උමාර් අක්මාල් ගේ විවාහ උත්සවයට පොලිසිය
කඩා වැදුණේ ඇයි? 28-04-2014
කතාබහට ලක්වුණු පුවතක් . විවාහ උත්සවය පැවැත්වුණේ අප්‍රකට ගොවි පොළකදී වුණත් බැලු බැල්මට ජනප්‍රිය චරිතයක් වටා සිදුවන සිදුවීම් වලට මාධ්‍ය ඔස්සේ වැඩි
ඉඩ කඩක් වෙන් වීම සාමාන්‍ය දෙයක්. එය එසේ වුණත් උමාර් ගේ විවාහ උත්සවය දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ උණු කැවුම් සේ දස දෙස පැතිර යන්නට තරම් කාරණාවක් තිබුණා. ඒ උත්සවශ්‍රීයෙන් පැවැති මංගල දිනයේ අවසානය කලබැගැනියක් ජංජාලයක් බවට පත් වීම නිසයි.
මංගල උත්සවය අතරතුරදි ප
23 වැනි වියේ පසුවන උමාර් ගේ මනාලිය වුයේ නුර් අම්නා නමැති සුරූපිනියයි. තවත් ක්‍රිකට් තරු පරපුරකින් පැවත එන ඇය හිටපු ප්‍රවිණ පකිස්ථානු ක්‍රිකට් ක්‍රිඩක අබ්දුල් කාදර්ගේ දියණියයි. විවාහයට පෙර සිටම උමාර් - නුර් මංගල්‍යය එරට මාධ්‍යයට රස බර පුවතක් වූයේ මංගල්‍යය වෙනුවෙන්ම වෙනස් වු උමාර් ගේ කොණ්ඩා විලාසිතාව ඇතුළු විවාහ උත්සවය වෙනුවෙන් මිලදී ගත් මිලෙන් අධික සළු පිළි නිසාවෙනි.
පන්ජාබ් ක්‍රමයට පැවැති සාම්ප්‍රදායික විවාහ උත්සවයක් වු මෙහි එම සම්ප්‍රදායට අනුව සාදයට පැමිණෙන ආරාධිතයන් සඳහා විශාල බන්දේසියක (සවාන්) ආහාර පිළිගැන්විය යුතු මුත් ඔවුන් ඒ සඳහා දිසි කිහිපයක් යොදා ගෙන තිබිමත් උමාර් ගේ නීති විරෝධි ක්‍රියාවලියේ තවත් එක් අංගයකි. කෙසේ නමුත් මේ සිදුවිම සම්බන්ධයෙන් උමාර් ඇතුළු පිරිස සමාව ඉල්ලා ඇති අතර ඔහු එරට ජනතාව අතරේ'ජාතික විරයෙකු ' වන නිසාවෙන් එරට පොලීසිය ඔහුට සමාව දී ඇති බවද වාර්තා වේ. මීට මසකට ඉහතදි ද මාර්ග නීති කඩ කිරීම නිසා ඇති වූ සිදුවිමකදී උමාර් පොලිස් බලධාරින් සමඟ කලබගෑනියක් ඇති කර ගත්තේය.