WATCH Live CRICKET Select A Channel

17 November 2014

ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස් 15ක්

 
ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.
Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.
Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ලබා දෙන file sharing සේවාවන් පවා තිබුනා. ඒත් ඒ වෙනකොට තිබුනු අනෙක්ත් සේවාවන් වලට වඩා Dropbox හි වෙනස වුනේ සාමාන්‍යෙයන් අවශ්‍ය files පමණක් upload කරනවා වෙනුවට ඔබේ සියළුම files වුනත් upload කිරීමේ හැකියාව ලබාදීමයි. උදාහරණයක් විදියට ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න සියළුම ඡායාරූප dropbox වෙතට ස්වයංක්‍රීයව එක් කල හැකියි.
Amazon: ඇමසන් සමාගම ආරම්භ කලේ අන්තර්ජාලය හරහා පොත් විකුණන්නටයි. ඒත් ඒ කාලයේ කිසි කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත අන්තර්ජාල ගණුදෙනු සඳහා යොදාගන්නට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Shipping Cost ලෙස අමතර මුදලක් ගෙවන්නටත්, පොත් ලැබෙනකම් සතියක් විතර බලාගෙන ඉන්නටත් පාරිභෝගිකයින්ට සිදු වුනා. හැබැයි එසේ වුනත් පොත් සාප්පු වල රස්තියාදු නොවී අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්නට ක්‍රමක්‍රමයෙන් බොහෝ දෙනෙක් පුරුදු වුනා.
Virgin Atlantic: වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවාව ආරම්භ කල සමයේ එයත් දහස් ගණනක් ගුවන් සේවාවන් අතරින් එකක් විතරයි. ඒත් සාමාන්‍ය ගුවන් සේවාවකදී ලබාදෙන ආරක්ෂණ උපදෙස් මාලාව වෙනුවට, හාස්‍යජනක වීඩියෝවකින් ආරක්ෂණ උපදෙස් ලබාදෙන්නට වර්ජන් සමාගම තීරණය කලා. ඒ පුංචි වෙනස අනෙකුත් ගුවන් සේවා අභිබවමින් ඉහළටම පියඹා යන්නට වර්ජින්ට පියාපත් දුන්නා. ඒ වගේම සමාගමේ නමත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. :)

SEE ALSO: ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

Mint: මින්ට් කියන්නේ බැංකු තොරතුරු, මූල්‍යමය තොරතුරු එක්කාසු කර විශ්ලේෂණයට යොදාගන්න සේවාවන් සියගණනක් අතරින් එක් සේවාවක්. ඒත් කොළ පැහැ අක්ෂර රටා වලින් බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය වැඩි ආකාරයකින් පෙන්වූ නිසා එය අනික් ඒවා අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුකලා.
iOS: iOS මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමේදී බොහෝ දෙනෙක් ඒ ගැන අප්‍රසාදය පළකලා. ඒ වෙනකොට තිබුණු මිලියන ගණනක් Mac OS, Windows හෝ Linux භාවිත කල හැකි උපකරණ කිසිවකට මේ නව මෙහෙයුම් පද්ධතිය සහාය දැක්වූයේ නැහැ. ඒත් ඉතාමත් ටික කාලයකින් ලොව වැඩිම දෙනෙක් භාවිත කරන මෙහෙයුම් පද්ධති අතරට එන්නට මේ මෙහෙයුම් පද්ධතියට හැකි වුනේ iPhone ජංගම දුරකථන සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිසාමයි.
Google: ගූගල් කියන්නේ ලොව මුල්ම සෙවුම් යන්ත්‍රය නෙවෙයි. දෙවෙැනි සෙවුම් යන්ත්‍රයත් නෙවයි. 20 වැනියට නිකුත් කල සෙවුම් යන්ත්‍රය තමයි Google කියන්නේ. ඒත් ඒ වෙනකොට තිබුනු සෑම සෙවුම් යන්ත්‍රයකට වෙබ් පිටුව වෙළඳ දැන්වීම්, විවිධ අනවශ්‍ය අංගම වලින් පිරී තිබුනත් Google හි තිබුනේ කුඩා Text Box එකක් විතරයි. අන්න ඒ වෙනස තමයි Google ගේ සාර්ථකත්වයට හේතු වුනේ.

SEE ALSO: Google දෙවියා ගැන ඔබ නොදන්නා විශ්මිත කරැණු 10ක්

GitHub: නොමිලයේ ලබාදෙන මෘදුකාංග යොදාගෙන නොමිලයේ ලබාදෙන මෘදුකාංග නිර්මාණය කරන්නට සල්ලි වියදම් කරලා ගිණුමක් පවත්වාගෙන යන්නේ කවුද? ඒත් GitHub භාවිත කරන අය ඒ දේ කරනවා.
PayPal: වැඩි ආරක්ෂාවක් නැති AOL හෝ Yahoo ඊමේල් ලිපින යොදාගෙන මුදල් හුවමාරු කරන්නට අන්තර්ජාලය යොදාගනීවි කියන එක ඒ දවස් වල කවුරුත් විශ්වාස කලේ නැහැ. ඒත් අද වෙනකොට ලොව අංක එකේ මුදල් හුවමාරු වෙබ් අඩවිය බවට PayPal පත්වී හමාරයි.
Instagram: ෆිල්ටර්ස් ! ඔව් ෆිල්ටර්ස් විතරයි. ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනස්ම දිශාවකට යොමුකල මේ ඉන්ස්ටර්ග්‍රෑම් වල සාර්ථකත්වයට හේතු වුනේ මේ ෆිල්ටර්ස් ටික විතරයි.
LinkedIn: වෘත්තීය මට්ටමේ සමාජ ජාලයක්. මුලදී වැඩිදෙනෙක් කිව්වේ මේ අදහස කිසි වැදගැම්මකට නැති අදහසක් ලෙසයි. ඒත් අවුදුරු ගාණකට සැරයක් හරි රස්සාවක් හොයගන්න ඕන වුනාම LinkedIn භාවිත කරන පිරිස එන්න එන්න ඉහළගියේ සැවොම පුදුමයට පත්කරමිනුයි.
Tesla: බැටරි හදලා විකුණනවා වෙනුවට ටෙස්ලා සමාගම කලේ බැටරි වලින් සුපිරි කාර් එකක් හදලා විකුණන එකයි. ඊට අමතරව ටෙස්ලා බෙදාහැරීමේ ජාලයක් වගේම බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයකුත් මේ සඳහාම නිර්ාණය කරන්නට ටෙස්ලා සමාගමට සිදුවුනා.
SpaceX: නාසා සමාගමට හැකි නම් අපිට බැරි ඇයි. SpaceX හි නිර්මාතෘන් සිතුවේ එහෙමයි. ඒ අනුව ලොව ප්‍රථම අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරයේ ආරම්භකයා වුනේ SpaceX සමාගමයි. ඉතින් දැන් ඩොලර් මිලියන ගණනක් දීල අභ්‍යාකාශයට විනෝද චාරිකා යන්න පෝලිමේ ඉන්නත් වෙලා.
Firefox: පරිගණක අතරින් 90% පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සමඟම වෙබ් බ්‍රව්සරය පැමිණියත් කවුද FireFox සමාගම අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කලා. විශේෂත්වය වුනේ පහසුව සහ වේගය යි.
Twitter: ට්ව්ටර් වෙලාවකට Email වගේ, SMS වගේ, නැතිනම් RSS වගේ. හැබැයි ඒ හැමදෙයකටම වඩා සරල දෙයක් ට්විටර් සිදුකරන්නේ. කවුරුහරි කෙනෙක් කරන දේවල් දැනගන්න මේතරම් පිරිසක් කැමති වේ යැයි කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති නේද?

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK