WATCH Live CRICKET Select A Channel

28 April 2014

‘ස්වප්නා’ගේ සිහිනය සැබෑ වෙයි 28-04-2014

මේ දිනවල විකාශය වන ‘ස්වප්නා’, ඉන්දීය ටෙලි වෘත්තාන්තය ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි. මේ ටෙලි වෘත්තාන්තය ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේත් ප්‍රසාදය දිනා ගන්නට සමත් වී තිබෙනවා. එරට තුළ මෙය විකාශය වන්නේ ‘දියා ඕර් බාටි හම්’ යන නමින්. මෙහි ප්‍රධාන නිළිය දීපිකා සිං. ඇය නිරූපණය කරන්නේ සන්ධ්‍යාගේ චරිතයයි.
ටෙලි වෘත්තාන්තයේ අධ්‍යක්ෂවරයා,
රෝහිත් ගෝයාල්. ඔහු සහ දීපිකා අතර පෙම් සබඳකමක් ලියලමින් තිබෙන බව දැන් බොහෝ දෙනෙකුට රහසක් නොවෙයි. නුදුරු දිනයකදී
රෝහිත් සහ දීපිකා අතිනත ගන්න බලාපොරොත්තුවෙන් පසුවෙනවා. මේ ආරංචිය පැතිර යද්දී ඒ සමඟම තවත් කට කතාවක් පැතිරිලා ගිහින්. සමහරු කියන්නේ විවාහයෙන් පසුව රංගනයෙන් ඉවත් වීමට දීපිකා තීරණය කර ඇති බවයි. ඒ වුණත් අධ්‍යක්ෂ රෝහිත් පවසන්නේ එය බොරුවක් කියලයි. “බැන්දට පස්සෙ දීපිකා රඟපෑමෙන් ඉවත් වෙන්නෙ නැහැ. එයා දිගටම රඟපාවි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඇත්තටම, මම දීපිකාගේ ඉදිරි ගමන ගැන සතුටු වෙනවා. ඒ වගේම ආඩම්බර වෙනවා” රෝහිත්, පසුගිය දා ඉන්දීය මාධ්‍යයක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී එලෙස කියා සිටියා.
දීපිකා, ස්වප්නා’ ටෙලි වෘත්තාන්තයේ පෙම්වතා සමඟ පෙම් රැඟුම් නිරූපණය කරන්නේ ලගන්නා අයුරින්. (පෙම්වතා ලෙස රඟන්නේ අනාස් රශීඩ්) ඒ ගැන හි‍තේ කහටක් නැතිදැයි මේ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රශ්නයක් නැගුණා. එයට රෝහිත් මෙලෙස උත්තර දුන්නා... “දර්ශන තලයේදී අපි අපේ පෞද්ගලික ජීවිත ටෙලි නාට්‍යයත් එක්ක පටලවා ගන්නෙ නැහැ. ඒ නිසා මමවත් දීපිකාවත් ඒ වගේ රඟපෑම් ගැන කලබල වෙන්නෙ නැහැ. අපි දෙන්නා අතරෙ ඒ ගැන කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ.”
නුදුරු දිනයකදී සිදුවන විවාහය ගැනත් ඔහු කතා කළා... “විවාහයක් සිද්ධ වෙන්නෙ ජීවිතේටම එක් වතාවයි. ඒක ආශිර්වාදයක්.” දීපිකා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ විවාහයෙන් පසුවත් තමන් රෝහිත්ව සුපුරුදු ලෙසින් අමතන බවයි. ඇය ඔහුව කවදත් ඇමතුවේ ‘සර්’ යනුවෙන්.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK