WATCH Live CRICKET Select A Channel

22 April 2014

මර්වින් සිල්වා කැළණියෙන් පලා යයි.

පසුගිය සති අන්තයේ සාකච්ඡාවකට එක්වෙමින් ඇමති මර්වින් සිල්වා ප්‍රකාශ කර සිටියේ තමා තවත් මාස 6 කට පසු කැ,ණියෙන් ඉවත්ව යන බවයි ඉන්පසු දකුණට රජ රටට හෝ ඌවට යන බවද ඔහු ප්‍රකාශ කළා
ඔහු ඒ ගැන කියා සිටියේ 
මම කැලණියේ ආරම්භ කළ වැඩ කොටසේ තව ටිකක් තියෙනවා  මට අවශ්‍යකම තියෙනවා කැලණිය පුණ්‍ය භූමියක් කරන්න මම කැලණියේ සිටියදී අවුරුදු 1යි මාස 8ක් මට මගේ වැඩ කොටස කරගෙන යන්න අවස්තාව ලබුණෙ නැහැ අවුරුදු 1යි දවස් 12ක්
මම කැලණියේ සංවිධායක ධුරයෙන් ඉවත්වී සිටියා මම නැවත පසුගීය ජනවාරි මාසයේ කැලණියේ වැඩ භාර ගත්තා.තව මාස හය හතකින් මම බලාපොරොත්තු වන කැලණියේ වැඩ කොටස අවසන් කරනවා

එයට මා සමග සිටින කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 4 දෙනාගේත් පෑලියගොඩ නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේත් ශාඛා සමිති තරුණ කාන්තා සමිති වලත් සහය ලැබෙනවා දැන් ඒ පිරිසට හිටපු පළාත් සභා මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රෙහෙන්සිරි වරාගොඩ මහතා එක්වී සිටිනවා එතුමා මගේ වැඩ කටයුතු වල නායකත්වය ගෙන තිබෙනවා.

මම බෙන්තරෙන් මෙහා පැත්තට ආවේ එහා පැත්තේ ඉදලා.නැවත මට බෙන්තරින් එහා පැත්තට යන්න පුළුවන්.කැලණිය පසුකර රජරට පැත්තට යන්නත් පුළුවන්.ඌව සබරගමු පැත්තට යන්නත් පුළුවන්.කොතන ගියත් ජනතාව  මට ආදරය කරනවා.එම නිසා කැලණියේ වැඩටික අවසන් කළායින් පසුව තවත් දුර්වල ආසනයක් කොතනද තියෙන්නේ කියලා සොයා බලනවා

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK