WATCH Live CRICKET Select A Channel

24 April 2014

බුදුරුව පච්ච කොටාගත් බි‍්‍රතාන්‍ය කත රටින් පිටුවහල් කෙරේ

'බුදු රුවට නිගා කිරීමේ චේතනාවක් නැහැ' බුද්ධ රූපය පච්චයක් කොටාගත් කාන්තාව පවසයි,නිලධාරීන් ඇවිත් කිහිප වතාවක්ම මගෙන් සල්ලි ඉල්ලා සිටියා.
මුම්බායි සිට ගුවන් යානයකින් මෙරටට පැමිණි 37 හැවිරිදි නයෝමි කොලමන් නමැති
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඇගේ දකුණු අතේ බාහුවේ නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම හේතුවෙන් ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදී පසු ගිය දා (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කාන්තාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රටින් පිටුවහල් කිරීමට නියෝග ලබාදී මිරිහාන රැදවුම් කදවුරට භාර දෙන ලෙස නියෝග කෙරුණා.

බුදු රුව සහිත පච්චයක් අත් බාහුවේ කොටා තිබීම නිසා පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය කාන්තාව විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ තමාද බුදු දහම අදහන කෙකෙකු නිසා එයට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවයි. වැඩි දුර අදහස් දක්වමින් ඇය පවසා තිබුනේ
‘ගුවන් තොටුපලේ නිලධාරීන්ගෙන් කිසිදු ප්‍රශ්නයක් නොවු අතර ටැක්සි රියදුරන් දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක් ඇවිත් මෙය නීති විරෝධී බව පවසා අත්අඩංගුවට ගෙන . උසාවියට ඉදිරිපත් කර ඇති අතර ඇයට කතා කරන්න ඉඩ නොදුන් බවත් ඇය නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිත පච්චය කොටා ගෙන ඇත්තේ අන් අයට දර්ශනය වන ස්ථානයක නිසා ඇය ශ්‍රී ලංකාවට ඇතුල් වීමෙන් විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බව ඇය අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය පැවසු බවය.

පිටුවහල් කිරීමට පෙර සඳුදා රාත්‍රිය රැඳවුම් භාරයේ තබා ගත් බවයි නයෝමි කොලමන් කියා සිටියේ."මම රැඳවුම් මැදිරියේ ඉන්න කොට පොලිස් සහ රැඳවුම් නිලධාරීන් ඇවිත් කිහිප වතාවක්ම මගේ බෑග් මලු ඇදල පරීක්ෂා කර මගෙන් සල්ලි ඉල්ලා සිටියා". මීට පෙර දෙවතාවක් ලංකාවට පැමිණි බවත් ඉන්දියාව, නේපාලය, තායිලන්තය වැනි රටවල භාවනා වැඩසටහන්වලට තමන් සහභාගී වූ බවත් නයෝමි පවසනවා.

මාර්තු මාසයේ ද මෙලෙස බුද්ධ රූපයක් සහිතව පච්චයක් සමග ශ්‍රී ලංකාව ඇතුල්වීමට උත්සාහ කළ විදේශිකයෙක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අතර පසුගිය වර්ෂයේ දී ප්‍රංශ ජාතික සංචාරකයන් පිරිසකට බුද්ධ රූපයක් සිප ගැනීම හේතුවෙන් අත්හිටවූ සිරදඬුවම් නියම කරනු ලැබුණා.

2010 වසරේදී ලෝක ප්‍රකට ගායක එකොන්ට ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් අවලංගු කිරීමට සිදු වූයේ ද බුදු රුවක් ඉදිරිපිට ඊට අවමානයක් වන ආකාරයේ නර්තනයක් ඔහුගේ ගීතයක අඩංගු වීම නිසායි.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK