WATCH Live CRICKET Select A Channel

23 April 2014

තවත් ෆේස්බුක් මිතුරුදමක් අධිකරණයෙන් කෙළවර වෙයි.

නිරුවත් ඡායාරූප ෆේස්බුක් සමාජ අඩවියේ පළ කරන බවට තර්ජන කළ බවට චෝදනා එල්ලවූ තරුණයෙකුට මාස 9 ක සිර දඩුවමක් නියම කර එය වසර 5 කට අත්හිටුවන ලෙස නියම කර තිබෙනවා. ගලේවෙල - නීලගම පදිංචි වයස අවුරුදු 24 ක පමණ තරුණියක් සමග අදාළ තරුණයා මාස 9 ක පමණ කාලයක සිට ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය හරහා මිතුරු සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්. රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි මෙම තරුණයා ඉන් අනතුරුව තරුණියට ලිංගික බලපෑම් එල්ල කර තිබෙනවා. එසේ නැතහොත් තමන් සතුව ඇති ඇයගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස විකෘති කොට ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ පළ කරන බවටයි ඔහු තර්ජනය කර ඇත්තේ. ඒ පිළිබඳව අදාළ තරුණිය ගලේවෙල පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඉන් අනතුරුවයි අදාළ තරුණයා ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේ. එහිදී කරුණු සළකා බැලූ දඹුල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර අදාළ තරුණයා නිදහස් කර තිබෙනවා.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK