WATCH Live CRICKET Select A Channel

01 May 2014

2014-05-01 බැංකු කොල්ලකරුවන් කොල්ල කෑම් 20කට හවුල්?
රාවතාවත්ත ,කොහුවල හා මාලබේ බැංකු තුනක් කඩා රුපියල්  ලක්ෂ තිස්පහක් කොල්ල කෑ බව කියන  දෙදෙනකු තවත් කොල්ල කෑම් 20 කට පමණ  සම්බන්ධ යැයි කොහුවල පොලීසිය කියයි.
මොවුන් හෙරොයින් මත් කුඩු ගැසීමට ඇබිබැහි වු  දෙනකු බවත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන බවත්  පොලීසිය කියයි.
කොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂයක් හා  රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් වැය කරමින්  මිලදී ගත් නවීන යතුරුපැදියක් ද  සොයා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කොළඹ සුපිරිවෙළඳ සල් , ඉන්ධන පිරවුම් හල් කොල්ල කෑම් රැසකටද මොවුන් සම්බන්ධ බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK