2

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK