WATCH Live CRICKET Select A Channel

28 April 2014

තනිකඩව හිටියා දැන් ඇති


 තුෂාරි වේහැල්ල
“රත්තරු” ටෙලි නාට්‍යයේ තිවංකගේ ආදරය පැතූ නිශා ඔබට මතක ද? නිශාගේ චරිතය නිරූපණය කළ ඇය යොවුන් රංගන ශිල්පිනී තුෂාරි වේහැල්ල. තුෂාරි මේ වන විට රංගන ක්ෂේත්‍රයේ මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ ද තම ස්ථාවරත්වය ගොඩනඟාගෙන ඇත. පසුගිය දිනෙක අප තුෂාරිට කතා කළේ ඇයගේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒමේ අදහසිනි.

තුෂාරි කොහොම ද මේ සැරේ සිංහල අලුත් අවුරුද්ද හොඳින් සැමරුවා ද?

සමහර අවුරුදුවලට මම යාළුවොත් එක්ක ට්‍රිප් යනවා. මේ අවුරුද්දේ මම හිටියේ අම්මත් එක්ක ගෙදර. හැමදාම අවුරුදු වගේ ඉන්න නිසා විශේෂ සූදානමක් වුණේ නෑ. නමුත් කැවුම් කොකිස් හැදුවා. අම්මත් එක්ක අවුරුදු චාරිත්‍ර කළා.

මොනවද මේ දවස්වල යෙදිල ඉන්න වැඩ කටයුතු?
මේ දවස්වල රූපගත කිරිම්වලට නම් වැඩිපුර සහභාගි වෙන්නෙ නෑ. නමුත් මනාලියන් දැක්මවලටත් මෝස්තර නිරූපණයටත් ඉදිරිපත් වෙනවා. එවගේ වැඩ ගණනාවක්ම ඉදිරියේ දී තියෙනවා. නිල්වලා ආයතනයේ කරන අලුත්ම ටෙලි නාට්‍යයේ රූපගත කිරිම් මේ මාසේ අගදී පටන් ගනීවි කියලා හිතනවා. ඒ වගේම වේදිකා නාට්‍යයකටත් ආරාධනයක් ලැබිල තියෙනවා. ඒක කොමඩි වේදිකා නාට්‍යයක්. මම රඟපෑ “ආදර දෑසක්” ටෙලි නාට්‍ය ජුනි මාසයේ පටන් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වේවි.
ඒ වගේම පසුගිය දවස්වල සිංහල අවුරුදු උත්සව කීපයකම අවුරුදු කුමරිය තේරීමේ විනිශ්චය මණ්ඩලයටත් සහභාගි වුණා.

ඔබත් රංගනයෙන් දායක වුණු “රන්තරු” ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර බොහෝ ජනප්‍රිය වුණා නේද?
ඇත්තෙන්ම ඔව්. ‘රන්තරු’ ටෙලි නාට්‍ය ගොඩක් දෙනෙක් හැඳින්වූවේ ‘කේක් කතාව’ කියලා. මෑතදි මම රඟපෑ ටෙලි නාට්‍ය අතරින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණේ ‘රන්තරු’ ටෙලි නාට්‍යයට කිව්වොත් හරි. විශාල පිරිසක් ඒ ටෙලි නාට්‍යය නරඹල තියෙන බව ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පෙනුණා. බාල, මහලු, තරුණ පිරිස් වයස් භේදයකින් තොරව ‘රන්තරු’ නරඹල තිබුණා. හැබැයි කුඩා ළමයි මේ ටෙලි නාට්‍යයට විශේෂ කැමැත්තක් දැක්වූ බව මඟතොටේ යන විට මට පේනවා. පසුගිය දවස්වල පාරේ යන විට පවා මාව හඳුනාගත්ත ළමයි ‘කේක් අක්කා’ ‘කේක් අක්කා’ කියල කෑගහපු අවස්ථා තිබුණා. ඒ වගේම සමහර ළමයි ඇහුවා ‘ඇයි අක්කේ ඔයා ඔච්චර නපුරු’ කියලත්. වැඩිහිටියන් මට කිව්ව කතාවක් තමයි ‘රන්තරු’ ඒ අය ගොඩක් කාලෙකින් නරඹපු හොඳ ටෙලි නාට්‍යයක් කියලා.

ඔබට මෙතෙක් රඟපාන්න ලැබිල තියෙන චරිත බොහොමයක් නපුරු චරිත කිව්වොත්...?
ඔව් ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඒ; මට චරිත ලැබෙන විදිය තමයි. මම මුලින්ම නපුරු චරිතයක් කළේ ‘කාව්‍යා’ ටෙලි නාට්‍යයේ. ඉන් පසුව බොහෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු මට කතා කළේ නපුරු චරිත රඟපාන්න. නමුත් නිල්වලා ආයතනයෙන් කරන ‘ආදර දෑසක්’ ටෙලි නාට්‍යයේ මම කරන්නේ අහිංසක චරිතයක්. එය ළඟදීම දැකගන්න ලැබේවි.

තුෂාරි... ඇත්තටම ඔබ නපුරු ද?
නැහැ, මම නපුරු කෙනෙක් නෙමෙයි. ඒ බව මාව ළඟින් ඇසුරු කරන අය දන්නවා. හැබැයි



කවුරුහරි මට හොරයක්, බොරුවක් කළොත්, අසාධාරණයක් කළොත් එතැනදී මම නපුරුයි තමයි.

නපුරු චරිත රඟපෑම අසීරු ද?
නපුරු චරිත රඟපෑම මට නම් අමාරු නෑ. ඒක රඟපෑමක් විතරයිනේ.
ඔබ රඟපාන්න කැමැති චරිතයක් එහෙම තියෙනවා ද?
එහෙම විශේෂම චරිතයක් කියල නැහැ. නමුත් මම අද්භූත චරිතයක් රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා. මම ඒ විදියේ රඟපෑමක් කළා. අමරසිරි පීරිස්ගේ ‘රාධා’ ගීතයට කළ රූප රචනය වෙනුවෙන්. ඒ රුප රචනයට 2011 අවුරුද්දේ හොඳම රූප රචනයට හිමි සම්මානය හිමි වුණා.
ඔබ රඟපාන්න වඩාත්ම කැමැති කුමන නළුවා සමඟ ද?
එහෙම විශේෂත්වයක් නෑ. අපේ ක්ෂේත්‍රයේ ඉන්න බොහොමයක් නළුවන් මගේ යාළුවො, සහෝදරයො කියලයි මම හිතන්නේ. ඒ නිසා විශේෂයෙන් මම රඟපාන්න කැමැති අහවල් නළුවා සමඟ ය කියල කියන්න බැහැ.

සිනමාව තුළ ඔබ වැඩිපුර දකින්න නැත්තේ ඇයි?
රංගනයේ උපරීමය පෙන්වන්න පුළුවන් තැන තමයි සිනමාව. මම හරිම කැමැතියි හොඳ සිනමා නිර්මාණවල රඟපාන්න. මේ වන විට මම චිත්‍රපට 4 ක රඟපාල තියෙනවා. ඒ; ‘ආදර පූජාසනේ’, ‘වැඩ අපේ වෙඩි වගේ’, ‘සර් ලාස්ට් චාන්ස්’, ‘සුදු හංසි’ කියන චිත්‍රපට. මම විශ්වාස කරනව ඉදිරියේදී සිනමාවේ මට හොඳ අවස්ථාවක් ලැබෙයි කියල.

දැන් ඉතින් තනිකඩව හිටියා ඇති නේද?
ඇතිනම් තමයි. ඒත් මම හොයන කෙනා තවම හමු වුණේ නැහැනේ. ආදරයක, ප්‍රේමයක කෙළවර විවාහය කියලා මම විශ්වාස කරනවා. විවාහයෙන් ඇතිවෙන බැඳීම ජිවිත කාලයෙම තියෙන්න ඕන. ඒ නිසා විවාහය ගැන ඉතාම නිවැරැදි තීරණයක් ගන්න ඕන. මම සොයන මට සුදුසු කෙනා තවම හමු වුණේ නෑ. මම හිතනව ඉදිරියේදී හමුවෙයි කියලා.

මොනව ද ඔහුට තියෙන්න ඕන සුදුසුකම්...?
විශේෂයෙන්ම ඔහු හොර බොරු වංචා නැති සැර පරුෂ නැති කෙනෙක් වෙන්න ඕන. ඒ ගතිගුණ පැත්තෙන්. බාහිර පෙනුමෙනුත් ඔහුට හොඳ පෞරුෂයක් තියෙන්න ඕන.

කලා ක්ෂේත්‍රයේ කෙනෙකුගෙන් හෝ රසිකයකුගෙන් හෝ ඔබට මංගල යෝජනාවක් ලැබිල නැත්ද?
නැහැ තවම එහෙම යෝජනාවක් ලැබිල නෑ.

ඔබේ උපන් දිනය කවදා ද?
අප්‍රේල් 26 වැනිදා.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK