WATCH Live CRICKET Select A Channel

24 June 2014

දරු ප්‍රසූතියේ දී කෑ ගසන කතුන්ට ඩොලර් 05ක් දඩ ගසයි


රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියේදී වේදනාවෙන් කෑ ගසන කාන්තාවන්ට දඬ ගසන ක්‍රමයක් සිම්බාබ්වේ රටෙන් වාර්තාවේ. දරු ප්‍රසූතියේදී කාන්තාවන් වේදනාවෙන් කෑ ගසන සෑම වාරයකටම ඇමරිකානු ඩොලර් 5 ක් අයකරනු ලැබේ. සිම්බාබ්වේ රෝහල මෙම ක්‍රමය භාවිතා කරන්නේ දරු ප්‍රසූතියේදී කාන්තාවන් අනවශ්‍ය ලෙස කෑ ගැසීම අඩු කිරීමටය. ලෝකයේ රටවල විවිධ දූෂණ ගැන වාර්තා කරන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ සංවිධානය මේ ‍බව පසුගියදා වාර්තා කළේය. 





අප්‍රිකාවේ තිබෙන දුප්පත්ම රටවලින් එකක් වන සිම්බාබ්වේ රටේ කෑ ගැසීමේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ කාන්තාවන්ට දරුවා ලැබුණ පසුවත් ගෙදර යාමට ඉඩ නොදෙන අතර මුදල ගෙවන තුරු ඇයවත්, දරුවාවත් රෝහලේ නවත්වා ගනු ලැබේ. මුදල් ගෙවන්නට පරක්කු වන්නට, වන්නට පොලියක්ද අය කරන්නේ ඉක්මනින් මුදල් පියවීම උනන්දු කරවීමටයි. දරු ප්‍රසූතිය සඳහා ඩොලර් 50 ක මුදලක් අය කෙරේ.

සිම්බාබ්වේ රටේ සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 150 පමණ වන අතර දරු ප්‍රසූතියේදී 10 වරක් වේදනාවෙන් කෑ ගැසූ කාන්තාවකට තම වාර්ෂික ආදායමෙන් 1/3 ක් කෑ ගැසීමේ ගාස්තු ගෙවීමට වියදම් කිරීමට සිදුවේ. සිබ්බාබ්වේ රැකියා වියුක්තිය 95% කි.


මෙවැනි අක්‍රමිකතා නිසා බො‍හෝ විට සම්බාබ්වේ කාන්තාවන් දරු ප්‍රසූතිය නිවසේදී සිදු කිරීමට පෙළඹී ඇති අතර එම රටේ උපතේ දී සිදුවන ළදරු මරණ සංඛ්‍යාව උපත් 100,000 කට 960 ක් වේ. මෙය ලෝකයේ අන් රටවල ළදරු මරණ අනුපාතය මෙන් තුන් ගුණයකි.

සිසිල් ෆොන්සේකා - සිඩ්නි, ඔස්ට්‍රේලියාව

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK