WATCH Live CRICKET Select A Channel

24 April 2014

24-04-2014 නිල්වලා ග‍ඟට දරුවන් විසි කළ

පිරිමියා සොයා පුළුල් පරීක්ෂණ


මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට බ්‍රහස්පතින්දා (24) උදේ විසි කරන ලද දැරියන් දෙදෙනා මේ වනවිට සුවය ලබමින් මාතර රෝහලේ හෙදියන්ගේ
සහ සාත්තු සේවිකාවන්ගේ අතින් අතට හුරතල් වෙමින් සිටිති. දැරියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා දිනූෂිට වයස අවුරුදු තුනකි.ඇගේ නැගණිය වන විහන්දිකා කාවින්දි දියණියගේ වයස අවුරුදු එකහමාරකි.
මෙම දැරියන් දෙදෙනා රැගෙන පැමිණි පුද්ගලයා මහානාම පාලම මත සිට අඩි තිස් පහක් පමණ පහළින් ගලා යන නිල්වලා ගඟට දැරියන් දෙදෙනා විසිකර තිබේ. නිල්වලා ගඟ මිනිමරු කිඹුලන්ගේ රජදහනකි. මෙම අපරාධය නිල්වලා ගඟ අසලම පිහිටි 3 වැනි ගැමුණු හේවා බලකායේ නිලධාරීන්ට දැන ගන්නට ලැබුණ ඇසිල්ලේ හමුදා සෙබලුන් කීප දෙනෙක් ගඟට පැන පිහිනා ගොස් දැරියන් දෙදෙනාගේ ජීවිත ගලවා ගෙන තිබේ. මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වහා ප්‍රතිකාර ලබා දී ඔවුන්ගේ ජීවිත බේරා ගන්නට රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමත් විය.
මාතර පොලිස් නිලධාරින් පවසන්නේ මෙම දරුවන් දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ ගැන වැඩිදුරටත් පරීක්ෂණ කරන බවත්ය. ඔවුන්ගේ පියා බාබර් සාප්පුවක් පවත්වා ගෙන ගිය බවට තොර
තුරු ලැබී ඇත. එහෙත් දරුවන්ගේ පවුල පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය කියයි.
“ අම්මා සමග රණ්ඩු වී තාත්තා තමන් හා නංගී රැගෙන පැමිණි බව” චතුරිකා දිනූෂි දැරිය පොලිසියට පව
සා ඇත.
මෙම පුද්ගලයා දරු දෙදෙනා ගඟට විසි කළ අවස්ථාවේ එතැන සිදු වූ සිද්ධිය ඇසින් දුටු කාන්තාවක් සොයා ගැනීමට මාතර පොලි
සිය පරීක්ෂණ පවත්වයි.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK