WATCH Live CRICKET Select A Channel

30 April 2014

30-04-2014 මුහුණු ආවරණ හෙල්මට් පැළඳගෙන බැංකුවලට ගේම් දුන්න දෙදෙනා දැලේ












         




පසුගියදා අඛණ්ඩව සිදුවූ සම්පූර්ණ මුහුණු ආවරණ හිස්වැසුම් යොදා ගනිමින් සිදුකළ බැංකු කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සහ ඔවුන්ට රැකවරණය ලබාදුන් පුද්ගලයකු කොල්ල කෑමට යොදාගත් යතුරුපැදි හා ගිනි අවි සමග ඊයේ(28) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටිය දී සී.සී.ටී.වී කැමරාවල සටහන් දර්ශන උපයෝගී කරගනිමින් උපාය දූතයකු යොදාගෙන කළ මෙහෙයුමක් මගින් කොහුවල පොලිසියේ නිළධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ඊයේ(28) පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරුගිරිය, කොහුවල, රාවතාවත්ත ආදී බැංකු කොල්ලකෑම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් බවට හඳුනාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සැකකරුවන් දෙදෙනා ගෝනපොළ පිළියන්දල සහ ගල්ගමුව විහාර වැව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35-38 වයස්වල පසුවන්නන් වේ.
කොල්ලකෑම් සඳහා භාවිත කළ යතුරු පැදි තුනක්, දේශීය වශයෙන් නිෂ්පාදිත ගිනි අවියක් ඒවාට භාවිත කරන උණ්ඩ , සම්පූර්ණ මුහුණු ආවරණ හිස්වැසුමක්, පිහියක්, ජැකට්, මුදල් ගෙන යාමට භාවිත කළ බෑගයක් හා කොල්ල කෑ මුදල්වලින් මිලදී ගත් මෝටර් රථයක් ‍මේවන විට ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
තවදුරටත් මෙම සැකකරුවන් රඳවාගැනීමේ නියෝග මත රඳවා ගනිමින් මොවුන් සිදුකරන ලද ‍කොල්ලකෑම් හා මොවුන්ට රුකවරණය ලබාදුන් පුද්ගලයන් කොල්ලකා ඇති මුදල් පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවත් මෙම සැකකරුවන් අධික ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වුවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවැසීය.....
සම්පූර්ණ මුහුණු ආවරණය කරගනිමින් කොල්ල කෑම් සිදුකළ පුද්ගලයන් පොලිසියට ලබාදුන් අභියෝගය අප ජය ගනිමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුකළා. කිසිවිට පොලිසියේ ඇස් වසා සැඟව සිටිය නොහැකියි. ‍පසුගිය මාස හතර තුළ කොළඹ අවට ප්‍රදේශවල කොල්ලකෑම් සිද්ධි දහසයක් වාර්තා වූවා. මේ වන විට ඒ හැම සිද්ධියක්ම අප ක්‍රමානුකූලව විසඳමින් සිටිනවා.
සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස්වැසුම් යොදා ගනිමින්දෙසැම්බර් 26 දින මාලබේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 15 ක්, පෙබරවාරි 24 කොහුවල පෞද්ගලික බැංකුවකින් දොලොස් ලක්ෂ විසි එක් දහසක්, පසුගිය 24 ‍මොරටුව පෞද්ගලික බැංකුවකින් හත්ලක්ෂ හැත්තෑ හත්දහසක් කොල්ලකෑම් පසුගිය දා සිදුවුනා.
මේ සම්පූර්ණ කොල්ලකෑම්වල විටිනාකම තිස්පන් ලක්ෂයකට ආසන්නයි. මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් අවසන් වූ වහාම ඉතිරි කොල්ලකෑම් හා ඒවායේ සුලමුල ද සොයා ගත හැකිවනවා.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, ගල්කිස්ස දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර කරවිට යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොහුවල පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය මහතාගේ මෙහෙයවීමෙන් එහි නිළධාරින් විසින් සිදුකර තිබේ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK