WATCH Live CRICKET Select A Channel

09 April 2014

අපේ කප් එක පිටරට මුල් පිටුවට - කාටද ආඩම්බර ?


තිබුණ ඉඩෝරය සනසන්න පිණි පොදක් නෙවෙයි නා කපන වැස්සක්ම ඇද වැටුණා. හැබැයි ඒ අපේ වාසනාවට කියලා නම් හිතන්න එපා.මේ කප් එක අපිට ලැබුණෙ පරිණත ක්‍රීඩකයනගේ අත්දැකීම් සහ තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තිය එකතු වෙලා හැදුන දක්ෂකම නිසයි.
අවුරුදු 18ක් තිස්සේ අපි ඉවසල හිටියේ අපේ නියම දක්ෂකම එළියට එනකං.අද වෙද්දි ඒ දේ යථාර්තයක් වෙලා. අපි 4 පාරක්ම ඇඩුවෙ අද

මේ විදිහට හිනාවෙන්න තිබුණ නිසා වෙන්න ඇති. කොහොම වුනත් 96 වගේම දැන් ඉතිං අපිට 2014 ත් මැරෙනකං අමතක වෙන එකක් නැහැ.
කැප්ටන් කූල්ගෙන් පස්සේ කැප්ටන් මාලි ලංකාවට ලෝක කුසලානයක් ගේනවා. විස්සයි විස්සේ නිත්‍ය නායකයා බංකුවෙ ඉදන් ලකුණු අතර ඉන්න ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා . සනත්, වාස් , අතපත්තු , ආනොල්ඩ් පිටියෙන් එළියෙ ඉදලා ආයිත් ක්‍රීකට් සෙල්ලං කරා. මහේල සංගා විස්සයි විස්සෙන් සමු ගත්තා. මේ තමයි 2014 ලෝක කුසලාන විස්සයි විස්ස අවසාන මහා තරගය ගැන ආයි ආයි කතා කරන්න තියෙන දේවල්. හැබැයි මේ මාතෘකා ගැන කතා කරන්නේ අපි විතරක් නෙවෙයි. ලෝකයේ ක්‍රීකට් සෙල්ලම් කරන හැම රටක්ම, ක්‍රීකට් ලෝකයේ සාර්ථකත්වය එක ලෙස රදවා ගත් කණ්ඩායම විදිහට හදුන්වන ලංකාවේ මේ ජයග්‍රහණය ගැන කතා වෙනවා.
ඒක ඔප්පු කරන්න සාක්ෂිත් හිරු ගොසිප් සතුයි. ශ්‍රී ලංකාව ලබපු ජයග්‍රහණය ගැන ක්‍රිකට් සෙල්ලම් කරන හැම රටකම ජාතික පුවත් පත් වල මුල් පිටුවෙන් ලොකු ඉඩක් වෙන් කරලා තිබුණා. ඒ අතර පාකිස්ථානය,එංගලන්නය වගේම පරාද වුණ ඉන්දියාවෙ පුවත් පත් මුල් තැනක් ගන්නවා. මෙන්න ඒ වගේ පිටරට පත්තර මුල් පිටු කිහිපයක්. හොදට ඇස් ඇරලා බලන්න, මේ කප් එක කොච්චර වටිනවද කියලා එතකොට තේරෙයි...








Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK