WATCH Live CRICKET Select A Channel

17 June 2014

උපදෙස් දෙන්න ගිය පී.එච්.අයිලාට කුණුහරුපෙන්..


උපදෙස් දෙන්න ගිය පී.එච්.අයිලාට කුණුහරුපෙන් බැණ එළවලා

ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අවුකන පිළිම වහන්සේ වැඩ සිටින පුද භූමියේ පාරිසරික සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම භූමියේ වෙළඳාම් කරන කඩවල හා දන්සල්වල තත්ත්වයන් පරීක්‍ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් විසින් අසභ්‍ය වචනයෙන් බැණවැදී එළවාදමා තිබේ. 


පොසොන් පොහොය නිමිත්තෙන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සුව පහසුව උදෙසා බැතිමතුන් හට සුව පහසුවෙන් වන්දනා මාන කටයුතු කරගැනීමට පහසුව සැලසීම රජයේ මෙන්ම සිද්ධස්ථාන පූජා භූමි පවතින්නා වූ ප‍්‍රදේශයන්හි නිළධාරීන්ගේ වගකීමකි.

එසේ වුවද ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අද දින පෙරවරු 11 ට පමණ අවුකන පුරාණ රජමහා විහාරස්ථානයේ එම පූජා භූමිය පරීක්‍ෂා කිරීමේදී පරිසරයේ පවතින තත්ත්වය ඉතාමත්ම අපිරිසිදු මෙන්ම තැන තැන කුණු කසළ ගොඩ ගැසී ඇති ආකාරයත් දැක ගැනීමට හැකිවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි. 

බැතිමතුන්ගේ පාවිච්චිය සඳහා පවතින වැසිකිළිය පරීක්‍ෂා කිරිමේදී එහි පූතික වල බාහිර පරිසරයට විවෘත වීම නිසාත්, ඒවා පිරීම නිසාත් හමා එන දුර්ගන්ධය සම්බන්ධයෙන් මෙන්ම වැසිකිළි අවට මදුරුවන් බෝවන ස්ථාන විශාල වශයෙන් දක්නට ලැබෙන නිසාවෙන් විහාරාධිපති ස්වාමින් වහන්සේ මුණ ගැසී උන් වහන්සේට මේ ගැන පැවසීමට ගිය අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කරුණු විමසූ විට එම නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඉතා කලහකාරී අන්දමින් හැසිරුණු බව ඔවුන් පවසයි. 

කෙසේ වෙතත් මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් මීට සතියකට පෙර දී ස්ථානය පරීක්‍ෂා කර ජල සාම්පල් පරීක්‍ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේදී ද මීට දින තුනකට ඉහතදී ධූමායන කටයුතු සඳහා ගිය අවස්ථාවේදීද වාචිකව උපදෙස් ලබා දී ඇතත් මේ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැති ආකාරයක් පෙනී ගොස් ඇතැයි එම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කියයි. 

බැතිමතුන්ගෙන් වැසිකිළි පාවිච්චි කිරීම සඳහා රු 10.00 ක මුදලක් ලබා ගත්තද ඒවායේ කිසිදු සෞඛ්‍යාරක්‍ෂිත බවක් නොමැති බවත් දැඩි දුර්ගන්ධයක් පවතින බවත් මුළු පරිසරයම මදුරුවන් බොවීමට ඉඩකඩ ඇති තෝතැන්නක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටියි.
උපදෙස් දෙන්න ගිය පී.එච්.අයිලාට කුණුහරුපෙන් බැණ එළවලා

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK