2014-05-01 පොතුහැර අනතුරේ පාඩුව කෝටි 15යි
මෙම අනතුර ගැන සෙවීමට දුම්රිය සමාන්‍යාධිකාරීවරයා විසින් පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇත.දුම්රිය ගමනා ගමන අධිකාරී එල්. ආර්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රවාහන අමාත්‍යවරයාට සහ දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට භාරදීමට නියමිතය.දුම්රිය අනතුර සිදුවීමෙන් පසු ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම ඇණ හිට ඇත. පසුව කොළඹ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය පොල්ගහවෙල දක්වා සීමා කිරීමට දුම්රිය පාලන මැදිරිය කටයුතු කළේය.අද (1) දිනය වනවිට දුම්රිය ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්. ආර්. රත්නායක මහතා පැවැසීය.