WATCH Live CRICKET Select A Channel

24 April 2014

24-04-2014 වකුගඩු ජාවාරමේ යෙදුන කොළඹ දොස්තර

අල්ලන්න හයිද්‍රාබාද් පොලිසිය එයි
වකුගඩුවක් ලක්ෂ 5ට අරගෙන ලක්ෂ 30ට විකුණලා

Indiyan-police1ශ්‍රි ලංකාවේ කොළඹ නගරයේ වෛද්‍යවරයකු සමග අන්තර්ජාල සමාජ වෙබ් අඩවි හරහා සම්බන්ධ වෙමින් වකුගඩු ජාවාරමේ යෙදුන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන ඉන්දීය ජාතික පවන් සිරිනිවාස් සහ එන්. වෙන්කටේෂම් යන පුද්ගලයින් දෙදෙනා ඉන්දීය මධ්‍යම අපරාධ කාර්‍යංශයේ විශේෂකණ්ඩායමක් විසින් අත්අඩංගුවට  ගෙන තිබේ.

වකුගඩුවක් අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවටපැමිණ සිටියදී මියගිය බව කියන දිනේෂ් මරූගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ඉහත සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ ශ්‍රි ලංකාවේ වෛද්‍යවරයා පිළිබඳ තෙරතුරු අනාවරණය වී ඇත.
ශී‍්‍ර ලංකාව කේන්ද්‍ර කර ගනිමින් සිදුවන අන්තර්ජාතික වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට හෙට අනිද්දාම පැමිණීමට නියමිත යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ
, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන බව කියන වකුගඩුජාවාරම පිළිබඳව ඉන්දීය පොලීසිය තොරතුරු රැසක් මේ වනවිටත් අනාවරණය කර ගෙන ඇති බවය. ආන්ද්‍රා ප්‍රදේශ්හි විවිධප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 21 දෙනෙකු පමණ වකුගඩු ‍අලෙවි කිරීම සඳහාශ්‍රී ලංකාවට එවූ බව සැකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
ඒ වෙනුවෙන් එම සැකකරුවන්ට විශාල කොමිස් මුදලක් ලබා දී ඇති අතර මෙම
ජාවාරමේ මහ මොළකරු කොළඹ රෝහලක සේවය කරන වෛද්‍යවරයා බවට ඉන්දීය පොලීසියට වාර්තාලැබී ඇත. වකුගඩු ලබා දුන් පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා මුදලක් ගෙවන අදාළ වෛද්‍යවරයා එලෙස ලබා ගන්නා වකුගඩු රුපියල් ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වාමිල ගණන්වලට මෙරට රෝගීන්ට අලෙවි කර ඇතැයි, ඉන්දීය පොලීසිය උපුටා දක්වන ඉන්දීය මාධ්‍යපවසයි.
මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් ඉන්දියාවේ පූනේ
, මුම්බායි, අහමදාබාද්, හයිදරාබාද්, භුවනේස්වර් සහ කුරුක්ෂේත්‍ර යන ප්‍රදේශවල සිටින බව දහෙළි වී ඇත. වකුගඩුවක් අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී මියගිය බව කියනදිනේෂ් මරූ සමග පැමිණ සිටි කිරන් කුමාර් නැමැති ඉන්දීය තරුණයා ද සියවකුගඩුව මෙම වෛද්‍යවරයාට විකුණා ඇති අතර ඔහුට ඒ වෙනුවෙන් රු. ලක්ෂ 3.9ක් හිමි වූ බව ඔහු ඉන්දීය ජනමාධ්‍ය හමුවේ පැවසුවේය. 

Indiyan-police2වකුගඩු ජාවාරම පිළිබඳව විමර්ශනය සඳහා හයිදරාබාද් පොලීසිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය පොලීසිය පවසයි. හයිද්‍රාබාද් පොලීස් කොමසාරිස් අනුරාග් ෂර්මා මහතා ඒ බව පැවසීය. කෙසේ වෙතත්මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොලීසිය වෙත තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.එහෙත් ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණ ශ‍්‍රී ලංකා පොලීසියේ සහය ඉල්ලා සිටියහොත් එය ලබාදීමට සූදානම් බවද ඒ මහතා පවසයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK