WATCH Live CRICKET Select A Channel

16 May 2014

මත්ස්‍ය සුසාන භූමියක් මුහුදු පතුලෙන් හමු වෙයි. (Photos)

මහ සයුරේ වෙසෙන දැවැන්තයන්ගේ සොහොන් බිමක් අප්‍රිකාවේ ඇන්ගෝලා මුහුදු තීරයට ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේ දී සොයාගත් බව සාගර ගවේෂකයන් පිරිසක් කියති.ලෝකයේ තල්මසුන් සම්බන්ධ පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකැර ඇතත් තල්මස් සිරුරු හමුවී ඇත්තේ මුහුදු වෙරළට ගොඩගැසූ අවස්ථාවලදීය.යෝධ දැල්ලන් වැනි අනෙක් විශාල මුහුදු ජීවීන්ගේ මළ සිරුරු ඒ ආකාරයෙන් හෝ හමුවී නොමැත.
මේ පර්යේෂණයේ ප්‍රධානී ප්ලයිමවුත් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර විද්‍යායතනයේ ආචාර්ය නික් හිග්ස් බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු මුහුදු පත්ලේ තිබෙනු සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.
ඔවුන් මෙම ප්‍රදේශයේ තිබී මුහුදු පතුලේ තැන්පත්ව තිබූ විශාල මුහුදු ප්‍රාණීන්ගේ මළකුණු හතරක් සොයාගෙන ඇත.  විශාල මෝර තල්මසෙකුගේ සහ මඩුවන් තිදෙනෙකුගේ සිරුරු මෙලෙස හමුවී ඇත.
මේවා සාගර පතුලේ මීටර් 2000 ක් හෙවත් අඩි 6600ක් ගැඹුරේ තිබී හමුවූ බව ඔවුහු කියති. මේ මළසිරුරු දිරාපත්වෙමින් පෝෂණය වු පරිසර පද්ධතියක් එහි ගොඩනැගි ඇති බවත් ඒ පිළිබඳ සොයා බැලීමේ දී මේ සිරුරු හතරට පෙරාතුව දිරාපත්වෙමින් ගිය දැවැන්ත මුහුදු ප්‍රාණීන්ගේ වෙනත් සිරුරු හේතුවෙන් එම ස්ථානය දිගින් දිගටම පෝෂණය වූ බවට ලක්ෂණ ඇති බවත් පර්යේෂණය සිදුකළ ගවේෂකයෝ කියති.
මේ ස්ථානය දැනටත් ජීවීන්ගෙන් ගහන තැනකි. එතැන ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන්, තරබාරු පොකිරිස්සන්, දල ලෝම සහිත පනුවන්, ඉස්සන්,කූනිස්සන්, පොකිරිස්සන්, කකුලුවන් සහ මෝරුන් බහුලව දැක්නට ලැබෙයි.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම සොයාගැනීම් මගින් මල  මුහුදු යෝධයන්ගේ ඉරණම හෙලිකිරීමට  විද්‍යාඥයින්ට සහයක් ලැබෙන බවයි.
දැනට සිදුකැර ඇති දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ මෙවැනි ජීවීන්ගේ මළ සිරුරුවලින් මුහුදු පත්ලේ ඇති පෝෂණ කොටස්වලින් සියයට හතරක් ලැබෙන බවයි. මෙවැනි මළ සිරුරුවලින් මුහුදු පත්ලේ ඇති ශාක හා සත්ත්වයන්ගේ ආහාර සලාකයට සැළකිය යුතු දායකත්වයක් ලැබෙන බව ද ඔවුහු පෙන්වාදෙති.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK