WATCH Live CRICKET Select A Channel

29 April 2014

29-04-2014 කඩුගන්නාවේදී කෝටි 25ක මැණික් කොල්ල කයි

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානය ආසන්නයේ ඇති හෝටලයක් තුළදී ඊයේ (28)  දහවල් සිදු වූ රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් ඇති මැණික් ගල් පැහැර ගැනීමක් ගැන පුළුල් ‍පොලිස් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.එම පැහැර ගැනීම කර ඇත්තේ මැණික් මිලදී ගැනීමේ ගනුදෙනුවකට එහි පැමිණි පුද්ගලයකු විසිනි. විවිධ වර්ගයේ මැණික් ගල් 09 ක්  එසේ පැහැර ගැනීමට ලක්ව තිබෙන බව මාවනැල්ල
‍පොලීසිය සඳහන් කරයි.

එම මැණික් ගල් තොගයේ හිමිකරු මහනුවර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික අලෙවිසල් හිමිකරුවෙකි. බ්‍රෝකර්වරයකු හරහා එම මැණික් මිලදී ගැනීමට පුද්ගලයකු මැණික්  ව්‍යාපාරිකයා සමග විටෙන් විට අදහස් පළකර අවසානයේදී මැණික් ගල් 09 පැහැර ගෙන ඇති බව ‍පොලීසිය කියයි.
කොළඹ ස්ථාන කිහිපයකදීම මුණගැසී ගනුදෙනු කථා බස් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (28) නියමිතව තිබි ඇත්තේ ගනුදෙනුව අවසන් කිරීමටය. මැණික් ගල්වල හිමිකාර ව්‍යාපාරිකයාට අයත් පහළ කඩුගන්නාව හෝටලය තුළ එම ගනුදෙනුව කිරීමට තීරණය කරගෙන තිබේ.
ඒ අනුව ඊයේ (28) දහවල් මැණික් ව්‍යාපාරිකයා මැණික් ගල්ද රැගෙන තම හෝටලයට පැමිණ ඇති අතර බ්‍රෝකර් සමග මැණික් මිලදී ගැනීමට සූදානමින් සිටි පුද්ගලයා පැමිණ ඇත.
එහිදී මැණික් ගල් නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය බව ගනුදෙනුකරු පවසා මැණික් ගල් පරීක්ෂා කරන්නට පටන්ගෙන එකවරම එම ගල් කැට 09 ද රැගෙන හෝලයෙන් පිටතට දිවවිත් ඔහු පැමිණි මෝටර් රථයේ නැගී පලා ගොස් ඇතැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම මෝටර් රථයේ තවත් අයෙක් සිට ඇති බවත්, ඔහු මෝටර් රථයේ ඇන්ජිම ක්‍රියාත්මක කොටගෙන රියැදුරු අසුනේ සිට ඇති බවත් එම නිලධාරියා කීය.
ගනුදෙනු කතාබහ සිදුවූ ස්ථානවල ආරක්ෂිත කැමරාවල මැණික් කැට පැහැර ගත් පුද්ගලයාගේ ඡායාරූප සටහන්ව ඇති බැවින් එම ඡායාරූප සහ දුරකථන ජාල පරීක්ෂාවන් ඔස්සේ ඉදිරි විමර්ශන සිදුවන බව ‍පොලීසිය කියයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK