WATCH Live CRICKET Select A Channel

22 April 2014

නාරම්මල මයුර පාද විදුහලේත් රහස් කාමරයක්.

කාන්තා ශිෂ්‍ය බටවියන්ට ඇදුම් මාරු කරන්න විදිහක් නැහැ
දුරාචාර ගොඩක් සිදු වෙනවා.


නාරම්මල මයුරපාද මාධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා

එම විද්‍යාලය තුල රහස්‍ය කාමරයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි.
ඔහු සිය කාමරය ලෙස සකස් කරගෙන ඇත්තේ විද්‍යාලයේ ශිෂ්‍ය භට නිවෙස්නයේ කොටසකි.
නාරම්මල මයුරපාද මාධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි ඉන්ද්‍රා කුමාරි මහත්මිය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව එම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා විසින් මයුරපාද විද්‍යාලීය පිරිමි සහ කාන්තා ශිෂ්‍යබට කණ්ඩායම් වල පරිහරණය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකර පරිත්‍යාග කර තිබේ.
මෙම ගොඩනැගිල්ලේ කාන්තා ශිෂ්‍ය භටයන් සඳහා වෙන් කර තිබෙන කොටස විදුහල්පතිවරයා සිය පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති අතර එම කාමරයේ ජනෙල වීදුරු සියල්ලම කඩදාසි අලවා ආවරණය කර තිබේ.
තම පුද්ගලික පාවිච්චිය සඳහා ඇඳක්,ගෑස් කුකරයක්,රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළු ගෘහ උපකරණ රාශියක් විදුහල්පතිවරයා මෙම කාමරයට ගෙනවිත් ඇති බවද තතු දත්තෝ පවසති.මෙම කාමරයේ යතුරු සියල්ලම විදුහල්පතිවරයා භාරයේ පවතින බවද ඔහුගේ සමීප හිතවතුන්ට හැර අන් අයට එම කාමරයට ඇතුළු වීමට ඉඩ නොදෙන බවද වාර්තා වෙයි.
වත්මන් විදුහල්පතිවරයා ඇතුළු ඔහුගේ හිතවතුන් මත්පැන් පානය කිරීම සඳහා මෙම කාමරය යොදාගන්නා බවටද වාර්තා වන අතර මෙම කාමරය තුල දුරාචාරයන් රැසක් සිදුවන බවට මයුරපාද විදුහලේ ආදී සිසුන් කියති.
කාන්තා ශිෂ්‍ය භටයන් සඳහා වෙන්කර තිබෙන කොටසෙහි විදුහල්පති වරයා බලහත්කාරයෙන් පදිංචි වී සිටීම නිසා විද්‍යාලයේ කාන්තා ශිෂ්‍ය භට සිසුවියන්ට ඇදුමක් හෝ මාරු කර ගැනීමට ස්ථානයක් නොමැතිව අසරණ වී සිටියි.විදුහල්පති වරයා මෙම ශිෂ්‍ය භට නිවෙස සිය පෞද්ගලික පරිහරණයට වෙන් කරගෙන සිටින්නේ නාරම්මල මයුරපාද විද්‍යාලය සතුව ස්ථීර විදුහල්පති නිල නිවසක් පවතින විටදී සහ එය කිසිවකුගේ පදිංචියෙන් තොරව හිස්ව තිබියදී වීම විශේෂත්වයකි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK