WATCH Live CRICKET Select A Channel

23 April 2014

අපිට ආණ්ඩු පෙරළන්නත් පුළුවන් ආණ්ඩු හදන්නත් පුළුවන් - බෝ.බ.සේ.- ( Video )

බොදු බල සේනා සංවිධානයට අවශ්‍ය නම් ආණ්ඩු පෙරළීමට හැකි බවත්, අවශ්‍ය නම් ආණ්ඩු ඇති කිරීමට හැකි බවත් එම සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. 

නමුත් රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමට තම සංවිධානට කිසිදු අරමුණක් නොමැති බවද ඊයේ(22)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියාය. 

එසේම බොදු බල සේනාව කුමන්ත්‍රණය කරන බව ඇතැම් ඇමතිවරු පවසන බවත් , එසේනම් එම කුමන්ත්‍රණ ඔප්පු කර පෙන්වන ලෙස තමන් ඇතුළු පිරිස මෙරටේ සිටින එම පඩත්තල ඇමතිවරුන්ට අභියෝග කරන බවත් ඥානසාර හිමි එහිදී කීවේය. 

තවද රවුෆ් හකීම් මහතා සහ තවත් මුස්ලිම් නායකයින් කිහිප දෙනෙකු එකතු වී මුස්ලිම් සහෝදරත්වය භීතියට පත් කර ඇති බවත්, මෙම පිරිස බොදු බල සේනාවත් සමඟ හැප්පී මුස්ලිම් ජනයා ඉදිරියේ වීරයෝ බවට පත්වෙන බවත්, උන්වහන්සේ කියා සිටියේය. 

එසේම වාසුදේව නානායක්කාර ඇමතිවරයා විසින් ජාතික ඒකාබද්ධතාවය ගැන කතා කරන බවත්, නමුත් එම ඇමතිවරයාගේ බිරිඳ විසින් ජීනිවා නුවරට ගොස් ලංකාවේ සමගියක් නොමැති බව ප්‍රකාශ කරන බවත් ගලබොඩඅත්තේ ඥානසාර හමි එහිදී අවධාරණය කළේය. 

වාසුදේව අමතිවරයා විසින් ‍බොරු ප්‍රකාශ කරත් ඔහු විසින් එක් සත්‍යයක් පිළිගෙන ඇති බවත්, එනම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ලංකාවේ සිටින බව ඔහු විසින් පිළිගෙන ඇති බවත් උන්වහන්සේ වඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය. 


එම වීඩියෝව - https://www.youtube.com/watch?v=yP261e4msDY

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK