WATCH Live CRICKET Select A Channel

24 April 2014

24-04-2014 මාලු ලොරිය අස්සෙන් කේරළ ගංජා කිලෝ 153ක් අල්ලයි වටිනාකම රුපියල් කෝටි දෙකහමාරයි

KGකොළඹට ගෙන එමින් තිබූ රුපියල් දෙකෝටි හතළිස් පන්ලක්ෂයක් වටිනා කේරළ ගංජා තොගයක් මාලු ලොරියක් තුළ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් බදාදා (23) රාත්‍රී 11.30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
මාලු ලොරියේ ඉදිරිපස රිජිෆෝම් පෙට්ටි තොගයක් අසුරා තිබී ඇති අතර ඒවායේඅඩංගු වී තිබී ඇත්තේ මසුන් ය. ඒවාට පිටුපස ඝණ කඩදාසිවල ඔතා පාර්සල් කර තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 153 ග්‍රෑම් 200 ක් හමු වී ඇත්තේ වැඩිදුරටත් ලොරිය පරික්ෂා කරන විට දීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් අනුව බදාදා (23) රාත්‍රී මන්නාරම නගරය හා කල්ලඩි පරණ පාලම අතර මාර්ග බාධකයක් දමා මෙම ලොරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් අසු වූ විශාලතම කේරළ ගංජා තොගය මෙය බව පැවසේ. මීට පෙර කේරළ ගංජා කිලෝ 35 ක් මන්නාරමේ දී අත්අඩංගුවට ගෙන ඇත.
කේරළ ප්‍රාන්තයේ සිට මීට සති දෙකකට පමණ පෙර මන්නාරමට ලැබුණ මෙම කේරළ ගංජා තොගය නගරයේ තැනක සඟවා තබා කොළඹට ප්‍රවාහනය කරද්දී අසු වී තිබේ. ලොරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර දෙමළ ජාතිකයින් වන ඔවුන් වයස අවුරුදු 35 – 40 අතරේ පසුවන වෙඩිතලතිව් සහ මන්නාරමේ පදිංචිකරු‍වෝ බව තහවුරු වී තිබේ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK